(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා මිස පැරණි දූෂිත මනාප ක්‍රමයට පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන්නේවත් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹදී අද (27) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
දූෂිත මනාප ක්‍රමය මේ රටට නොගැළපෙන බවත් ඒ වෙනුවෙන් ගමට, ආසනයට වගකියන නියෝජිතයෙක් පත්කෙරෙන නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන බවත් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබෙන බවත් කොළඹ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ පැවති එම ප්රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කීය.
බලයට පත්වීමට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මනාප ක්‍රමය හකුලා දමනා බවට ලබාදී තිබෙන පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරන තෙක් ජනතාව බලා සිටින බව ද එවැන්නකින් ගැලවීමක් නායකයන්ට නැතැයි ද ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ක්රමයට දැනට ඉන්න මන්ත්‍රීලා සංඛ්‍යාව වගේ දෙගුණයක් පළාත් සභාවට දමාගෙන ඔවුන්ව නඩත්තු කරන්න මුදල් ගෙවන්නේ ඔබගේ පුද්ගලික බැංකු ගිණුමෙන්ද? කොට්ටාශ ක්‍රමය ගෙනඑනවා නම් අර 77 ඉස්සෙලා තිබුණු ක්‍රමය ගෙන එන්න. එහෙම නැත්නම් දැනට පවතින ක්‍රමය තිබෙන්න හරින්න. රට ණයවෙලා ජීවන බර වැඩිවෙලා අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.. තත්වය මෙහෙම තිබෙද්දීත් නිකරුනේ මහජන මුදල් විනාශ කරනකොට අල්ලා දෙවියෝ දඬුවම් කරන්නේ නැද්ද? සෞදියේ මෙහෙම බොරු කියමින් මහජන මුදල් විනාශ කළානම් මෙලහකට ඔබගේ හිසත් ගසාදමලා..
වැඩකට නැති කතා කියමින් රටේ මැතිවරණ ක්‍රමය පුලුවන් තරම් අනාගන්න තමයි මේ හාදයා දඟලන්නේ. තමන් ගෙනා යෝජනාවට තමන්ම විරුද්ධව ඡන්දය දෙන්න තරම් ඇමතිවරයෙක් මේ ලොවෙත් නැති නැතිව ඇති.
පිස්සු නටන අැමැතිවරු අද කියන එක නෙවෙයි හෙට කියන්නේ. ජනතාව වෙනුවෙන් මීට වඩා සැලකිළිමත් විය යුතුයි.. මොකද මේ හැමදේ ගැනම අපි අවධානයෙන්.. ද සිල්වා සතයපාල කියන දේවලවලට මමද එකඟයි.
අලුත් පරණ කියා කියා අනනවා විතරයි... රොටිය පුච්චන්න කිසිම හිතක් නැහැ. පිනට ලැබුණු ඇමැතිකම දාලා යන්න කිසිම කැමැත්තක් නැහැ වගේ...
ඒ කියන්නේ පරණ ක්‍රමයත් නැහැ. අලුත් ක්‍රමයත් කොහොමත් නැහැ.
ඔයා කියන්නේ ඡන්දයක් පේන තෙක් මානෙක නැහැයි කියන එකයි. ඒකවත් තේරෙන්නේ නැද්ද? මේ අය ඡන්දෙට බයයි.
ඔබතුමාලට මේක විසදගන්න බැරිනම් තියන්න ජනමත විචාරණයක්, ඉස්සෙල්ලම මේ පලාත්සභා ඕනෙද ? එපාද ? ඕනේ නම් තියන්න ඕනේ 77 ඉස්සර තිබුන කොට්ටාශ ක්‍රමයටද ? එහෙම නැත්නම් දැනට තිබෙන මනාප ක්රමයද ? එහෙමත් නැත්නම් දැනට ඉන්න ප්‍රමාණය වගේ දෙගුණයක් මන්ත්‍රිලා පත්වන මේ දෙකේම සංකලනයක් වන අලුත් ක්රමයද ? කියන එක . අපි ඕක විසදලා දෙන්නම්.
මේ පනත හදන්න විශාල මහජන මුදල් නාස්තිකලා. පරාජයට පත්වෙන බව දැන දැනම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් තවත් විශාල මුදල් නාස්තිකලා.