පැවැති දිගු නියගය හමාර කරමින් පොළොන්නරු දිස්ති‍්‍රක්කයට වැසි ලැබීමත් සමග පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 79250ක්ව පවතින බවත් තිබු ජල ප්‍රමාණයත් සමග සියයට දහයක ඉහළ අගයක පවතින බවත් පොළොන්නරු වාරිමාර්ග අධ්‍යක්ෂක ආර්. එම්. පී. කරුණාරත්න මහතා පවසයි.
මින්නේරිය වැවේ අක්කර අඩි 54200ක් ද ගිරිතලේ වැවේ අක්කර අඩි 12000ක් සහ කවුඩුලු වැවේ අක්කර අඩි 32900ක් පවතින බවත් එම වැව්වල ජලමට්ටම 5%කින් ඉහළ ගොස් ඇති බවත් මෙලෙස වර්ෂාව දිගටම ලැබුණොත් ඉදිරි යල් කන්නය කිසිදු ජල හිගයකින් තොරව ආරම්භ කළ හැකි බවත් ඒ මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසෝකා, ලංකාවේ ඇති විශාලම ජලාශ 8ම නිදහසින් පසු සැදු නව නිර්මාණ වන අතර බොහෝ පැරණි වැව්ද නැවත ප්‍රතිසංකරණය කරපු එ්වාය. කොස් කොළ කතාවේ හරය නම් ඉතිහාසයේ ප්‍රථම වරට අාපදා තත්වයට සුදානම්විමයි (නි)
කාලගුණ දෙපාර්තමේන්තුව කවදද ඇත්තක් කිව්වේ? ඔය නියමෙට වහින්නේ (නි)
කලට වැසි ලැබේවා! (ම)
අපෝ යන්තම් ඇති හැම මනුස්සයෙකුගේම සිත්වලට සහ සතා සිවුපාවාටත් ලොකු අස්වැසිල්ලක් වේවි පොඩ්ඩ පොඩ්ඩ හරි වහිනවනම්. (බ)
කවුරු මොනවා කීවත් ශ්‍රී ලංකාවේ අපිට තවමත් වසනා වන්තයි කලට වැස්ස නැති වුනත් ප්‍රමාද වී හෝ වැස්ස වහිනවා .සිංහල,දෙමල ,මුස්ලිම්ස් ඔක්කොටොම ප්‍රමාණවත් වතුර ලබාගන්නට වැව පිරිලා උතුරලා යන්ද වැස්ස ලබා දෙන්න දෙවියනේ.(හේ)
‘අයං වස්සාන කාලෝ‘ මේ වැසි සමය නොවෙතත් අපි ගැන බලයි වැස්සවළාහක දෙවියෝ (බ)
අපේ රට එහෙම විනාශ වෙන්නේ නැහැ.මට දැනෙන විදිහට ලෝකේ තියෙන වාසනාවන්තම රට. (බ)
පුලතිසි පුරවර ගම් තුලාන වල කුර ගානා බඩ ගානා පා ගානා සියලුම ජීවීන්ගේ මෙතුවක් පුරාවට පැවතුන දිය පිපාසාව, සංසිදේවා! වැටෙන සෑම දිය පොදක්ම රිදී දිය දහරාවන් වී ඔවුන්ගේ මනදොළ සපිරේවා! (බ)
ඇති යන්තම් ..අපේ රටට දළදා සමිදුගේ පිහිටයි ! ඉදිරි යල කන්නය සාර්ථකව කරගැනීමට අපේ ගොවි මහතුන්ට හැකි වේවා . ජනතාවට කොස්කොළ සහ ක්‍රෝටන් කොළ අනුභාවයෙන් බේරුනා (බ)
වැව් නැති ලංකාවක් ගැන හිතා ගන්නට අමාරුය, ස්තුතිය් අපේ පුරාණ රජවරුන්ට (බ)
ඇසෙයි සැම තැන දියුණු යයි නව තාක්ෂනේ............ එදා රජවරු තැනු වැව් මිස අලුත් වැව් නැත බිහිවුනේ ........ වැටුණු වැහි බිදු ගොවි තැනට මිස නිකරුනේ නැත ගිලිහුනේ......;; එදා මෙන් වැඩ බැරි නිසයි, දියුණු අපි අද හුල්ලන්නේ! (බ)
වැව් පිරුණට වැඩක් නැහැ. මාස තුන හතර යනකොට වතුර අඩුවෙනවා. ඒකට ප්‍රධාන හේතුව රොන් මඩ තැන්පත්වීම නිසා වැව් වල ධාරිතාවය අඩුවීම. ඒකටත් පිළියමක් යෙදුවොත් හොඳයි. (නි)
පේනවනෙ මාස 8ක් වැස්සෙ නැතුව වුන දේ. අවුරුද්දක් පැව්වනම් මොනා වෙයිද? පාලකයනි වාරි මාර්ග පද්ධතිය තව තවත් දියණුු කරන්න. ඔක්කොටම කලින් මිනිස්සු සතා සිව්පාවො ගස් වැල් පැවතිලා ඉන්න ඕන. නුඹලා කරන පව් වලට පොඩි හරි සමාවක් තියෙයි එතකොට (බ)
මාසයක්වත් වතුර තියාගන්න වැව් ටික හදන්නේ නැතුව වැඩක් නැහැ (නි)