කුස පබා චිත‍්‍රපටයේ පබාවතී කුමරිය සිය පිරිවර කාන්තාවන් සමඟ දිය කෙලියට ගිය මොහොතක සොඳුරු රැුඟුමක් වෙනුවෙන් ගැයුණු මේ ගීතය පසුගියදා පැවැති හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලේ හොඳම ගායිකාව තේරූ ගීතය විය.
උරේෂා රවිහාරි වික‍්‍රමසිංහ නම් වූ අපේ කාලයේ ආදරණීය ගායිකාවගේ මියුරු ලයාන්විත හඬින් ගැයුණු මේ ගීතය කුසපබා චිත‍්‍රපටය වටා රසිකයන් පෙළ ගැස්වීමට සමත්වී යැයි කිවහොත් එහි අදියුරු මහැදුරු සුනිල් ආරියරත්නයන් මා හා අමනාප නොවනු ඇත. මන්දයත් ජල දහරාවේ ගේය කාව්‍යයේ රචකයාද ඔහුම වන බැවිනි.

කෙසේ වුවත් මේ ගීතය ඔස්සේ තවත්වරක් විශිෂ්ඨතම සිනමා ගීත පසුබිම් ගායිකාව ලෙස අබිසෙස් ලැබූ උරේෂා රවිහාරි සඳැල්ලේ සොඳුරු කතාබහකට කැඳවීමට අපට සිත්විය.
”උරේෂා අපි ජල දහරාවෙන්ම කතාව පටන් ගනිමු”
මම ඇයට ආරම්භයක් ලබා දෙමින් කීවෙමි.
”කුස පබා චිත‍්‍රපටයේ පබා කුමරිය ඇගේ පිරිවර කාන්තාවනුත් සමග ජලක‍්‍රීඩාව කරන හැටියි මේ ගීතයට අදාල නර්තනයෙන් පෙන්වන්නේ. මේ ගීතය ගායනා කරමු කියලා මට මුලින්ම දැනුම් දුන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. දවසක් දා ඔහු මට කතා කරලා ඔය පණිවිඬේ කිව්වට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්න මට කතාකරල මේ ගීතයෙ පදවැල වගේම එහි පසුබිම් රංගනය ගැනත් ගොඩක් කරුණු පැහැදිලි කළා.
ඒ මෙහොතේදී මට තේරුණා මේ ගීතය මෙතෙක් මා ගායනා කර තිබෙන ගීතවලට වඩා වෙනස්ම ගීතයක් බව. කොහොම හරි ඊට ටික දිනකට පස්සේ සුරේෂ් මාලියද්දගේ ස්ටූඩියෝ ඒකේදියි මේ ගීතය රෙකෝඞ් කළේ. ඒ වෙලාවේ රෝහණ සර් වගේම සුනිල් සර්ත් එතන හිටියා. අනෙක් අයත් මේ ගීතය මං හොඳට ගායනා කළ බව කීවා. ඒවගේම මේ ගීතයට සම්මානයක් ලැබෙන බව ෂුවර් කියලත් ඒ අය කිව්වා.
ඒ කිව්වාවගේම මේ ගීතයට හොඳ රසික ප‍්‍රතිචාරත්, ඕ.සී.අයි.සී සම්මානයත් හිමි වුණා. හිරු සම්මානයත් මේ ගීතයට ලැබීම මට සතුටක්.”
උරේෂා රවිහාරිට ලැබුණු පළමුවැනි සහ එකම සිනමා සම්මානය මෙය නොවේ. මීට කලිනුත් ඇය සිය ලයාන්විත ස්වරයෙන් ගැයූ ගීත ගණනාවක්ම සම්මානයෙන් පිදුම් ලබා ඇත.
”ඒ සම්මාන මොනවද උරේෂා?” මම ඇගෙන් අසමි
”අංජලිකා චිත‍්‍රපටයෙ ‘පායනා ඉර පාන කාගේ’ ගීතයට ජනාධිපති සම්මාන, සරසවි සහ ඕ.සී.අයි.සී. කියන සම්මාන තුනම ලැබුණා.
ආසයි මං පියාඹන්න චිත‍්‍රපටයේ ‘සමනල් හැඟුමන්’ ගීතයට සරසවි සම්මානයත් රෝස කැලේ චිත‍්‍රපටයට ගැයූ ‘වළාකුලට පාවෙන්න’ ගීතයට සරසවි සම්මානයත් උත්තරා චිත‍්‍රපටයට ගැයූ ගීතයට ඕ.සී.අයි.සී. සම්මානයත් ආදී වශයෙන් චිත‍්‍රපට ගීතවලට සම්මාන දොළහකුත් ටෙලි නාට්‍යවල තේමා ගීතවලට සම්මාන දෙකකුත් මට ලැබිලා තියෙනවා. මේ හැම චිත‍්‍රපට ගීතයකම සංගීතය රෝහණ වීරසිංහ ගේ වීම විශේෂත්වයක්.’’
|
ජල දහරාවේ කිංකිණි රාවේ
හිමකදු දියවී ගලන ජලාසේ
මිහිලිය හිනැහී රඟන වෙලාවේ |
මේ තරම් සම්මාන දිනාගැනීමට නම් උරේෂා චිත‍්‍රපටි කීයක නම්, ගී ගයා තිබිය යුතුද? සැබැවින්ම ඒ චිත‍්‍රපට ගණනින් අනූවද ඉක්මවා ඇත්තේය.
හෙට අනිද්දා වන විට ගැයූ චිත‍්‍රපට පසුබිම් ගීත සියයද ඉක්මවන උරේෂාට ඒ තරම් වාසනාවක් උදාවූයේ කෙසේද?
ඇත්තටම කොහොමද උරේෂා ඔයා මේ තරම් වාසනාවන්ත උණේ.?
මම ඇගේ මුහුණ බලමි.
”මගේ තාත්තගෙයි අම්මගෙයි කැපවීම තමයි මේ වාසනාවට හේතුව”
උරේෂා කියන්නේ බොහෝ හැඟුම්බරවෙමිණි.
”මං අම්මගෙ බඬේ ඉන්දැද්දි අම්මා තාත්තා එක්ක ජෝති රාත‍්‍රියට යනවලූ. තාත්තා ධර්ම ශ්‍රී වික‍්‍රමසිංහනෙ ජෝති රාත‍්‍රිය ඉදිරිපත් කල නිවේදකයා. තාත්තා මේ ප‍්‍රසංගවලට යන්නේ අම්මත් එක්කගෙන. ඉතින් සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක වගේ ගායිකාවන් ගී ගයන කොට අම්මා හිතුවෙම මටත් දුවක් හම්බ වුනොත් මේ වගේම ලස්සනට ගීත කියාවිනෙ කියලලූ.
‘‘අම්මා හිතුව වගේම දුවක් ලැබිලා ඒ දුවට ලස්සනට සිංදු කියන්න පුලූවන් වෙලා. ඉතින් මගේ වයස අවුරුදු අටේදී තාත්තා මාව වඩාගෙන ගිහිල්ලා පුටුවක් උඩින් හිටෝල කිව්වලූ ‘ශක්තිය ඔබයි අම්මේ’ චිත‍්‍රපටයේ තිබුණු සිංදුවක කොටසක් කියන්න. මේ සිංදුව කියල තිබුනේ සුජාතා අත්තනායකයි ටෝනි හසනුයි.
ඒ කියන්නේ මගේ පළමුවැනි ගීතයත් චිත‍්‍රපට ගීතයක්. එදා ඒ ගීතය ගායනා කරන්න මං මයික් එකටවත් උස ළමයෙක් නෙමෙයිලූ.’’
නුගේගොඩ සමුද්‍රදේවියෙන් හා මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවදියේදීම ගායිකාවක වූ උරේෂාගේ ළමා ගී එකතුවක් හුරතල් නංගී නමින් නිකුත්වූවේය. එය උරේෂාගේ අම්මා චන්ද්‍රා වික‍්‍රමසිංහගේ නිෂ්පාදනයකි.
”මගේ පළවෙනි කැසට් එක ඒක. ඊට පස්සේ සී.ඞී. තැටි පහළොවකට විතර ගීත කිව්වා.”
උරේෂා මට ඇත්තම කියන්න. ඔබට මේ තරම් චිත‍්‍රපට ලැබුණේ, ගායන ලෝකයේ ඉස්සරහටම යන්න අවස්ථාව ලැබුණෙ ඔබේ පියා ධර්ම ශ්‍රී වික‍්‍රමසිංහ වීම නිසා නේද?
මම අසමි.
උරේෂා මොහොතකට නිහඬව මගේ මුහුණ දෙස බලා සිටියි.
”ඒකෙ දෙපැත්තම තියෙනවා. එක පැත්තකින් තාත්තා මට ආශිර්වාදයක් වුණා තමයි. අනෙක් පැත්තෙන් මට කැපිලි කෙටිලි එන්නත් තාත්තා හේතුවක් වුණා.”
”මොනවා.... කැපිලි කෙටිලි....” මට පුදුම සිතේ.
අර තරම් ජනප‍්‍රිය තාත්තෙකුගෙ දුවකට කාගෙන්ද, කොහෙන්ද කැපිලි කෙටිලි?
”බොරු කියන්න එපා උරේෂා”
”සමහරු තාත්තා එක්ක තරහටද කොහෙද මගේ ගමනටත් උදලූ දැම්මා. ඒත් මම ක්‍ෂේත‍්‍රයේ කොයි කාත් එක්කත් හොඳයි. ප‍්‍රවීණයන්ටත් ගරු කරනවා. කොයිකාටත් සිනාවෙනවා. මම උරේෂා කියන්නේ වෙනම කෙනෙක් කියන එක අනිත් අය තේරුම් ගත්තට පසසේ මට තිබුණු බාධක නැතුව ගියා.”
”කොහොමවුනත් තාත්තා නොහිටියානම් මම අද මෙතන නෑ. ඒක මම පැහැදිලිවම කියනවා.”
උරේෂා අද වසර දෙකකට කිට්ටු බිළිඳකුගේ මවකි. වෛද්‍යවරයකුගේ බිරිඳක් වුවත් ඇයට ඇගේ ගායන ජීවිතයට සැමියාගෙන් ලැබෙන්නේද තල්ලූවකි. රුචිර නදීර නම්වූ ඔහු සිය සියළු වැඩකටයුතු අස්සෙත් උරේෂාව සංගීත ප‍්‍රසංගයකට හෝ ගීත පටිගත කිරීමකට හෝ කැඳවාගෙන යෑමට තරම් දයාබරය, කාරුණිකය.
”මට රුචිර හම්බවුණෙත් මගෙම වාසනාවට”
උරේෂා යළිත් හැඟුම්බර වෙයි. ගැහැණියකට සතුටටද කඳුළු හැලිය හැකිය.
ඔයා දැන් කියන්නේ චිත‍්‍රපට ගී විතරද? සරල ගීත කියන්නෙම නැද්ද?
මම කතාබහ වෙනඅතකට යොමුකර
ඒ ප‍්‍රශ්නය ඇසුවේද ඇගේ දුරකථනයෙන් ඇසෙන්නේ ඇය ගැයූ අලූත්ම සරල ගීතයයැයි මට සිතුණු බැවිණි.
”නෑ... මම සරල ගීත කියනවා. මොකද මගේ රසිකයන් අලූත් ගීත කියන්න කියලා මගෙන් ඉල්ලනවා. මම ඒ ඉල්ලීම්වලටත් කන්දෙන්න ඕනෙ. ඒ හින්දම අලූතින්ම ගීතයක් ගායනා කළා. ඒකේ මියුසික් වීඩියෝව ළඟදීම නිකුත් කළාට පස්සේ ඒක රසිකයො මහත් ආදරයෙන් වැළද ගනියි..
දුටුව මුත් නෙතින් ඇසුවත් දෙසවනින්.
ඇය මුමුණන්නට වෙයි. ඒ ඇගේ අලූත්ම සරල ගීතයලූ. ඒ ගීතය ඇයට මුමුණන්නට ඉඩදී මම ඇගෙන් සමුගනිමි.
රළ මාලාවේ මල් මේලාවේ ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි උරේෂා කී පරිදිම මම ලෝකයේ සැඟවුණු අප‍්‍රමාණ සුන්දරත්වයට වසඟ වෙමි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පළමු චිත‍්‍රපට ගීතය ගයනවිට මගේ වයස අවුරුදු අටයි’
චිත්‍රා Friday, 21 November 2014 03:28 AM
දුව ගේ අම්ම මගේත් පුද්ගලික ගුරුවරියක් මගේ ගමේම. අද මම කැනඩාවේ ඉදන් ඔබටත් පව්ලේ සියලුම දෙනාට මගෙන් සුබ පැතුම්.(නදී)
කුමාර Friday, 21 November 2014 03:54 AM
කොහොමත් පැරණි හොඳ ගායිකාවන්ගේ සියලු හැකියාවන් ඔබේ හඬ තුල තියනවා.සංගීත ජිවිතයට වගේම ඔයාගේ පවුල් ජීවිතයටත් තුනුරුවන්ගේ ආශිරවාදය පතමි! (අ)
ශානිකා Friday, 21 November 2014 04:06 AM
තරුණ තරු අතර හොඳම ගී තරුව (නදී)
හියුගෝ Tuesday, 25 November 2014 02:03 PM
හඬ මිහිරියි මිහිරියි මිහිරියි. හද සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි.. අප සැම සිත් සනසයි ඔබ හට සුබ පැතුමයි (ස)
සමාධි Thursday, 27 November 2014 08:31 AM
උරේෂාට තියෙන්නේ පුදුම ලස්සන මිහිරි කටහඬක්. දිගටම ඒ කට හඬින් අපේ සිත් පිනවන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (නදී)
සුමේද Tuesday, 02 December 2014 10:33 AM
සොඳුරුයි.. සොඳුරුයි... සොඳුරුයි... ඇත්තටම ඔබත් සොඳුරුයි. (ර)
සුරනි Thursday, 20 November 2014 10:47 AM
සුබ අනාගතයක් වේවා.(හේ)
සුරනි Thursday, 20 November 2014 10:48 AM
ගැහැණියකගේ මිහිරිතම සංගීත ස්වරය ඇගේ හර්දය සාක්ෂියයි. (හේ)
උදාරත් Friday, 28 November 2014 10:54 AM
රටට ආඩම්බරයක් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා.! (ර)
සෙත්මි Thursday, 20 November 2014 11:57 AM
ලස්සනම කටහඩක් තියෙන්නේ. ඔයා අපේ රටට ආඩම්බරයක් වගේම වාසනාවක්. (ර)
ට්.අ.ද.ව.ග.ජයතිලක Saturday, 22 November 2014 02:42 AM
ලස්සන මිහිරි හඩක් සුභ පතමි (නදී)