සිංගප්පූරුවේ දී බස් ටිකට්පතක් මහපාරේ දමා සිංගප්පූරු ඩොලර් 50ක (රුපියල් 5099) දඩ කෑ බව මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා මධ්‍යම පළාත් සභා රැස්වීමේ දී කීවේය.
පරිසරය රැකීම සඳහා ශ්‍රී ලංකාවේත් මෙවැනි නීති තිබිය යුතු බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ,පොලිසියේ ලොක්කෙකුට කෝල් එකක් දෙන්න අමතක වුණාද ? (අ)
ලංකාවටත් ඔවැනි නීති ගෙනැල්ලා ලස්සන කරමු. (නි)
අනේ අපේ සල්ලි.... (නි)
අනේ අපේ අයට කොපමණ ඉගැන්වුවත් ..පුරුද්ද අත් අරින්න බැහැ. හොද වැඩේ. ඩොලර් 50 ක් නොව 5000 ක් දඩ ගහන්නයි තිබුනේ ? (අ)
පරිසරය රකින්න නීති දාන්න කලින් අපේ මන්ත්‍රීවරුන්ට විදේශීය සංචාර වලදී මහජන නියෝජිතයින් හැටියට වගකීමකින් යුතුව රටේ ගෞරවය රැකෙන පරිදි හැසිරෙන හැටි කියාදීම වැදගත් බවයි මට හිතෙන්නේ. (නි)
පරිසරය රැකීමට නම් එය ආරම්භ කළයුත්තේ ප්‍රාදේශීය සභා මට්ටමෙන්.පළමුව ප්‍රාදේශීය සභාව, පළාත් සභාව ,නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දක්වා ඉහළට යායුතුයි.වැඩිපුරම කුණු දමන්නේ, එකතු කරන්නේ,කුණු හලන්නේ ,කුණුකතා කියන්නේ වගේම කුණු වැඩ කරන්නේත් අදාළ ස්ථාන නිසා ඒ අයට දඩකොල දීලා ආදර්ශමත් වී පසුව මහජනයාට දඩගැසීම තමා වටින්නේ ! (නි)
පරිසරය රැකීම අංශයෙන් හරිම මොන්ටිසෝරි මට්ටමක අපි ඉන්නේ . ඇමති තුමා දඩත් කාල ඉගෙන ගෙන තියෙන්නේ පස්වලට දිරා යන බස් ටිකට් එකක් ගැන විතරයි. පරිසරය ආරක්ෂා කරන්නට එක්සත් ජාතීන්ගේ පරිසර රැකීමේ සංවිධානය මීට වඩා දහසක් දියුණු උපදෙස් ඇතුලත් වැදගත් පර්යේෂණාත්මක ප්‍රඥප්තියක් සියලු රටවලට ලබා දී තියනවා. මේවා පිළිබඳව උනන්දුවක් අපේ රටේ දේශපාලකයන්ට වත් ඒ අංශවල නිලධාරීන්ටවත් නැහැ. උදාහරණයක් ලෙසත්, මගේ ලංකාදීප සංවාද මණ්ඩපයේ සොඳුරු මිතුරන්ට දැන ගන්නටත් මම එක කරුණක් කියන්නම්. වාහනයකින් වැටෙන එක එන්ජින් තෙල් බිඳුවකින් ඒ අවට පානයට ගත හැකි ජලය ලීටර 600 ක් විනාස වෙන බව. ජර්මනියේ රියදුරු පාසල්වල උපදේශකයන් පවා මහජනතාවට කියාදෙනවා. තෙල් මනින කූර එලියට අදින කොටත් කුඩා රෙදි කැබැල්ලක් තබා පිස යන අයුරින් ගන්න උගන්වනවා. මිතුරනේ අපේ රටේ ගරාජ් වලින් ,ඉන්දන පිරවුම් හල වලින් වාහන වලින් වැටෙන තෙල් කොපමණද ? ඕනෑම තැනකින් ළිදක් කපා වතුර බොන්න පුළුවන් වෙච්ච අපේ රටේ දැන් බොන්නේ බෝතල් වතුර. සමහර තැන්වල ඒවත් පිටරටින්. වකුගඩු ලෙඩුන් ,පිළිකා ලෙඩුන් රට පුරා. ලෝකයේ කොහේ හිටියත් ඔබලාවත් ඔය මොන්ටිසෝරි මානසිකත්වයෙන් මිදී මෙවන් උපදෙස් මත අපේ පරිසරය රැක ගන්න. (නදී)
මේක අපේ රටේ නමට හොඳ මදි (නි)
ඒක දැන දැනත් මොකද සිංගප්පුරුවට ගිහින් නීති කැඩුවේ? (නි)
අපේ රටවල ඔහොම නීති දැම්මොත් සමහර පක්ෂ කියයි ආණ්ඩුවට සල්ලි නැතුව බදු ගහනවා කියලා (නි)
අපේ රටේ තියෙන නීති ටිකවත් රකින්න කියලා කියන්න කවුරුවත් නැති හැටි? (නි)
බලන්න ඒ රටවල් ඒ අතින් කොච්චර ඉදිරියෙන්ද කියලා ඉන්නේ (නි)
ලංකාවේ ඕකේ අනෙක් පැත්ත තමයි.......දඩ කොලය දුන් නිලධාරියා හිරේ. (නි)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
චානක, ලංකාවේ ඕකේ අනෙක් පැත්ත තමයි. දඩ කොලය දුන් නිලධාරියා හිරේ. ඔබ හරියටම හරි අධිවේගෙ සිද්දිය දන්නවානේ (නදී)
මෙහේ වගේ සෙල්ලම් බැහැ පිටරටවල (නි)
අපේ රට ඒ අතින් කොච්චර පහළද තියෙන්නේ? (නි)
සිංගප්පූරුවේ "ලිට්ල් ඉන්දියා" තරම් ජරා පැත්තක් මම ලංකාවේ කොතනවත් දැකලා නෑ. ලෝකය ගොනාට අන්දන්න සමහර පැති ලස්සනට තියාගෙන ඉන්නවා ඇති. (නදී)
මේ දඩය මන්ත්‍රීකමට ගැටළුවක් නොවේද? (නි)
ලංකාවේ සමහර අය පිටරට ගිහිල්ලා රටේ නම කැතකරනවා (නි)
මග ඇරිලා වෙන්න ඇති! හ්ම් හ්ම් ... (අ)