මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත.
ඒ අනුව නගරාධිපති හා නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් තිස්දහසකි.උප නගරාධිපති හා උප සභාපතිවරුවන්ගේ දීමනාව රුපියල් විසිපන්දහසකි.මහ නගර සභා හා සුළු නගර සභා මන්ත්‍රී දීමනාව විසිදහසකි.මීටපෙර නගරාධිපතිට හා නගර සභාපතිවරුන්ට ගෙවුයේ රුපියල් පහළොස් දහසකි.සභිකයකුගේ දීමනාව රුපියල් හත්දහසකි.
ප්‍රාදේශිය සභාපති දිමනාව රුපියල් විසිපන්දසකි.උප සභාපති දීමනාව රුපියල් විසිදහසකි.මන්ත්‍රී දිමනාව රුපියල් පහළොස් දහසකි. මීටපෙර ප්‍රාදේශීය සභාපතිවරයකුට රුපියල් දස දසහක්ද උප සභාපතිවරයකුට රුපියල් හයදහස් පන්සීයක්ද මන්ත්‍රීවරයකුට රුපියල් පන්දහසක්ද ලැබිණි.
ශ්‍රී ලංකාවේ මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කලින් දුන්නනම් නන්දන ගුණතිලක මහත්තය ඉන්නවනේ (බ)
ගරු මන්ත්‍රී තුමන්ලා කොපමණ අමරුවකින්ද ජිවත් වන්නේ . අනේ හොදයි!(දිල්)
කමක් නැහැ මෙයාලා මහජනතාව වෙනුවෙන් වැඩකරන අයනේ.(දිල්)
මෙන්න අයවැය ප්‍රතිඵල ආසියාවේ ආස්චර්ය නේද බන්දුල මහත්තයෝ (බ)
මෙච්චර කාලයක් ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලැබුනේ රුපියල් 10000/- ක් ලු. අනේ කොහොමද අනේ විශ්වාස කරන්නේ. මම රුපියල් 15000/- ක් විශ්‍රාම වැටුප අරගෙනත් ජීවත් වෙන්න අමාරු එකේ.එතුමා මෙච්චර කාලයක් මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියල හිතෙන කොට පපුව හෝස් ගාල යනවා.. (බ)
මේවා පඩි වැඩි වීම් නොවෙයි. අල්ලස්. (බ)
ශ්රී ලංකාවේ මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි. ඉදිරියට තව බදු වැඩිවේවි නේද මේවා ගෙවන්න.(දිල්)
මෙවන් වූ රටක ඉපදීමට ලැබීම ගැන සිතේ ඇත්තේ දුකකි (නි)
එතකොට මේ අය එක චන්දෙකදී ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන, මිනි මරාගෙන , ගහමරාගෙන මේවට එන්නේ වැඩේ පාඩුයි නේ(දිල්)
ජයවේවා! කාට කාටත් වැඩිවෙනවාට අපි කැමතියි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් තව පඩි වැඩිවෙන්න ඕනෑ මේ කරන අසම සම සේවයට. (බ)
එයාලට කොමිස් තියෙනවනේ. පඩි මොකටද? (බ)
පලාත් පාලන නියෝජිතයන්ගේ කෙරුවාවල් නම් අන්තිමයි. නමුත් වැටුප් වැඩිවීම විය යුත්තක්. (බ)
මෙතුමන්ලා නිසා නේන්නම් අපේ රටේ කීර්ති නාමය රැකෙන්නේ. ඉතින් වැඩි කරන එක අසාධාරණද? (නි)
මෙයාලට ඔය තනතුරු ගන්න ඡන්දය දීපු අපිට මොනවාද හම්බවෙන්නේ ? (ර)
කරුණාකර කියන්න, වැඩිහිටි අයගේ තැන්පතුවලට 12% ගෙවන්නේ මොන මාසේ ඉඳලද ? (ර)
කොහොමද අයවැය? හැමදාම වැඩිකරනවා. (නි)
ඔයගොල්ලන් බෙදාගෙන කන්න, අපි බඩගින්නේ ඉන්නම්.... (නි)
නගර සභා සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට තමන් කරන රැකියාවේ යෙදී සිටින ගමන් මන්ත්‍රී දුරය දැරීමට පුළුවන්. එම නිසා බහුතර මන්ත්‍රීවරු රැකියා කරන උදවිය නමුත් ජේ.වී.පී. මන්ත්‍රී වරුන් පුර්ණ කාලීනව දේශපාලනය කරන හෙයින් රැකියාවක් නොකරයි. (ර)
රට කමු. (බ)
අතපය දිගහැරලා වියදම් කරන්නේ අපි කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන් ගන්නා මහජන මුදල් වලින්. (නි)
200% නෙමෙයි, 300%කින්ම වැඩිවෙලා තියෙන්නේ. වැඩකරන කම්කරුවන්ට මොනවද වැඩිවුණේ? එළවළුත් හරි ලාබයිලුනේ. (නි)