උතුරු , උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාතේ ස්ථාන රැසක හෙට (20) වැසි සහිත කාලගුණයක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා කියයි. දිවයින හරහා පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇති වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තද මිහිදුම් තත්ත්වයක් පවතී. අඩුම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 8 නුවරඑළියෙන් වාර්තාවන අතර වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 රත්නපුරයෙන් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාළගුණ දෙපාර්තමේන්තුව ඔහොම කියන්නේ ලැබෙන දත්ත අනුවයි නමුත් නොයෙකුත් හේතුන් නිසා අහසෙහි ස්වභාවය වෙනස් වෙනවා එතකොට ඔය කියන අනාවැකි වරදිනවා. එම නිසා කාළගුණ දෙපාර්තමේන්තුව උපහාසයට ලක්කිරීම වැරදී. (ම)
අහන්නත් සතුටුයි (නි)
බමුණු කියන කතාව හරි. අපිට තියෙන්නේ යල්පැන ගිය තාක්ෂණික උපකරණ. ඒවා භාවිතා කරලා මෙහෙම හරි අනාවැකියක් කියනවට තෑගි දෙන්න වටිනවා. ඊයේ කිවුවා වගේම අපිට නම් අද වැස්සා. (නි)
ඔය කිව්වට ඔය විදියට වෙයිද ? (බ)
කාළගුණ දෙපාර්තමේන්තුවෙන් කියන නිසා වරදින්නේ නැහැ (නි)
අනේ මොනතරම් හොඳ පුවතක්ද? (නි)
අනේ වාසනාවන්! (නි)