
(රංජන් කස්තුරි)
ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන ආරම්භ කරමින් පළමු මාත්‍රාව කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එච්.ඒම්.වී.එල්. හේරත් මහත්මියට ප්‍රථම එන්නත ලබා දුන්නේය.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී ගැබිණි මාතාවන්ට අද සයිනෝෆාම් එන්නත් දීම සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්ගේ පිරිසකගේ සහභාගීත්වයෙන් එම එන්නත්කරණ වැඩසටහන කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කෙරිණි.
සංකූලතා සහිත ගැබිණි මාතාවන්ට ප්‍රථමයෙන් සයිනොෆාම් එන්නත් ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කීවාය.
ඉදිරියේදී රටපුරාම තෝරාගත් ගර්භනී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව දවෛද්යවරයි කීයන්නීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)









ගර්භණී මවුවරුන් සඳහා ලබාදීම අද දින පිළියන්දල සෞඛ්‍ය වෛද්‍යමධ්‍යස්ථානය දී සිදුකෙරුණු අයුරු






(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණත් තහඩුව දාගන්න... දුර කතර ගෙවාගෙන ඇවිත් ඉන්න හැටි..!!!
ඒකටත් උත්සවයක්ද?
"මෙයාගේ අදහසක් අනුව අරයගේ අනුමැතියෙන් තවත් කෙනෙකුගේ උත්සාහයෙන් එන්නත් කරන වැඩපිළිවෙල "කියමින් රට පුරා කටවුට් අටවාගෙන රටට පිනට ලැබෙන එන්නත් ගෙනෙන එකත් ප්‍රධාන ප්‍රවෘත්තියක් කරගෙන ලෙඩේ බෝවෙන එක වළක්වා ගන්නවාට වැඩිය ඒකෙන් දේශපාලන වාසි ලබාගැනීම ඒකායන අරමුණ කරගෙන ඊටත් වඩා කණගාටුදායක අන්දමට එන්නත් වලිනුත් ගසාකන, යාලුවන්ට පස්ස දොරෙන් එන්නත් ලබාදෙන ලෝකයේ එකම රට ලංකාව වෙන්නට පුළුවන්. " අපි තමා හොඳටම කෙරුවේ" කීවාට මොකද රටේ ඉතාම කණගාටුදායක තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඉස්සර මිනිස්සු කීවේ " සර් ෆේල්" කියලයි. දැන් ඒකට " ශ ෆේල් " කියල කෑල්ලකුත් එකතු කරගෙන. දන්නවනේ මොකද හේතුව කියලා. ෆේල් වුණාට සාක්කු නන් පිරිලා කියලත් කියනවා. අපිනම් නෙවේ ඔන්න.
මේ ගර්භණී මාතාවන් ඇතුළු සියලුම ගර්භණී මාතාවන් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වේවා ....!!! බුදු සරණයි !!!.... දෙවි පිහිටයි....!!!