(මුදිතා දයානන්ද)
පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා නොදුන්නද පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (21) පැවසීය.
කිඳෙල්පිටිය මහතා මේ බව පැවසූයේ බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදීය.
ඔහු මෙසේද පැවසීය.
‘‘දැන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු වෙනුවෙන් ගෙන්වන ලක්ෂ හය හමාරක පුටුවක් ගැන කතා කරනවා. ඇත්තටම මන්ත්‍රීවරුන්ට මොනවද ලැබිලා තියෙන්නේ. මීට පෙර පළාත් සභාවලදී සභා මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලැබුණා.
එහෙත් මෙවර සභා කාලය අවසන් වීමටත් ආසන්නව තිබියදීත් අපිට ඒ වාහන පහසුකම ලැබුණේ නැහැ. එහෙත් නිලධාරින් 750 කට තිරුබදු රහිත වාහන මේ වසරේ ගෙන්වා තිබෙනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ බස් එකේ යන්න බැරි ඇයි. වෙනත් රටවල එහෙමයි වෙන්නේ. තුන් වන ලෝකයේ අශ්චාර්ය. රටටම සිප්දෙන ගුරුවරු මහා පාරේ.
අවම ලක්ෂ 50 බැගින් 750 දෙනෙකුට මේවා දීම නිසා රුපියල් 3750000000 රටට අහිමි වුනා නියමයි සාමාන්‍ය ජනතාව වන අපට යන්න බස් කොච්චිත් හරියට නැහැ
ජනතාවගේ රීරි මංසය උර බොන බඩ ජහරි දේශපාලුවන්ට ශාප වේවා!
අනේ මෙයාත් දැන් වෙනස්වෙලා. කොහොම හිටපු මිනිහ.
අනේ මේ රටට විදේශ විනිමය ගෙන එන මැදපෙරදිග ශ්‍රමිකයන්ට ඔය කියන තිරුබදු රහිත වාහන ගෙන එන්න ලැබෙන්නේ නැහැ. මේ කොහෙවත් ඉන්න එවුන් ටිකක් හැමදාම ඕවා ගන්නවා. දැන් හරි කාලේ ඔය අසාධාරණේ වෙනුවෙන් කතා කරන්න.
මේ අය ඇවිල්ල ඉන්නේ සැප ගන්න හද පියව් ගමේ පාරවල් ටික ඉස්සෙලා
රටට විදේශීය විනීමය ඉපයූ හා උපයන අපිට තීරු බදු රහිත වාහනයක් ගන්න බැහැ නමුත් ඒ මුදල් කාබාසිනියා කරන අයට ඕනෙතරම් පහසුකම් අර ඉපයූ මුදලින් දෙනවා. මගේ ළමයි එක ඩොලරයක් මේ රට එවන්නේ නැත.
මෙම නිළධාරීන්ගෙන් සමහරක් දෙනා කරන්නේ බලපත්‍රය විකුණා මුදල් ගැනීමත් පාවිච්චියට කුලී රථයක් ගැනීමට අවසර ගෙන බස් එකේ නැත්නම් එයාගේ සේවා ස්ථානයේ වෙනත් කෙනෙකුට රාජකාරි ගමනක් යොදා එම වාහනයේ ගමන්කිරීමත් කරනවා. මෙයින්ද රාජ්‍ය මුදල් විශාල ලෙස අවභාවිතා වෙනවා.
ලංකාව වැනි ඉතාම කුඩා රටකට මේ පළාත් සභා අවශ්‍ය නැහැ. ඉන්දියාව වැනි අතිවිශාල රටක දේශපාලන උවමනාවට මේ සිදුකල හානිය සුළු පටුනොවේ. මේ සුදු අලි ව්‍යාපෘතියක්.
තීරුබදු රහිත වාහන ගේන්න දුන් නැතිනිසා අපි පුටු ගේනවා වගේ නේ කථාව. ඇයි පුටුවලින් පුළුවන්නේ තීරුබදු රහිත වාහනෙන් ලැබෙන ගානම කොමිස් එක විදියට ගන්න නේද. අපිට දැං කථා කරනකොටම ඒවයේ යටි අරුත තේරෙන්න තරම් තුච්ඡ දේශපාලනේ තිත්ත වෙලා.
ඇයි මේ පලා බබාලට ත්‍රී රෝද වලින් යන්න පුළුවන්නේ? ඡන්දෙ දීපු අය යන්නේ ත්‍රී රෝද වලින්, මේ අය විතරක් තීරු බදු රහිත වාහන වලින්?
රටට විදේශීය විනීමය ඉපයූ හා උපයන අපිට තීරු බදු රහිත වාහනයක් ගන්න බැහැ නමුත් ඒ මුදල් කාබාසිනියා කරන අයට ඕනෙතරම් පහසුකම් අර ඉපයූ මුදලින් දෙනවා.
මන්ත්‍රීලට, ඇමතිලට වගේ නිකමොන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර මොකටද? ඒවා ඕනෙ රටට වැඩ කරන මිනිස්සුන්ට. එහෙම නැතුව පුටු රත් කර කර ඉන්න, රටේ දේ හූරන් කන්න බලාගෙන ඉන්න මන්ත්‍රීලට, ඇමතිලට නෙමෙයි. ඒ වගේම එහෙම එවුන්ට කත් අදින, මොලේ කලඳක් නැති, උන්ගෙ පස්සෙන් යන මි හරක් කුලයෙ බත් බැලයන්ටත් නෙමෙයි.