දියණියගේ කොට ගවුම දිගට ඇද ගෙන එන්නැයි උපදෙස් දුන් ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිව නවගත්තේගම නවෝද්‍යා පැසැල ඉදිරිපට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරඹිණි.
පැසැල් සිසුහුද, ගුරුවරුද, ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝද උද්ඝෝෂණයට එක් වී පළාත් සභා මන්ත්‍රීගේ ක්‍රියාව හෙලා දකිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ දැනුම හරිම ඉහළයි.ඒ ගැන දුක හිතෙනවා. මොනවද ලියලා තියෙන්නේ? පාසල් ගැන කුමන කතාද? සේරටම මුල පළාත් සබා.කලින් ඕවා තිබුනේ නැහැ . ඒ නිසා පාසල් ගුරුවරු හරිම හොදයි.පළාත් සබා අහෝසි කලයුතුයි. (නි)
පුදුමය මන්ත්‍රීගේ හෙන්චයියන් මෙම උද්ඝෝෂණය කඩ කප්පල් කිරීමට නොපැමිණීම . මේ උද්ඝෝෂණයට අර මන්ත්‍රීගේ දුවත් එකතු කරලා එයාගේ පින්තුරයක් දන්නා තිබ්බ . මෙවැනි අශෝබන සිද්ධින් අප අසන්නේ . මේ අශෝබන තුප්පහි දේශපාලන ක්‍රමය නිසා (අ)
උද්ගෝෂණය කරලා මදි (දී)
දිල්කි , අනේ ඔයා කියනකම් අපට ඔය ගැන හිතන්න බැරි වුනානේ. මම දන්නා විදියට ඔය අවවාදය දුන්නේ ඔයාගේ යහළුවකුට නෙමෙයි, ඔයාට.අපහාස වෙන විදියට කතා කරන්න, අපහාස වන වැඩ නොකර ඉන්න පුරුදු වෙන්න. ඇයි දුවගේ අම්මට තමාගේ පාසල් යන දුවගේ කොට ගවුම පිළිබද අවබෝදයක් නැත්තේ. (නි)
නුසුදුස්සන් කරලියට ආවහම ඔහොම වෙනවා. මිනිස්සු දැන්වත් මෙහෙම අයට ඡන්දෙ දෙන එක නවත්වන්න ඕනෑ.නැත්නම් ඔය හා සමාන දේවල් තමා අපිට අහන්න වෙන්නේ. (නි)
එම ගුරුවරිය අපහාස කළ මෙම චණ්ඩි මන්ත්‍රීවරයාවද එම පාසැලට ගෙන්වා සිසුසිසුවියන් ගුරුභවතුන් සියල්ල ඉදිරියේ ප්‍රසිද්ධියේ එම ගුරුතුමියට දණගස්වා සමාව අයැදීමට සැලස්විය යුතුයි. එසේ කිරීමට නොහැකි නම් සෑම පලාතකම මෙවැනි මන්ත්‍රීවරුන් තමන් ඉදිරියේ දණගැසීමට ගුරුවරුන්ට සිදුවේවි. මැරුණත් මේවගේ මෝඩ මිනිස්සු ඉදිරියේ වැඳ වැටෙන්නේ නැතුව ගුරුවරුන් තම ආත්ම ගරුත්වයන් රුකගත යුතුයි. (ස)
රවී ,මම ඔයත් එක්ක මේ ප්‍රශ්නයට එකඟයි . (ත)
අධ්‍යාපන අමත්‍යංශයේ ලේකම් කම ගොට්භය රාජපක්ෂ මහතාට භාර දෙන්න .එතකොට චන්ඩි නොන්ඩි වේවි ජනාදිපතිතුමනි මේ ඔබගේ අවධානය පිණිසයි.(අ)
මෙහෙම අයට ඡන්දය දීපු අයට ගහන්න ඕනෑ. ලංකාවේ හිටියා නම් මමත් ඉන් එක්කෙනෙක් වෙන්න තිබුනා (නි)
ගුරු මෑනියන්ගේ ක්‍රියාව යහපත්. නමුත් දෙමව්පියන්ට ඕනෑ තමන්ගේ ළමයා මොනවා කරලා හරි කමක් නැහැ ප්‍රසිද්ධියක් ලබනවා නම් ඒකෙන් සන්තෝස වෙන්න. මේවට උද්ගෝෂණ කරන්න ඕනෑ පක්ෂෙම ඉන්න අය මිසක් අනික් අය නොවේ (නි)
පලාත් සභා මන්ත්‍රීට නොදෙවනි පිරිසක් අදහස දක්වලා තියෙනවා.මගේ ප්‍රතිචාරයේ කිව්වේ මා පාසල් යන කාලයේදී වුණු සිදුවීමේ දි ගුරුවරිය කාරුණිකව කියලා දුන්නා කියලා මිසක් මේ ගුරුවරියට දුන් දඩුවම හොදයි කියලා තියෙනවාද? දැන් ඔයිට කලිනුත් ඔවැනි දේ වුණා. අපරාද කරලා දඩුවම් විදපු කෙනෙක් ඉන්නවා නම් මටත් දැනගන්න කියන්න (නි)
ලජ්ජා නැද්ද මනුස්සයෝ ඔය විදිහට හැසිරෙන්න
මින්පසුව දේශපාලකයන්ගේ ළමයින්ට ඇඳුම් ඇතුව හෝ නැතුව පාසල් ආවාට කමක් නැති බවට අලුත් නීතියක් ගෙනාවොත් නරකද? (නි)
මෙයාවත් ඉස්පිරිතාලෙට දාන්නේ නැතුව කූඩුවට දාන්න. (ස)
ජයවෙවා ඒ උද්ඝෝෂක කරුවන්ට මගේ උපරිම සහාය හිමි වෙනවා (දී)
අනේ අම්මපා ඔය කෙනාට එරෙහි වෙන්න එක මනුස්සයෙක්වත් හිටලා නැහැනෙ අහල පහල (නි)
මුළු ලංකාවේම පාසල් වසා පිළිගත් හැකි විසදුමක් දෙන තුරු සියලු ගුරුවරු, දෙමවුපියන්, පාසල්දරුවන් උද්ඝෝෂණය කල යුතුයි. එකම විසදුම මන්ත්‍රීකම අහෝසිකිරීමයි. (නදී)
කිරි කලේ විනාශ කන්න ඕනේ එක ගොම බින්දුවලු . එකට අපේ රට. ගොම කළයයි කිරි බින්දුවයි.(ස)
මම පාසල් යන විටත් මේ වගේ දෙයක් වුනා.අපේ පන්තියේ ශිෂ්‍යාවකට .ගුරුතුමිය ඉතාම ආදරයෙන් ඒ ලමයට ඒක කියලා දුන්නේ. දැන් මෙතැන ලමයාට අපහාසයක් වෙන විදියට කිව්වාද දන්නේ නෑ.(ස)
ඔය කියන දුවව පාසල ඉස්සරහා දණ ගස්සවලා තියන්න තියෙන්නේ (නි)
ප්‍රියන්ත, මගේ නම සඳහන් කර ඇති නිසා පිළිතුරු ලියමි. මෙම සිද්ධියට අදාල දරුවා ඉගෙන ගන්නේ මිශ්‍ර පාසලක. වැඩි වියට පත් ගැහැණු දරුවෙකු එම දරුවාගේ සමාජය ඉදිරියේ අපහාසයට ලක් කිරීම සාධාරණද? ගවුම කොට වැඩි නම් එම විනය බාර ගුරුවරියට තිබුනේ මතුවට කොට ගවුම් අඳින්න එපා කීමයි. ගවුමේ වාටිය ලෙහා පන්තියට යැවීමෙන් ගුරුවරිය ළමුන් ඉදිරියේ දන ගැස්වීමෙන් ඇයට ඇති වූ සිත් පීඩාවට සමාන පීඩාවක් දරුවාටද ඇති වී නැතැයි මෙහි මොර දෙන අයට වැටහෙන්නේ නැද්ද? නො එසේ නම් මෙහි අදහස් දක්වා ඇති සැවොම එම වෘත්තීය සමිතියේ සාමාජිකයෝද? අවවාදය කල යුතුව තිබුනේ ඇයව කාර්යාලයට තනිව කැඳවා නොවේද? එම දියණියගේ පියා පළාත් සභා මන්ත්‍රී කෙනෙකු ලෙස නොව තම දරුවා පත් වූ අසරණ බව නිසා කෝපයට පත් පියෙකු අතින් සිදු වූ ක්‍රියාවක් ලෙස සිතන්න. අසරණ පවුලක දරුවෙකුට මෙවැන්නක් සිදු උනා නම් කිසිවෙකු නොදැන ඒ සිද්ධිය යටපත් වේවි. මෙවැනි සිද්ධියකින් දරුවාගේ අධ්‍යාපනයට සහ අනාගතයට සිදුවෙන හානිය දරාගත යුත්තේ පවුලේ අය පමණයි. පසුගිය වසර දෙක ඇතුලත පාසල් වල විනය කමිටු වල උද්දච්ච ක්‍රියා නිසා දරුවන් 3 දෙනෙකුට වැඩිය සිය දිවි තොර කර ගත්තා. වාර්තා නොවූ පාසල් හැර යාම් කොපමණ ඇතිද? විනය කමිටු තිබිය යුතුයි. ඒ ගැන තර්කයක් නෑ. විනය කමිටුවක් දරුවෙකුට එරෙහිව තීන්දුවක් ගැනීමේදී එය දරුවාගේ මනසට ඔරොත්තු දෙන ආකාරයෙන් කල යුතුයි. විනය ආරක්ෂා කිරීමට ශාරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අයිතියක් ගුරුවරුන්ට නැහැ. මෙහි පළාත් සභා මන්ත්‍රී වරයා ක්‍රියා කල පිළිවෙල වැරදියි. නමුත් ඔබට මෙවැනි සිද්ධියකදී ලංකාවේ පවතින නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද? මගේ මතකයේ හැටියට අඹේපුස්සේ පදිංචි දමිල දරුවෙකු නිවෙසට ආසන්න පාසලට ඇතුලත් කරගැනීමට උත්සාහ කල එම දෙමව්පියන්ට මානව හිමිකම් කොමිසමට ගොස් වත් සාධාරණයක් ඉටුවුණේ නෑ. රජයේ සේවකයෝ තමන්ගේ දුර්වලතා වෘතීය සමිතිවල බලයෙන් යටපත් කර ගන්නවා. මෙහිදී අධ්‍යාපන අමාත්යංශය විසින් එම ගුරුවරිය සිද්ධියට සම්බන්ධ දරුවා මානසිකව ආතතියට පත්වන ආකාරයෙන් දඬුවම් කලාද යන්න සොයා බැලිය යුතුයි. සෑම ප්‍රතික්‍රියාවකටම හේතුවක් ඇත. වෘතීය සමිතිවල බලයෙන් ගුරුවරියගේ වැරැද්ද යටපත් කිරීමට ඉඩ නොදිය යුතුයි. මෙහිදී මා පෙනී සිටින්නේ කුණු වූ දේශපාලුවෙකු වෙනුවෙන් නොවන අතර නිලධාරීවාදයෙන් බැට කෑ දරුවෙකු සහ එම දරුවාගේ අනාගතය අදුරුවේ යයි බියට පත් වූ පියෙකු වෙනුවෙන් බව කරුණාවෙන් සලකන්න.(නදී)
අතුල, ඔහොම යට ඡන්දෙ දෙන්න එපා කිවුවට නම් ලැයිස්තුව හදන්නේ කවුද? ඒ දෙන ලැයිස්තුවට කතිර ගහන එකනේ ජනතාව කරන්නේ. ඒක නොකර හිටියොත් එයාලා එයාලට ඕනෑ අයට කතිර ගහගන්නවා. මේ සිස්ටම් එකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලද? (නි)
මන්ත්‍රී නඩුකාර උන්නාන්සේද ? දඩුවම් දෙන්නේ? දිල්කි ල වගේ අය ඉන්නකම් ආස්චර්‍යයක්.(නදී)
අධ්‍යාපන ඇමති අතුලු වගකිවයුතු අය සද්ද නැත්තේ එයාලගේ පැත්තේ අය නිසාද? සමහරවිට තාම දන්නේ නැද්ද දන්නේ නැහැ .(නදී)
දිල්කි කොටට අදින්න ඇති හරි හරියට (නි)
අනේ අද පාසලට එන අම්මලාගේ ඇදුම ගැන අහන්න කවුරුත් නැහැනේ .එයාලගේ කවුද විනය පරික්ෂා කරන්නේ? (නි)
දිල්කි, අපිත් දැකලා තියෙනවා සමහර ගුරුවරුන් සිසුන්ගේත් ආත්ම ගරුත්වය නැති කරනවා. මම දන්නා ළමයෙක් වස බීලා මැරිලත් තියෙනවා. කොහොම වුනත් ජනපතිතුමා ගුරුතුමියට කතාකරලා තියෙනවා. හොද දෙයක් ඒක (නි)
පාසැල කියන්නේ මේ සමාජයට හොද පුරවැසිඅන් බිහිකරන තැනක් එතන අපිරිසිදුකරන්න එපා නුගත් මිනුස්සු මට හිතෙන විදියට ඔය මනුස්සය කවදාකවත් පාසලකට නොගිය කෙනෙක් ඒකනේ ගුරුබවතුන්ගේ අගය නොදන්නේ (අ)
දිල්කි, ඔබ මේ ලියන බයිලා මොනවද? ගුරුවරයෙක් සැරෙන් හෝ ආදරයෙන් ළමයෙකුට හරි වැරැද්ද කියා දෙන්නේ හරි මාවත පෙන්වීමටය. (නි)
ඔව්, හැමෝම ඉදිරියේ ඒ මන්ත්‍රීවරයා දන ගස්සවා ගුරුවරියගෙන් සමාව ගැනීමට සැලැස්විය යුතුයි.(ස)
රවිනාත්, මම කොට ගවුම් ටිකක් මහන්න දුන්නා ඔයාටත් එක්ක. අනේ යන්න රවිනාත් යන්න. ඔය බබාලා නොදන්නා කමටද වැරදි කරන්නේ? අපි ඉස්කෝලේ ගිය කාලේ හිටපු සර්ලා දැන් නැහැ. හිටියා නම් කන පැලෙන්න ගහන්නේ වැරද්දක් කළහම. (නි)
සිදිදියේ දෙපැත්තක් තියෙනවා. තමන්ගේ දරුවා වෙනුවෙන් ඇයි මේ තාත්තට මෙච්චර කේන්ති ගියේ. සම හරක් ඔහේ තප්පුලන්නවා.(ස)
කෝ මේ කොලඹ හතේ කාන්තා සනංවිධාන?(අ)
ඇත්තටම ඇත්ත මොකක්ද ? එහෙම ගවුමේ වාටිය ලිහන්න ගුරුවරියට අධ්‍යාපනේ දෙපාර්තුමේන්තුවෙන් බලයක් දීලා තියෙනවද ? (මන්ත්‍රීගේ ක්‍රියාව හරි කියනවා නොවේ) (නි)
මොහොමඩ් අමීර්, ඔබ ඔබගේ දරුවෙකු පාසලේ ගුරුවරයෙකුගේ අත්තනෝමතික තීන්දුවක් හෝ ක්‍රියාවක් නිසා විනාශ වුවහොත් ගරු කරමින් ඉන්නවාද? සිදුවීම සැබෑ ලෙස දැකීමට හැකිවීම පාසල් නොගොස් සිටීමක් නොවෙයි ජෝන්. අසාධාරණය ඉදිරියේ නැමි නොසිටීමයි මනුස්සයෙක් කල යුතු වන්නේ. ලංකාවේ පාසල් වල දරුවෝ එම පාසල්වල ගුරුවරුන් අතින් අපයෝජනය වන්නේ නැද්ද? දරුවෙකු මානසිකව හිංසනයට ලක් කිරීමත් අපයෝජනයකි. මෙම සිද්දියේදී පැහැදිලිවම ළමා අපයෝජනයක් සිදුවී තිබේ. එයට එරෙහිව එම පියා ගත ක්‍රියාමාර්ගය වැරදි නමුත් පවතින නීතිය හමුවේ වෙන මොනවා කරන්නද? (නි)
කළයුත්තේ මන්ත්‍රී දණ ගැස්වීම නොව කරපු වැරැද්දට නීතියට අනුව දඬුවම් දීමයි. (නි)
ඉස්සරහටවත් ඔය වගේ තමන්ගේ වටිනා ඡන්දය අනිසි ආකාරයට පාවිච්චි කරන්නේ නැතුව හොයලා බලලා වටිනා කෙනෙකුට දෙන්න (නි)
දිල්කි , මොලේ පරීක්ෂා කරගන්න. එයා ඔයාගේ කවුද? (නි)
ඔව්, හැමෝම ඉදිරියේ ඒ මන්ත්‍රීවරයා දණ ගස්සවා ගුරුවරියගෙන් සමාව ගැනීමට සැලැස්විය යුතුයි (නි)
මාත් දැකලා තියනවා සමහර ළමයි සුදු ගවුමත් ඇගට හිරට කොටට ඇදගෙන යනවා. ඒවා දෙමව්පියන් වෙනස් කර ගන්න ඕනෑ. සුදු ඇදුම විලාසිතාවක් නෙමෙයි, බොහොම පිවිතුරු ඇදුමක්. (නි)
කොටට අදින එකේ ලොකු වැරුද්දක් නෑ. මමත් කොටට අඳිනවා. ඒත් ගුරුවරිය ඒක දික් කරපු එක වැරදිනේ. අපරාදෙනේ දැන් ඒ ගවුම. (නි)
දණ ගස්සවා ගුරුවරියගෙන් සමාව ගැනීමට නොව ගමෙන්ම පන්නා දැමිය යුතුයි (නි)
දැන් මෙයාව හිර බාරයට ගත්ත ගමන් මෙයාටත් අසනීප වෙයිද දන්නේ නැහැ . (නි)
සහෝදර ගුරුතුමිය මම සල්ලි කාරයෙක් නෙවෙයි එත් ඔබතුමිය පළාත් සභාවට චන්දෙ ඉල්ලුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා දෙනවාමයි වැඩ කරන්නත් එනවාමයි මේඅයට ඉඩ දීල අපි ඉඳල මොකටද (අ)
මේ අයව ඔතනට යවන්නත් අපේම අය ඡන්දෙ දුන්නනේ. කොහොමද ආස්චර්යයේ තරම. හරිනම් ජීවිත කාලෙම දේශපාලනේ තහනම් කරන්න ඕනා. නැත්නම් හෙට අනිද්දා වෙනකොට ගුරුවරුන්ව හෙලුවෙනුත් යවයි මේ දේශපාලකයෝ.(නදී)
මේ සිද්දියට සම්බන්ද පියා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් නොවුන නම් මමත් ඔහුගේ පැත්තේ. බොහෝ පාසල් වල විනය කමිටුවල ඉන්නේ ඔලුව ඉදිමිච්ච උද්දච්ච් ගුරුවරු. දරුවන් අතින් වැරදි වෙනවා. පාසලේ විනය හදන්න කියලා ළමා මනස ගැන මෙලෝ හසරක් නොසලකා ඒ දරුවා ලජ්ජාවට පත් කරන්න ප්‍රසිද්දියේ දඬුවම් දෙනවා. එයින් දරුවාගේ ජීවිතේම විනාශ වෙන්න පුළුවන්. කොළඹ උසස් විදුහලක වූ සිදුවීම මතකද? එම පාසලේ විනය කමිටුවත් ශිෂ්‍ය නායිකවනුත් එක් වෙලා අහිංසක දරු පැටියෙක් මරා දැම්මා. එයට බලපෑම් කල විනය කමිටුවට දුන් දඬුවම මොකක්ද? ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකත් දරුවෙකු සිය දිවි නසා ගත්තා එම විදුහලේ විදුහල්පති ගත් අත්තනෝමතික තීරණයක් නිසා. වසර 25 කට පමණ පෙර සිටි ගුරුවරුන් හා සැසඳීමේදී දැන් මෙම වෘත්තීයේ තත්වය ඉතාම පහත්. ඉගැන්වීමට නියමිත කාලයේ කාලය මරමින් සිට හවස එම විෂයටම ටියුෂන් දෙන ගුරුවරු ඕනා තරම් ඉන්නවා. දරුවෙකුගේ මනස විනාශ නොකර ඔවුන්ට අවවාද කිරීමට විනය කමිටුවල ඉන්න ගුරුවරුන්ට පුහුණුවක් ලබා දිය යුතුයි. බයිලා කියන බොහෝ දෙනාටත් පියෙක් හෝ මවක් ලෙස ඉවසීමේ සීමාව ඉක්මවා යන අවස්ථා උදා විය හැකියි. තමා රටේ මහජනතාවගේ මුදලින් උගත් බවත් මහජනතාවගේ මුදලින්ම වැටුප් ලබන බවත් බහුතර රජයේ සේවකයන්ට අමතකයි. තමුන්ගේ සේවය 100% සපයා මහජනතාවගෙන් ගරු කිරීම් ලැබිය යුතුයි. මහා ජනතාවගේ සේවකයින් වන රජයේ සේවකයින් මහජනතාවගේ ස්වාමීන් ලෙස සිතීමේ උද්දච්ච ආසාව නිසා තමයි අපේ රටේ රජයේ සේවය බලු වෙලා තියෙන්නේ. මගේ දරුවෙකුගේ ජීවිතය යම් උද්දච්ච රජයේ සේවකයකු නිසා විනාශ උවහොත් මම නම් දන ගස්වල විතරක් ඉන්නේ නෑ.(නදී)
පොලිසි වලට පැනලා වනසනවා. දැන් පාසල්වලට පැනලා වනසනවා.(නදී)
ඔය වෙලාවේ ඔතන කොන්ද පන තියෙන කෙනෙක් හිටියෙම නැත්ද. (අ)
මම පත්තරේක දැක්ක ගුරුතුමීට පක්ෂව ඉදිරිපත් වෙලා තිබුන සාක්කි දිවුරුම් පෙත්සම් මගින් අනෙක් ගුරුවරු ඉවත් කරගනිමින් ඉන්නවයි කියලා. (නි).
මම නම් කියන්නේ ගුරුවරු මගේ එකාගේ අඩු කැඩුවත් කමක් නැහැ කියල. අපි මෙහෙම ඉන්නේ අපේ ගුරුවරු එහෙම හිටපු නිසායි (අ)
මේ රටේ දැන් අරාබි වසන්තයක් පටන් ගන්න කාලේ හරි.(ස)
මේකම ඇති හැම දේටම. මොකද හැම කෙනෙක්ම ඉගෙනගෙන උගතුන් වෙන්නේ ගුරුවරු නිසා. ජනාදිපති ඇතුළු මුළු පාර්ලිමේන්තුව තුල ඉන්න සේරම අය ඉගෙනගත්තේ ගුරුවරුන්ගෙන්. එහෙනම් එයාලා මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න ඕන නේද? ජනාධිපතිතුමනි ඔබට අපි රට බාර දුන්නේ මේ වගේ දේවල් අහන්න බලන්න නෙමෙයි. අපි අද සැහෙන්න කණගාටු වෙනවා රටේ වෙන දේවල් දැකලා.(නදී)
කෝ මේ උද්ඝෝෂණයට කාන්තාවෝ? මම ඉස්කොලේ යන කාලේ කොට ගවුමක් ඇදගන ආවොත් දණහිස්සට කෝටු පාර තමා.තරාතිරම නොබලා අවවාදයක් දීම ගැන ගුරුවරිය හොද දෙයක්නේ කරලා තියෙන්නේ. 'පහත් තැනින් යයි ගලා ජලේ' තමා. (නි)
හෙට අනිද්දා වෙන කොට ගුරුතුමියම කියයි ළමයට දඩුවම් කිරීමේ වරද තේරුම් අරගෙන එයාම හිතලා දණ ගැහැව්වා කියලා. මන්ත්‍රී බලපෑමක් කළේ නැහැයි කියයි.(නදී)
මේ වගේ සිදුවීම් වලට කෙලින්ම වග කියන්න ඕනේ ජනාදිපති. මොකද දේශපාලුවෝ දන්නවා මොනවා කලත් ජනාදිපති තුමාගෙන් ටික දවසකින් නිදහස හම්බ වෙනවා කියලා.(නදී)
දිල්කි විනයක් නැති හොරුන්ව ආරක්ෂා කරන්ඩ එපා. හරි නම් සෑම පාසලක් ඉදිරියේම මේ අයට විරුද්ධව උද්ඝෝෂණය කල යුතුයි.(නදී)
ඕසන් සලාම්ගේ යෝජනාව ඉටු කරන්න බලමු (නි)
බල්ලෙක් සිංහයෙක් වෙන්න ගිහින් වුන දේ. දැන් ඔක්කොම එකතු වෙලා කියල දෙද්දී තේරෙනවා ඇති මම සිංහයෙක් කියල හිතුවට සිංහයෙක් නෙවෙයි බල්ලෙක් කියලා.
රවිනාත්, සිදුවීමක දෙපැත්ත දකින එක හොදයි. ඒත් ගුරුවරු කියන්නේ නිකන් රජයේ සේවකයෝ කොටසක් නෙවෙයි (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වාහන එකනේ හැමදාම කරන්නේ. (ස)
ඔසන් සලාම්,මොහමඩ්, මමත් එකඟයි ඔබලාගේ අදහසට එය එසේම සිදුවිය යුතුමයි. මේ මෑතකදී බස් රියදුරෙකු සහ කොන්දොස්තර කෙනෙකු සංඝයා වහන්සේ කෙනෙකුට පහර දුන්නා. අවසානෙදි ඔහුන් උන්වහන්සේගෙන් වැඳ සමාව ගත්තා. නමුත් මේ සිද්දියේ මන්ත්‍රීවරයා ගුරුවරියගෙන් දන ගසා සමාව ගත යුත්තේ අධිකරණයේදී බව මගේ අදහස.(නදී)
අපොන්සු දන්නේ නැද්ද ? ඒක පාසල් වල සම්මතයක්. (නි)
රවිනාත්, ඔබ කියන දේවල් වලට මම එකගයි.දරුවන්ට දඩුවම් කළ යුතු අතර එය විය යුත්තේ ශිෂ්‍යයා හදා ගැනීමට මිසක් ඔහු/ඇය කෙරෙහි වෛරයෙන් නොවේ.දෙවිවරුන් වගේ ගුරුවරු අතරත් අමන ගුරුවරු ඉන්න පුලුවන් .ඒක හැම වෘත්තියකටම පොදුයි.වරදක් කළ ලමයෙක් අනවශ්‍ය විදියට අපහාසකට ලක් කලොත් අධ්‍යාපනය පමණක් නොව ජීවිතයම නැතිවෙලා යන්න පුලුවන්. ඒකත් ලමා අපචාරයක් වෙනවා නේද? අනෙක් පැත්තට ළමයා තුල ගුරු ගෞරවය නැතිවී වෛරයක් ඇති වෙන්න පුලුවන්.මේ සිද්ධියේ මන්ත්‍රීවරයා කළ දේ මම අනුමත නොකරන මුත් ,මම ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ ළමයා යහපතට ගැනීමේ අරමුණින් මිසක් බොහෝ පිරිස් ඉදිරිපිට ඔවුන්ගේ සිත් දූෂණය වන පරිදි වෛරයෙන් දඩුවම් නොකරන ලෙසයි. (නි)
මේ පුත්තලම් බුරුවන්ට එරෙහිව ගුරුවරු ඔක්කොම පාරට බහින්ට ඕනා.?(නදී)
මෙයා මේ ඉස්කෝලෙට ගියේ නෑ කියනවා නේද ,මෙයා වගේම පවර්ස් තියන තව කව්රුවත් ඉන්නවද කියල හොයල බලන්න වේවි. මේ නඩු කාට කියන්නද ?(නදී)
ඕකට තමයි කියන්නේ රැල්ලට යනවා කියලා. එදා මේ මන්ත්‍රී පාසලට ආව වෙලාවේ මෙයාලා මොකද කළේ? (නි)
පිට්ටනිය මැද්දේ පලා බබා දන ගස්සවලා ප්‍රසිද්ධියේ සමාව ගන්න කන් දිගටම උද්ගෝෂණ කරන්න ඕනා. හෙට අනිද්දා පළාත් සභා විසරපුවහම මෙයගේ හම ගැලවෙයි. (නදී)
මිනිස්සු නෙමෙයි මේ අයට ඡන්දේ දෙන්නේ පුත්තලම් බූරුවෝ.(නදී)
මේ මන්ත්‍රී ඔහුගේ පවුලේ අය සහ මෙහි ඔහුගේ ක්‍රියාව අනුමත කර ඇති අය සදාකාලික නිර්වස්ත්‍රයෝය. මන්ද ඔවුන්ට නිරුවත නොපෙනෙන බැවිනි. ඔබලා මනස පරික්ෂා කර ගන්න.(නදී)
දිල්කිත් ඉස්කෝලේ ගිහිල්ල නැතිව ඇති. (ස)
පාසලේ සිය දහස් ගණනක් සිසු දරුවන් ඉදිරිපිට ගුරුවරිය දණ ගැස්‌වූ මෙම පළාත් සභා මන්ත්‍රීවරයාට ආමන්ත්‍රනය කිරීමට සිංහල හෝඩියේ වචන නැත. මෙය සිදු වුණේ නවගත්තේගම පාසලකදීය. ගුරුවරිය දණගැස්‌සවීම සඳහා කළ වරද, ඇය මොහුගේ දියණියගේ පාසල් නිල ඇඳුමේ කොට සාය, එහි වාටිය ලෙහා දිගු කර දීමය. ඉන් කෝපයට පත් මොහු විදුහලට රිංගුවේ අමුඩය පිටින් දැයි අපි නොදනිමු වයඹ පළාත් සභාවට කැත වැඩ ගැන ඉතිහාසයක් හෙවත් පෙර වැරදි තිබේ. පැවැති පළාත් සභා මැතිවරණයකදී ජයගත් ආණ්‌ඩු පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු එක්‌සත් ජාතික පක්‍ෂයේ ආධාරකාරියක නිරුවත් කර මහ මග දිගේ ඇවිදීමට සැලැස්‌වීය. මෙය මේ රටේ මැතිවරණ ඉතිහාසය ගඳ ගැස්‌සවූ අශුචි පැල්ලමක් ලෙස ඉතිහාසයට එක්‌ව තිබේ. මොහුද එකී අශූචි ඉතිහාසයට අයත් කුණු පණුවකු ලෙස ක්‍රියා කර ඇත. තුට්‌ටු දෙකේ අමනයකු ඉදිරිපිට දණගැසීමට සිදු වූ පාසල් ගුරුතුමිය සිය සිසු දරු දැරියන්ට මුහුණ දෙන්නේ කෙසේද? ඊළඟ දවසේදී තරුණ සිසුවියක් නාන ඇඳුම පිටින් පාසලට ආවොත් එය ඉවසා සිටින්නට ගුරුතුමියට සිදුවන්නේද? වරදක් කළ දරුවකුට දඬුවම් කිරීමට පෙර එම දරුවා පළාත් සභාවක තුට්‌ටු දෙකේ නූගත් දේශපාලනඥයකුගේ දරුවකු ද යන්න සොයා බැලීමට මුළු ලංකාවේම ගුරුවරුන්ට සිදුවන්නේද? මේවා වැදගත් ප්‍රශ්නය. මේ රටේ දේශපාලනය තුළ සදාචාරාත්මක ගැටලු ඇති කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රීය. හොරු, මිනිමරුවෝ, ස්‌ත්‍රී දූෂකයෝ ඔවුන් අතර සිටිති. දැන් පළාත් සභාවලට ද මෙකී කුණු පණුවන් රිංගාගෙන ඇත. ආණ්‌ඩුව මෙය බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබේ. මන්ද මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එහෙත් උමතු දේශපාලන කුණු පණුවන් ලක්‍ෂ ගණන් බිහි කිරීමට ජාතියකට හැකිය. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙක්‌ස් කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක් වෙමු. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යෑවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක් ගෙදර යෑවෙනවා ඇත. සිරුර පොලිස් මෝචරියෙන් භාරගත හැකිය. ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්තිරියා සමාජ උවදුරක් සේ නම් කර කටයුතු කරන ලෙස වයඹ පළාත් වාසීන්ගෙන් ඉල්ලමු.(නදී)
දුවත් පියාගේ ලොකුකම අරගෙන වගේ දැන්ම හිටන්ම. දැන්වත් මරණ දඬුවම පටන් ගන්න. ලංකාවට ඕනෑ අරාබියේ වගේ නීති පද්ධතියක් (නි)
මට හිතෙන හැටියට මේ දිල්කි කියන කෙනත් කොටට අදින කෙනක් වගෙයි.(නදී)
මේ වගේ අයට තව වතාවක් නාම යෝජනා දෙනවා කියන්නේ.(නදී)
ෂුවර් එකටම රවිනාත්ගේ පවුල ගුරුවරියක්.(නදී)
මේ මන්ත්‍රී උසාවියේදී කියලා තියෙනවා නේද පාසල පැත්තේවත් ගියේ නැහැ, ඔප්පු කළොත් නිලයෙන් අස්වෙනාව කියලා. මේක පෙරකදෝරු ගැටයක් (නි)
රවිනාත්, ඔබත් පාසල් නොගිය අයකුයි කියා මගේ හැගීම. ළමයට අපහසයක් නොවන විදියට වැඩ කරන්න තමනුයි , තමාගේ බිරිදයි වග බලා ගත යුතුයි. ප්‍රශ්නයක් අහන්නම් විලි ලැජ්ජාවක් තියන දෙමවුපියන් කවදාකවත් තමාගේ දුවගේ නිරුවත ලෝකයට ප්‍රසිද්ධියේ පෙන්නනවට කැමතිද ? දරුවන් විනාස වන්නේ දෙමවුපියන් දරුවන් අත් අරින නිසා, දරුවන් ගැන සොයා නොබලන නිසා. (නි)
විනිසුරු තීරණයට එරෙහිව විනිසුරුවන්ට ගහන දේශපාලක පුතුන් සිටින රටක්,ගුරුවරුන් දණ ගස්වන රටක,මිනීමරුවෝ නිදහස් වෙන රටක,මෙවැනි දේශපාලුවන්ට ආශීර්වාද කර ගුණ ගයන පුජක සහ වන්දිභට්ටයන් සිටින රටක,මොවුන්ව පත් කරගන්නා බහුතරයක් මෝඩ ආගමික සහ ජාතිවාදී ,අන්තගාමින් සිටින රටක අනාගතය කෙබඳුද? (නි)
ලංකාව හැරදමා විත් බටහිර රටවල පුරවැසිබාවය ගත් හිතවත් ලාංකිකයිනේ, ඔබ මම මොන තරම් වාසනාවන්තදැයි ඔබට නොසිතේද මේවා අහද්දී? මෙහෙ තියන නිතිය මොනතරන් උසස්ද?මා නම් අනේක වාරයක් මගේ රජයට ස්තුති වෙමි (නි)
ෂාහ්,නියම ලස්සන දර්ශනයක් (නි)
රවිනාත්, නීල් රණා සහ දිල්කි යනු පලා බබාලාට මුට්ටි අල්ලන අය බව මනාව පැහැදිලි වේ.(නදී)
අරාබි වසන්තයක් එන්න අවශ්‍යනැහැ. දැන් ලගදි චන්දෙ තියෙනවනෙ, ඒකෙදි කතිරෙන් හොදට උත්තර දෙන්න පුලුවනිනෙ.(ස)
ඕසන් සලාම් කියන දෙය ලංකාවේ වෙන්නේ නැහැ. නමුත් මම දෙමල ෆිල්ම් එකක දැක්කා වීරයා ඇවිල්ලා ඔයවගේ සිද්දියකදී ඇමතිව බෙල්ලෙන් අල්ලලා දණ ගැස්සුවා. බලමු ලංකාවෙත් එහෙම කෙනෙක් ඉඳීද කියලා. (නි)
මොනවා වුනත් අපි ගුරුවරුන්ට ගරු කළ යුතුයි (නි)
උදිත් කියවන්නේ දිවයින පත්තරේ කතුවැකිය. හොද කතුවැකියක්. (නදී)
වැඩේ හොඳය ...නමුත් ප්‍රමාද වැඩි.(ස)
උදිත මහතා, ඔබ උදේ පාන්දරම හොඳට කියවන කෙනෙක් වගේ පෙනෙනවා. ඔබට ජය!!! (නි)
දිසානායක උන්නැහෙ පතන සමාජයක් නම් මේ ලෝකේ තිබුනෙත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ. (නි)
මගේ සහායත් ලබා දෙනවා (දී)
ගුරුවරියට වැඳලා සමාව ගන්න කියලා මේ පුද්ගලයාට බල කරන්න ඕනෑ. ඒ ගමේ අය කවදාවත් මේ පුද්ගලයට ඡන්දෙ දෙන්න එපා. (නි)
රන්ජනී දැනුත් කොට ගවුමද කොට කලිසමද අදින්නේ ? ලන්ඩන් රන්ජනිල ගොඩක් කොට කලිසම ගහලා එන්නේ ක්‍රිකට් සෙල්ලම් කරනවා බලන්න.(නදී)
මොලේ කලදක් නැති මේ වගේ අය ගුරු වෘත්තියට නිගා දෙනවා. මේ කෙනාව වහාම මෙම තනතුරෙන් පහ කරන්න. ස්වබාව ධර්මයෙනුත් දඩුවම් ඉදිරියේදී ලැබේවි (නි)
අපේ පාසලේ ඔය විදියට (කොටට ඇන්දම) ගවුමේ වාටියට හාෆ් ශීට් අලවපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. දැන් මතක් වෙනවිට හිනහත් යනවා (නි)
රවිනාත් ඔබගේ කතාවෙද සැඟවුන සත්‍ය කතාවක් ඇත. එය අපට මතක් කරදීමට ස්තුතියි. ගුරුවරු හෝ ගුරුවරියන් සමහර විට දඬුවම් දෙන්නේ ළමයින්ගේ මානසික තත්වය බිඳ හෙළා අනික් අය ඉදිරිපිට ලජ්ජා කරමින්. මම එය පිලිගනිමි. ගුරුවරියට විරුද්ධව කටයුතු කිරීමකුත් අවශ්‍ය කරනවා (නි)
එලිවෙනකන් ඕක කරගෙන ගියොත් හොදයි (අ)
යලිත් මෙවැනි සිදුවීම් නොවන්න මේ පටන් ගත සටන දිගටම ගෙනියන්න.අපි අපේ සටන මැදපෙරදිග සිට අන්තර් ජාලය හරහා මෙහෙයවනවා (නි)
මන්ත්‍රී තුමාගේ ළමයා 8 වසරේ පොඩි ළමයෙක්. ඔය මිස් ගොඩක් කල් ඉදල ඔය ළමයා එක්ක තරහින් හිටියේ. ළමයි 200ක් විතර ඉන්න තැනක ගවුම ලෙහපුවම කාටද තරහ යන්නේ නැත්තේ. (අ)
දිල්කි. නොදන්නා දේවල් වලට හොට දාන්න එපා.මන්ත්‍රී ගැන දූකයි වගේ. (නි)
මෙහි අදහස් පළකර ඇති දිල්කි, රණා, දිසා ,තිලක් ,චරිත් ,අපොන්සු සහ තවත් කීප දෙනෙක් හැරෙන්න අනික් අයට එක්කෝ දරුවන් නැත.නැත්නම් තමුන්ගේ නොවන සෙසු ළමයි දරුවන් ලෙස නොසලකති. ලාල් නැමැත්තෙක් යෝජනා කරන්නේ දඬුවම සහ අපහාසය විඳි දරුවා පාසල ඉදිරිපිට දණගස්වා තැබීමටය. තවකෙක් තාත්තා සහ දුව එකට දණ ගැස්වීමට සැරසේ. මෙහි අදහස් දක්වා ඇති සමහරුන්ගේ ඇත්තේ පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි විරෝධයයි. හේතුව තමුගේ හිත තුල ඇති අසහනය බුද්ධිය වසා ඇති බැවිනි. මට කණගාටුයි මේ රට ගැනය. විචාරය අහිමි බහුතර මිනිසුන් අවිචාරව රට නොමග ගෙනියන බැවිනි. (නි)
රවිනාත්, වැරැද්ද වැරැද්දක් හැටියට දකින්න පුරුදු වෙන්න. අධිකරණය,පොලිසිය,අධ්‍යාපනය,රාජ්‍ය සේවය,ත්‍රිවිධ හමුදා ස්වාධීන ආයතන විය යුතුයි. අද වන විට රට ආර්ථික මෙන්ම විනය අතින් පිරිහී ගොස් අවසන්. බලධාරියනි, ඉක්මනින් මෙයට පිළිතුරු සොයා දේශපාලන, ආගමික, සාමජික අන්තවාදීන්ගෙන් රට බේරා දෙන්න. (නි)
ප්‍රතිවිරුද්ධ මත හෝ ප්‍රතිවිරුද්ධ මතධාරීන් ඉවසීමටවත් නොහැකි ගුරුවරු දරුවන්ගේ අධ්‍යාපනයට කෙසේ නම් සුදුසුවේද? අහිංසක ළමුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නන් පවා ද්‍රෝහීන් ලෙස දකින ගුරුවරු සිසු සිසුවියන් කෙරෙහි පැසවන සිතතුළ සඟවාගත් ද්වේශය විවිධ ස්වරුපයෙන් මුදාහරින ආකාරය ඉතා පැහැදිලියි. මේ තත්වය යටතේ රටේ නිදහස් අධ්‍යාපනය නුදුරු අනාගතයේම වලපල්ලට යාම නොවැලැක්විය හැකි යථාර්තයයි. (නි)
සියල්ලෝම බලාගෙන ඉන්න තව සතියකින් මොකද වෙන්නේ කියලා. මන්ත්‍රීතුමා ජනතා ඔල්වරසන් මැද මල්මාලා දමා,උණුසුම් සුභ පැතුම් සමග සිනා මුසු මුහුණින් යුතුව පිටව යයි. ගුරුතුමිය තම ප්‍රකාශය තමා විසින්ම ඉල්ලා අස්කරගනියි. නැත්නම් දෙපිරිස සමාදාන වෙයි. මේක ආරිය සිංහල ලංකාව බව අමතක කරන්න එපා. (නි)
යුනිෆෝර්ම් එක ගැන තියෙනබැනර් එක අපි කියෙව්වා. දුවගේ ලෙහපු ගවුමත් අපි බැලුව. "සිසුවිය දනින් සිටින විට ගවුමේ වාටිය බිම ගෑවිය යුතුය.'' මන්ත්‍රී කෙනෙක් කියපු ගමන් කට්ටිය කලබල වෙනවා. ඔතන ඉන්න ගුරුවරු, ළමයි කව්රුත් කැමැත්තෙන් එලියට බැස්සේ නෑ. බලෙන් එලියට දැම්මේ(අ).
මනාප ක්‍රමයේ වටිනාකම ඔන්න ඕකයි. තමන් කැමති පළාතෙන් පිට කෙනෙකුට වුණත් ඡන්දය දෙන්න පුළුවන් (නි)
දරුවෝ ඇදුම් මහන්නේ නැහැ.නමුත් පෙකණියටත් යටින් ඔසරිය අදින ටීචර්ලා මම දැකලා තියෙනවා. (නි)
පියෙක් ලෙස ඔහු කළ දේ හරියටම හරි. ලංකාවේ දරුවන්ට පිහිටට ඉන්නේ අම්මා තාත්තා පමණමයි. අනිත් සියල්ලෝම මාන බලන්නේ දරුවන්ගෙන් ජීවනෝපාය සරි කරගන්න නැත්නම් ඔවුන්ගෙන් පහත් රසවින්දනයක් ලබන්න. ඒ තමයි ලංකාවේ ළමුන් මුහුණ දෙන යථාර්තය. ගුරුවරිය කළ යුත්තේ ඇය සිතාමතා සිදුකල මානසික පීඩාවට පළමුවෙන් දරුවාගෙන් සමාව ඉල්ලීමයි. (නි)
මට හිතන්නේ රවිනාත් හා දිල්කි ඉස්කොලේ යන කාලේ හොඳ ගුරුවරයෙකුගෙන් හොඳ පරිප්පුවක් කාලා තියෙනවා. (නි)
රවිනාත් යනු පලා බබාගේ ගෝලයෙක් බව හොදින් තේරුම් ගැනීමට පුළුවන්. (නි)
ඔබතුමිය ඉතා හොද ගුරුතුමියක්. එක දරුවෙක් නිසා ඔබ ලබපු වටිනාකම කියා නිම කිරීමට බැහැ. ඔබ අද කොතන හිටියත් මම වගේම කව්රුත් ඔබ සමග ඉන්නවා. අද ගොඩක් පාසල් වල දරුවන් ඔබ නිසා ගොඩක් වෙනස් වුණා. දුක් වෙන්න දෙයක් ඔබට නැහැ ඔබ ගුරු මෑණියනි. මට නම් ආස්චර්‍යයක්. සැරියුත් තෙරුන් වහන්සේ තමන්ට මුල්ම ගාථා ධර්මය කියා දුන් අස්සජි තෙරුන් සිටිනා දිසාවට හිස තබා යි සෑම දිනකම සැතපුනේ. ඒ තමන්ගෙ උතුරා යන ගුරු භක්තිය නිසයි. අපේ ජීවිතයවලදි එක අකුරක් හෝ උගන්වා ඇති අය ව ජීවිත කාලයම මතක තබා ගනිමු, ගුරු භක්තියෙන් මොහොතේ හිතට දැනුණේ තෙරුවන් ගුණ සිහිපත් කරද්දී ඇති වෙනවා වාගේ හැඟීමක්. මේ සටහන කියවන බොහෝ දෙනෙකුට එය සිදු වනු ඇති බව මම සිතනවා (නි)
මෙතුමා දරුවාට කොටට අන්දන්නේ මොන ලොකුකමකටද? (නි)
පලා බබා කොටට අඳින අයට ගොඩක් කැමතියි වගේ. වැඩකරන කාර්‍ය මන්ඩලයටත් කොටට අඳින්න කියලා ඇති නේද?(නදී)
දිල්කි අද ඔයා වගේ අම්මලා නිසා තමා හෙට දරුවන්ගේ අනාගතය පාරවල් වල තිබෙන්නේ (නි)
රවිනාත්,මට කියන්න තියන දෙය ඔබ කියලා තිබෙන නිසා මම නිහඩ වෙනවා.ඔබ 100% නිවැරදියි.අපේ රටේ මිනිස්සු වැඩි දෙනෙක් කියන්නේ මොනවද කියලා බලන් ඉදලා ඒ පැත්තට පක්ෂපාත වෙනවා.ප්‍රශ්නයක් දිහා බලන්නේ එකම කෝණයකින් විතරයි.ළමයට කළ මානසික පීඩනය වෙනුවෙන් පියකු ලෙස ඔහු කුපිතවීම පුදුමයක් නොවේ කියලයි මම නම් කියන්නේ. (නි)
දිල්කි, අපිත් ඕනෑ තරම් ඉස්කෝලේ යද්දි ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙනවා. අපේ පාසලෙත් ඔය විදියටම ගවුම දිග නැත්නම් වාටිය ලෙහෙලා රතු පෑනෙන් ඉරක් අදිනවා. ඒත් අපේ අම්මලා කවදවත් ඒ වගෙ දේකට මැදිහත් වුණේ නැහැ. ගවුම දික්කරලා දෙනවා.අම්මා තාත්තා බලපොරොත්තු වෙන්න ඕනෑ යහපත් ලමයෙක්. ඒකට තමා ඉස්කොලෙ යන්නෙ. ගුරුවරු කියන්නෙ ලමයා යහපත් කෙනෙක් කරන්න ලොකු සේවයක් කරන කෙනෙක්. (නි)
මෙවන් අය පළාත් සභාවට යවන්න එපා. අනිත් මන්ත්‍රීලට ආදර්ශයක් වෙන්නත් එක්ක හොද පාඩමක් ඉගැන්විය යුතුය.(නදී)
මම රවිනාත් කියන කතාව පිලිගන්නවා. නමුත් මන්ත්‍රීලා මේ විදිහට හැමදේටම ඇගිලි ගහන එක වැරදියි. (නි)