මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත.
ඒ අනුව නගරාධිපති හා නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් තිස්දහසකි.උප නගරාධිපති හා උප සභාපතිවරුවන්ගේ දීමනාව රුපියල් විසිපන්දහසකි.මහ නගර සභා හා සුළු නගර සභා මන්ත්‍රී දීමනාව විසිදහසකි.මීටපෙර නගරාධිපතිට හා නගර සභාපතිවරුන්ට ගෙවුයේ රුපියල් පහළොස් දහසකි.සභිකයකුගේ දීමනාව රුපියල් හත්දහසකි.
ප්‍රාදේශිය සභාපති දිමනාව රුපියල් විසිපන්දසකි.උප සභාපති දීමනාව රුපියල් විසිදහසකි.මන්ත්‍රී දිමනාව රුපියල් පහළොස් දහසකි. මීටපෙර ප්‍රාදේශීය සභාපතිවරයකුට රුපියල් දස දසහක්ද උප සභාපතිවරයකුට රුපියල් හයදහස් පන්සීයක්ද මන්ත්‍රීවරයකුට රුපියල් පන්දහසක්ද ලැබිණි.
ශ්‍රී ලංකාවේ මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළාත් පාලන මන්ත්‍රීන්ට අත දිගහැර බෙදයි
මංජුල රියාද් Sunday, 16 November 2014 05:38 AM
ඕක කලින් දුන්නනම් නන්දන ගුණතිලක මහත්තය ඉන්නවනේ (බ)
තිස්ස Sunday, 16 November 2014 05:50 AM
ගරු මන්ත්‍රී තුමන්ලා කොපමණ අමරුවකින්ද ජිවත් වන්නේ . අනේ හොදයි!(දිල්)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 06:03 AM
කමක් නැහැ මෙයාලා මහජනතාව වෙනුවෙන් වැඩකරන අයනේ.(දිල්)
නිරාන් - සෞදි Sunday, 16 November 2014 06:27 AM
මෙන්න අයවැය ප්‍රතිඵල ආසියාවේ ආස්චර්ය නේද බන්දුල මහත්තයෝ (බ)
අජිත් කරුණාරත්න Sunday, 16 November 2014 06:33 AM
මෙච්චර කාලයක් ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලැබුනේ රුපියල් 10000/- ක් ලු. අනේ කොහොමද අනේ විශ්වාස කරන්නේ. මම රුපියල් 15000/- ක් විශ්‍රාම වැටුප අරගෙනත් ජීවත් වෙන්න අමාරු එකේ.එතුමා මෙච්චර කාලයක් මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියල හිතෙන කොට පපුව හෝස් ගාල යනවා.. (බ)
ලුම්බිණි Sunday, 16 November 2014 06:46 AM
මේවා පඩි වැඩි වීම් නොවෙයි. අල්ලස්. (බ)
සිල්වා Sunday, 16 November 2014 07:23 AM
ශ්‍රී ලංකාවේ මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි. ඉදිරියට තව බදු වැඩිවේවි නේද මේවා ගෙවන්න.(දිල්)
ටුආන් Monday, 17 November 2014 01:23 AM
මෙවන් වූ රටක ඉපදීමට ලැබීම ගැන සිතේ ඇත්තේ දුකකි (නි)
කින් බෙනට් Sunday, 16 November 2014 07:24 AM
එතකොට මේ අය එක චන්දෙකදී ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන, මිනි මරාගෙන , ගහමරාගෙන මේවට එන්නේ වැඩේ පාඩුයි නේ(දිල්)
ධම්ම Sunday, 16 November 2014 07:38 AM
ජයවේවා! කාට කාටත් වැඩිවෙනවාට අපි කැමතියි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් තව පඩි වැඩිවෙන්න ඕනෑ මේ කරන අසම සම සේවයට. (බ)
ජීවන් Sunday, 16 November 2014 07:51 AM
එයාලට කොමිස් තියෙනවනේ. පඩි මොකටද? (බ)
සඳුනි Sunday, 16 November 2014 07:54 AM
පලාත් පාලන නියෝජිතයන්ගේ කෙරුවාවල් නම් අන්තිමයි. නමුත් වැටුප් වැඩිවීම විය යුත්තක්. (බ)
ජෙහාන් Monday, 17 November 2014 01:55 AM
මෙතුමන්ලා නිසා නේන්නම් අපේ රටේ කීර්ති නාමය රැකෙන්නේ. ඉතින් වැඩි කරන එක අසාධාරණද? (නි)
චමිලා Sunday, 16 November 2014 10:41 AM
මෙයාලට ඔය තනතුරු ගන්න ඡන්දය දීපු අපිට මොනවාද හම්බවෙන්නේ ? (ර)
ගාමිණී Sunday, 16 November 2014 10:41 AM
කරුණාකර කියන්න, වැඩිහිටි අයගේ තැන්පතුවලට 12% ගෙවන්නේ මොන මාසේ ඉඳලද ? (ර)
රොෂාන් Monday, 17 November 2014 03:18 AM
කොහොමද අයවැය? හැමදාම වැඩිකරනවා. (නි)
චානක. Monday, 17 November 2014 03:23 AM
ඔයගොල්ලන් බෙදාගෙන කන්න, අපි බඩගින්නේ ඉන්නම්.... (නි)
මංජුල අබුඩාබි Sunday, 16 November 2014 11:40 AM
නගර සභා සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට තමන් කරන රැකියාවේ යෙදී සිටින ගමන් මන්ත්‍රී දුරය දැරීමට පුළුවන්. එම නිසා බහුතර මන්ත්‍රීවරු රැකියා කරන උදවිය නමුත් ජේ.වී.පී. මන්ත්‍රී වරුන් පුර්ණ කාලීනව දේශපාලනය කරන හෙයින් රැකියාවක් නොකරයි. (ර)
සිරිසේන Monday, 17 November 2014 03:46 AM
රට කමු. (බ)
ටිකිරි බණ්ඩාර Sunday, 16 November 2014 04:22 PM
අතපය දිගහැරලා වියදම් කරන්නේ අපි කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන් ගන්නා මහජන මුදල් වලින්. (නි)
පද්මිණි Sunday, 16 November 2014 04:24 PM
200% නෙමෙයි, 300%කින්ම වැඩිවෙලා තියෙන්නේ. වැඩකරන කම්කරුවන්ට මොනවද වැඩිවුණේ? එළවළුත් හරි ලාබයිලුනේ. (නි)