‘ඔයාලා ආවේ මේක විකුණන් කන්නද?මිනිහෙක් අමාරුවේ වැටුණම විකුණන් කන්නේ මේ අය තමයි.මේ මිනිසුන්ට ලැජ්ජා නැහැ.‘යනුවෙන් වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රීනී මංජුලා දිසානායක මහත්මිය මාධ්‍යවේදීන්ට වැල්ලවදී අද(09) බැන වැදුණාය.
ගනේවත්ත අඹකොල වැවැදී පැහැරගත් බව කියන දැරියගේ නිවසට ආ මන්ත්‍රිනිය මාධ්‍යවේදීන් දුටු ගමන් ඔවුන්ට බැනගෙන ගියාය.
ඔවුන් ඉවත් කරන්නැයි ඇය පොලිසියට ද කීවාය.
ඒත් පොලීසිය ඇගේ ‘අණ ‘ පිළිපැද්දේ නැත.මීගලෑවේ මීට පෙර පැහැරගත් දරුවා සොයා ගැනීමට මාධ්‍ය මහ මෙහෙවරක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අජිත් රෝහණ මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔවුන්ට ස්තූති කරමින් සේවය අගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාගේ උෂ්ණය වැදිල වෙන්න ඇති ඔය විදියට හැසිරෙන්නේ. (ස)
ඔය හරක් වගේ කෑ ගහන මෝඩ ඈයෝ නිකමටවත් හිතුවද ? කව්ද සැපට ඉදගෙන යස අගේට මහජන මුදලින් සුර සැප විදිනවා සේම හොරා ගෙන කන්නේ විකුණාගෙන කන්නේ ..කොටි ගණනින් ? මාධ්‍යවේදියා දෙමාපියෝ දහදිය වගුරලා ඉපයූ රුපියල සතේ වියදම් කරලා අනේකනම් දුක් ගැහැටවිද තමන්ට ලබා දුන් අධ්‍යාපනයෙන්, තමන් ලැබූ ඒ උගත් කමින්, කාටවත් බයනැතිව, මහා ජනයට ණය නැතිව , වැදගත් විදියට තම දේශයට සේවය කරනවා, ගම් නියංගම් ගානේ දුෂ්කර කටුක අද්දැකීම් විදිමින් අසරණයෝ හොයාගෙන ගිහින් ජනතාවට පෙන්වල අසරණ වූ ඔවුන්ට සහන සලසලා දෙනවා, ඔය දේශපාලු අම්මණ්ඩිලා, මාධ්‍යයට ඇගිලි දිගුකරන්න පෙර ලැජ්ජා බය ඇතුව රෙදි ඇදගෙන ඔය අසරණයින්ට ..ඉන්න ගෙයක් හදල දුන්නොත් හොදයි නේද තම පඩියෙන් ..? එහෙම වත් දෙයක් කලොත් මිසක, තමන්ගෙන් ඉටුවෙන්න තියන දේවල් මාධ්‍යවේදියාට දොස්කියලා වහ ගන්න යන්න එපා, මොකද මාධ්‍යවේදියා ජනතා දේපලවලින් යැපෙන, අබ්බ ගාතයෙක් නොවේ....! ඒ පුද්ගලයා කරන්නේම, දිවා රෑ ජනතාවට මෙන් රටට සේවයක්...! ඒ අතින් ලියන පෑන කවදාවත් දුක් බර පැත්තට නැවුනත්, බර වැඩි පැත්තට නැවෙන්නේ නැහැ.. ?දේශපාලුවෝ මාධ්‍යවේදියාට බනිනකොට මගේ ඇගේ මාළු නටනවා.....! අසරණයෝ කීදෙනෙකුට වසරකට උදව් උපකාර කරනවද ලක්ෂ ගණනින් මේ පත්තරය ...? උඩ බලාගෙන ඇගේ පහකර ගන්නව මේ අම්මණ්ඩිල..? (ස)
උම්බෑ! නෙවෙයි , බුහ්! බුහ් !! කියලා. (ස)
ඒ කතාවේ ඇත්තක් නැතුවම නෙවෙයි නේද? හැබයි මේක පලකරන්න ධෛර්යයක් තිබෙයිද මන්දා ? (ස)
මෙච්චර කාලෙකට අපි දැක්කේ පක්ෂවලට කඩේයන පාක්ෂිකයෝ, මාධ්‍යයට කඩේයන පාඨකයෝ ටිකක් මේ දැක්කමයි (ස)
පක්ෂ වලට තියෙන ගොන් භක්තිය නිසා මේ අයට ඡන්දය දෙන අයට මඩු වලිගෙන් තලන්න ඔනේ. (ස)
මේ වගේ අයට මහත්මිය කියල කියන ඔයාලට තමඊ එස්සෙල්ල ගහන්න ඕනෑ (ස)
මාධ්‍ය කරුවෙකු විසින් මෙහෙයවන පෑනේ බලය විධායක බලයටත් වඩා වැඩියි. මන්ද එයට බලපෑම් කළ ලොව ප්‍රබල පුද්ගලයන් රාශියක් සල්ලම් වී ඇති බව ඉතිහාසය පුරා පෙන්වා දී තිබෙනවා.පේනවා නේද මාධ්‍ය මෙයට යොදා තිබෙන වචන මාලාව මේ වචන ටික ඇති මන්ත්‍රීවරියට ඔය විදියට හැසිරෙන්න. (ස)
අර ගුරුවරියකගේ කේස් එකට සම්බන්ද උණු කෙනාගේ සහෝදරියක්ද ? (නදී)
මෙයාට මොකද්ද මේ ගැන තිබෙන ප්‍රශ්නේ ? එයා ට නැති වුන ළමයා සොයා දෙන්න පුළුවන් නම් උඩ පැන්නට කමක් නැහැ. (නදී)
සැමුවෙල්, මේ එයාගේ අක්කා.(නදී)
මට පොඩි වෙනසක් දැනෙනවා. උත්තමයෙක්ගේ හරි උත්ත්මාවියකගේ හරි බඩේ අමාරුවක් වගෙයි! (නි)
මේකට තමයි කියන්නේ පොඩ්ඩක් හරි මොළය තිබෙන අයව මහජන නියෝජිතයන් ලෙස තෝරාගන්න කියලා. (නි)
මෙයාගේ නමවත් අපි දැනගත්තේ ඔහොම දෙයක් කිව්ව නිසානේ. එහෙම කියන්න ඇත්තෙත් ඒ බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. (නි)
සෙනඟ පිරෙන තැන්වලට ඇවිල්ලා කතා පවත්වන එක මෙයාලගේ හැටි. එයාලා කියන දේවල් ඒ තරම් ගණන් ගන්න ඕනෑ නැහැ. (නි)
නුදුසුස්සන් මෙවැනි තැන් වලට පත්කළ විට සිදුවන්නේ මෙවැනි දේවල් තමයි (නි)
මොකද දන්නෙ නැහැ මාධ්‍යවේදීන් මේ තරම් ඇලජික්? (නි)
මේ අය නැවත පාසල් යවන්න ඕනෑ. (නි)
දැන් මෙයාත් එතනට ගිහින් තියෙන්නෙ මරණය හරි විකුණන්න පුළුවන්ද කියලා බලන්නද?සමහරවිට මාධ්‍යවේදීන් සිටින තැන ඒක විකුණන්න බැහැ කියලා හිතුනද දන්නෙත් නැහැ ඔහොම බැන්නෙ. (නි)
මට නම් පෙනෙන්නේ මැඩම්ට දේශපාලන ඌෂ්ණය වැදිලා කියලයි. (නි)
මෙයා මාධ්‍යයට මෙතරම් බිය වන්නේ මන්ද? (නි)
මෙයාලා වගේ අය ගැන මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
නූගත්කම මොනවට කියාපාන්නක්. (නි)
සමන්ති, මේ අයව පාසල් යවලා, පාසලේ ඉන්න හොඳ ළමයින්වත් නරක් කරන්නද හදන්නේ? (නි)
මේ ප්‍රශ්න වලට මූලික වෙලා තියෙන්නේ අද තියෙන අන්තෙටම පිරිහිච්ච මාද්‍ය කලාවයි. මාද්‍ය සදාචාර සාරධර්ම කිසිදෙයක් අද නෑ. (නදී)
සමහරුන්ට මාධ්‍යවේදීන් ඇලජික්. ඒකයි ඔය. (නි)
මාධ්‍ය සමඟ බොහොම ප්‍රවේශමෙන් වැඩ කරන්න ඉගෙනගන්න. එය ඔබේ අනාගතයට හොඳ වේවි. මෙම දරුවා සොයාගන්න ඒ අයගේ උපකාරය ලබාගන්න. මේක තනියම කරන්න බැහැ. පෑන ඉතාමත් බලවත්, ජන බලයට වඩා (නි)
මොවුන්ට ඡන්දෙ දීලා එවපු අපි අපිටම ගහගන්න ඕනෑ. අපිටයි පිස්සු. අනේ අපේ රටට ගිය කලක්. (නි)
මෙයා මහත්තයාගේ නමත් කනවා .ඔය විදිහට ගියොත් මහත්තයාගෙනුත්, ජනතාවගෙනුත්, දෙපැත්තෙන්ම කන්න වෙනවා විතරක් නොවේ, ලබන පාර ගෙදර යන්නත් වෙනවා (නි)
මෙයා තමයි සුජාත දියණිය කියල පෝස්ටර් ගැහුවේ. (ස)
මේ අයට ඕනෑ කොහොමහරි ප්‍රසිද්ධියක් ලබාගන්න. (නි)
බොරු "ෂෝ එකක්" දාන්න ගිහින් වැටුන අමාරුවක තරම... ! (නි)
ඔය කියපු දේවල් සේරම හරි නම් එයාගෙන් අහන්න ඕනෑ. එයාලා එන්නේ මරණයක්, කරදරයක් වුණොත් විකුණාගෙන කාලා යන්න. ලැජ්ජාවක් නැත්තේ ඒ අයටයි. පත්තර හින්දා තමයි සාමාන්‍ය ජනතාව මේ වගේ සිද්ධීන් දැනගන්නේ. නුසුදුස්සන්ගේ මෝඩකම පෙන්වනවා. (නි)
මෙවැන්නන්ට බලය ලබාදීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය (නි)
සම්පත් සොයුර නිකමටවත් සිතුවාද? අපේ රටේ දුප්පතෙකුගේ දුකට පිහිට උනානම් ඒ මේ වටිනා මාධ්‍යවේදියෙකුගේ අතින් ලියවුනු වචන ටිකකින් මිස, ඔය සුර සැප විඳගෙන ගිරිය පුපුරන්න දොඩවන දේශපාලකයෙක් නිසා නොවෙයි කියල , අපිත් අද කොහේ හරි රටක සැපට ඉදන් ලැප්ටොප් එක උඩ හිටගෙන, උජාරුවට අදහස් ලියන්නේ, අනේ මේ කියන මාධ්‍යවේදියා, මුළු දේශපාලකයන්ගේම ගල්මුගුරුවලින් පහර කාගෙන, ලේ පෙරාගෙන, ඒ කරන සේවයට පින් සිදුවෙන්න, අපි මෙහෙවත් ඒ නිර්භීත මිනිසා වෙනුවෙන් හඬක් නැගිය යුතුමයි..! ඒක තමයි අපේ කම ..!!! (ස)
මෙයාලට ඡන්ද දුන් අය ගැනත් හිතාගන්න පුලුවන් (නි)
මේ අයට ඕන පොඩ්ඩක් අපිත් ඉන්නවා කියල ලංකාවට පෙන්නන්න. මම හිතන්නේ ඇය සාර්ථකයි. මාධ්‍යවේදීන්ට බැනල ඒ අය ලවාම ජනප්‍රිය වෙනවා. මාධ්‍යවේදීන්ට මේක තේරෙන්නේ නෑ. ඌරාගෙ මාලු ඌරාගෙ පිටේ තියල කපනවා කියන්නේ ඕකට තමා. (ස)
එයා කොහොමත් උම්බෑ කියන එක්කෙනෙක් තමා. (නි)
ගව මහීෂයන් කදාවත් " උම්බෑ" නොකියා මනුස්සයෝ වගේ කතා කරේ කොහෙදිද ? (ස)
උම්බෑ කියනවා නම් ඉතින් දැන් තීරණයක් ගන්න වෙයි (නි)
මේ වගේ කෙනෙකුට ඡන්දය දුන් මිනිසුන් ලැජ්ජා වෙන්න ඕනෑ. මිගලෑවේ දරුවා නැති වූ වෙලාවෙත් ඒ වගේම අර ගණන්කාර දේශපාඥයා ගුරුතුමියක දණ ගැස්වූ වෙලාවෙත් මාධ්‍යවලින් ඉටුවුණ සේවය අපට මතකයි. මෙයා ආවේශ වෙලා උඩපනින්නේ හංගාගන්න දේවල් එයාටත් තිබෙන නිසා වෙන්න ඇති! (නි)
බන්දුල පෙරේරා මේකට මොකුත් දමන්නේ නැද්ද? (නි)
මෙයා මාධ්‍යෙව්දින්ගේ වගකීම ගැන කතා කරන්නේ, මෙයාලගේ බල ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙන ගෙවල් වල තත්වය මේ සිද්ධිය වූ නිවසින් ම පේනවා නේද ? එයාලගේ යුතුකම් ඉටුකරලා තියෙන හැටි ද මේ පේන්නේ. ? (ස)
ඡන්ද වලට විතරද මාධ්‍යය ඕනේ (ස)
පුදුම වෙන්න දෙයක් නැහැ එක අතකට. (නි)
උම්බෑ කියනවා නම් ඉතින් කෙවිට ගන්න කාලය හරි මලේ (නි)
ඡන්දෙන් දිනලා ඉන්න අයට මේ අසනීපය හැදෙනවා. මේකට කියන්නේ "මාධ්‍ය නිව්මෝනියාව." (නි)
දැන් දැන් වෙන දේවල් වල හැටියට, මේ කෙනාටත් හිතෙන්න ඇති මාධ්‍යවේදින් නිසා මේකත් යන අත වෙනස්වේවි කියලා (නි)
මම දන්නවා එයා ගැන (නි)
මෙයා වගේ අය ගැන මට හිතෙන දේ ලිව්වොත්, මෙතන පළකරන්න නොහැකි වේවි (නි)
අපරාදේ මිනිසුන්ගේ මනාප ඡන්ද.. (නි)