නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්   තැනින් තැන වැසි ඇති වේ‘.

‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  බස්නාහිර , වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.

‘මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල  විටින් විට ඊසාන  දිග මෝසම් සුළං වේගය  පැයට කිලෝ මීටර්. 50 පමණ අගයක් දක්වා වැඩිවේ‘

‘ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.

‘සුළං ඊසාන දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 30-40 ක් අතර වෙයි.‘

‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං  වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 පමණ දක්වා වැඩි විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි‘.

2015පෙබරවාරි මස 05 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරිණි.