පොලිස් අණ නොතකා බණ්ඩාරගමදී ඉරිදා පෙළපාළි ගිය බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්නට එරෙහිව නඩු පැවරීමට පොලිසිය සැරසෙයි.
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ විශේෂ ප්‍රකාශයට එරෙහිව පෝස්ටර් හා කටවුට් ඇතිව එම පෙළපාළිය යද්දී පොලිසිය එසේ නොයන ලෙස ඔවුනට උපදෙස් දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකද එම පෙළපාළියට එක්විය.
ඡන්ද සමයේ පෙළපාළි තහනම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි. නීතියට පිටුපා පෙළපාළි යන අයට තුවක්කුවෙන් වෙඩි නොතබා කැමරාව පමණක් පාවිච්චි කරන ලෙසද ඔහු පොලිසියට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ඉවර වෙනකම් මුන් ටික අල්ලා කුඩුවට දාන්න...(බ)