ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාට අමතරව ඒ සඳහා පත්කරන සාමාජිකයින් පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වය ඇතිව කතානායකවරයා විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇතැයි කතානායක කාර්යාලය අද (24) නිවේදනය කළේය.
මේ සඳහා අග‍්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ක්ෂේත්‍රව පිළිබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණු බැවින් ව්‍යවස්ථානුකූලව පනතේ 4(12 වගන්තිය අනුව කතානායකවරයා විසින් පියවර ගනු ලැබිය යුතු බවත් ඒ අනුව ඔහු මෙම තීරණය ගත් බවත් ඡන්ද විමසීමෙන් පසු කතානායක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. මේ සඳහා අග‍්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ක්ෂේත්‍රව පිළිබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් පත් කිරීමට රජය ගෙනාති තීරණය ඉතා වටිනේය. නව ව්‍යවස්තාවක් සකස් කිරීම සදහා ලංකාවේ සිටින සියලු ජන කොටස්වලට සවන්දී ඔවුන්ගේ අදහස් විමසීම කළා සේම පළාත් මැතිවරණය ගැන නොව පළාත් සභාව ගැන මහජන අදහස් විමසීමට රජය ක්‍රියාත්මක කරන්නේ නම් බොහො වටිනේය. රුපියල් මිලියන කිහිපයක් හෝ වියදම් කර පළාත් සභාව ගැන රට පුරා ගොසින් අදහස් විමසන්නේ නම් මහජන අදහස් ලබා ගන්නේ නම් එය ජනමත විචාරණයක් පැවැත්වුවාසේය.
කොහොම හරි පගාවට ගෙම්බො පන්නන එක තියාගත්තොත් ඒ ඇති අපට.