බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම ්ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික  තද සුළං ද ඇති වේ.