පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුරු අවදානම තවත් ඉහළ ගොස් ඇතැයි මහවැලි ගඟෙන් එගොඩ දිඹුලාගල, වැලිකන්ද වැනි පෙදෙස්වලට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් පවතින බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
කදුරුවෙල මනම්පිටිය මහ පාරද, දුම්රිය පාරද 8 වැනි දිනටත් ගංවතුරින් යටවී ඇත. යුද හමුදාව විසින් බෝට්ටු යොදා ගල්ලෑල්ල අවට ගම් කිහිපයක අවතැන්වූවෝ ආරක්ෂක ස්ථාන කරා රැගෙන යනු ලබති.
ගල්ලෑල්ලේ අඩි පහ හමාරක්ද දුම්රිය මාර්ගයේ අඩි එක හමාරක් දෙකක් ගංවතුරින් යටවී ඇත.
පරාක්‍රම සමුද්‍රය දොරටු 8 ක් අඩි 7 බැගින් ඔසවා ඇත. අඩු ගණනේ කුඹුරු අක්කර 50,000 ක් ගංවතුරට යටවී තිබේ. 1957 ගංවතුරට නොදෙවැනි ගංවතුරක් පවතින බව වැඩිහිටියෝ කියති.
ගංවතුරින් කොටුවූවනට පානීය ජලය හා ආහාර හිඟයක ලකුණුද ඇතැයි වැසියෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ කෝප වෙලා (නදී)
දෙවියෝ කෝපවෙලා කියලයි මට නම් හිතෙන්නේ (නි)
විල්පත්තු කැලේ ගස් කපනකොට දෙවියෝ කෝපනොවී ඉන්නේ නැහැ. (නි)
අකල් වැසි වැස බව බෝග සම්පත් විනාස වී යති. රටවැසියා දුකට වැටි ඇත. සොබා දහමෙන් වත් අනුකම්පාවක් නැත්තේමය. (ර)