
(ඩී.ඒ.පතිරණ,ඩී.ජි.සුගතපාල,චාපා මධුභාෂිණි, හිරාන් ප්‍රියංකර )
දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි ඇති වූ බව ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පැවැසීය.
මාතර, මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, බදුල්ල, පොලොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල තැනින් තැනට පෙරවරු කාලයේ සහ සවස් කාලයේ තරමක තද වැසි ඇති වී ඇත.
මාතර බෙංගමුව, පස්ගොඩ, දම්පහල ඇතුළු අවට ප්‍රදේශ වලට පැය දෙකකට ආසන්න කාලයක් පැවැති වැස්සෙත් කුඹුරු ඇතුළු පහත් බිම් ජලයෙන් යට විය.
බදුල්ලටද යළිත් වර්ෂාව අද පස්වරුවේ සිට ඇදහැලීමට පටන්ගත්තේය.
කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයහපත් කාලගුණික තත්වය යම්තාක් දුරට පහව යද්දී, ගං වතුර ක්‍රමයෙන් සිදී යද්දී, අපේ රටේ අමනයින්ට ආයේ දේශපාලනය ඔලුවට ගහලා තප්පුලනවා. කවුරු පාලන බලයේ සිටියත් ස්වභාව ධර්මය පාලනය කළ නොහැකි බව අවබෝධ කරගැනීමට නොහැකි ආණ්ඩු විරෝධීන්ගේ මර හඬ තමයි මේ දිනවල දෝංකාර දෙන්නේ... අනුන් ගෙනාපු සහන මලු හා බත්පැකට් තමන්ගේ කරගෙන බෙදන්න පොරකනවා. ඇයි මොවුන්ව මේ ව්‍යවසනයට හසු නොවුනේ..? මම නම් කියන්නේ තව මදි... මෙවැනි අවස්වථාක දේශපාලනය පසෙක තබා රාජ්‍ය යාන්ත්රණයට උපකාර කළ යුතුයි... එදා සුනාමි මුදල් මංකොල්ල කාපු හොරු රැල මෙවර ලැබෙන සහනාධාර ගැන සිතා කම්පා වෙනවා... මිනිස් වේශයෙන් සිටින තිරිසන්නු කොටසක් අප සමාජයේ ජීවත් වෙනවා. පවතින තත්වය හමුවේ සිදුවෙන අඩුපාඩු විශාල කර දක්වමින් දේශපාලකයින්ට ගැති සමහරක් නිහීන ජනතාවගේ රංගන නාඩගම් දකිද්දී මම නම් කියන්නේ..."තව වැහපන් මල් වරුසා" කියලයි...!