අද පුවත්පතේ  පොළොන්නරුව ප්‍රාදේශීය මාධවේදී රොෂාන් තුෂාර මහතාට පොලිසියෙන්  සිදු කළ බව කියන පහරදීමක්  නිසා ඔහු රෝහල්ගත කළ බව පොළොන්නරුව ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

පොලිස් නිල රථයක් මහ මග නවතා තිබියදී ඒ පිළිබඳ විමසීමට යාමේදී   මෙම පහර දීම සිදු කර  ඇති බව කියති. 

 රොෂාන් තුෂාර මහතාට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙළා දැකීම සදහා රට පුරා විසිරි සිටින මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන විරෝධතාවක් ඉරිචා (13) උදේ නවයට පොළොන්නරුව බස් නැවතුම්පොළ අසලදී පැවැත්වෙන බව පොළොන්නරුව ජන මාධ්‍යවේදීන්ගේ සංගමය සහ සමස්ථ ලංකා මාධ්‍යවේදීන්ගේ එකමුතුව පවසයි.

14993384_10207917022592552_6807837038894830129_n