(බිඟුන් මේනක ගමගේ)
"ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය" යටතේ පළාත් පාලන ආයතන 35 ක් තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් ජනතාවට සේවා සපයන්නේ යැයි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ඉක්ටා) පවසයි.
කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කළ මෙම වැඩපිළිවෙළෙහි පළමු පියවර යටතේ මෙම පළාත් පාලන ආයතන ඉ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත කෙරුණු බවත් තවත් පළාත් පාලන ආයතන 50 ක් දෙවැනි පියවර යටතේ ඇතුලත් කරගැනීමට කටයුතු කෙරෙන බවත් එහි වැඩසටහන් කළමනාකාරිණී තුෂා මුකුන්දන් මෙනෙවිය ‘ලංකාදීප’යට පැවසුවාය.
ඒ අනුව මහ නගර සභා 4ක් නගර සභා 12 ක් ප්‍රාදේශීය සභා 19 ක් මෙසේ මෙම සේවා පහසුකම් සැපයීම සිදු කරන්නේ යැයිද මුකුන්දන් මෙනෙවිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයතනවල ඉන්න වැඩ කරන්න බැරි ටික අයින් කරන්න බැරිද ??
අයියෝ සල්ලි. හොඳට පගා ගහ ගනී!
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කරා නම් ඉතින් ඕක වැඩකට ඇති එකක් වෙන්න බෑ. මොනවා වුණත් මිලියන ගාණක ව්‍යාපෘති අනුමත කරගෙන ඇති....