මධ්‍යම පළාත් සභා ක්‍රීඩා වනිතා ග්‍රාමසංවර්ධන ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවස ඉදිරිපිට තිබූ විශාල මැතිවරණ කටවුට් එකක් සහ සරසිලි විනාශ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීම සදහා දඹුල්ල පොලිසියට ගොස් සිටියදී පොලිසියට ආ එජාප ආධාරකරුවන් බව කියන පිරිසක් තමන්ව මරා දමන බවට තර්ජනය කලැයි කියමින් පොලිසියට පැමිණිලි කර ඇත .
මැතිවරණ පැමිණිලි 3 ලැබී ඇති බවත් ඒවා සියල්ල අධිකරණයට කරුණු වාර්තා කරන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් දඹුල්ල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් ඇමතිට පොලිසියේදී අලි තර්ජන
ප්‍රියාන් Saturday, 01 August 2015 10:17 AM
අතාවුද නිකම් මෝඩ කතා කියන්න එපා. 77 එහෙම උනා කියල දැනුත් එහෙම වෙන්න දෙන්න පුලුවන්ද? 77 දිනුවේ ඒ ජා පය කියල අමතක කරන්න එපා. 77 දීත් පොලිසිවල සුමානයක් නිවාඩු දීල මැර වැඩ කලේ එ ජා පය කියල අපි දන්නවා. (නදී)
dias Saturday, 01 August 2015 10:42 AM
දඹුල්ලේ ලොක්ක පනින බව දන්නා නිසා සන්දානේ කට්ටියක් පුතා ට විරුද්ද වෙන්ඩ ඇති. දැන් පනින අයට කට්ටිය විරුද්දයි නේද? (නදී)
සමන්ත සුගතවංස Saturday, 01 August 2015 11:14 AM
අනේ ප්‍රමිත මහත්තයෝ, තාත්තා රට වටේ ගිහින් මහින්ද මහතාගේ පා නමදිමින් බාල්දු වෙනවා. ඔබතුමා ඔහුගේ පින්තුර ගහගෙන ඉන්නවා. අපිට නම් ලැජ්ජයි. (නදී)
සිරිමල් Saturday, 01 August 2015 02:38 PM
77 දී ධර්මිෂ්ඨ කියන නම පට්ට ගැහුවා අධර්මිෂ්ඨ ලංකාවක් ඇතිකලා. දැන් යහ පාලනය කියන නම පතුරු ගහනවා නැවතත් මිනී කන්නන්ගේ දේශයක් ඇතිවේගන යනවා (නදී)
විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:22 PM
අතාවුද මහත්තයා කටින්ද කතා කරන්නේ? භීෂණය නැවත වැපිරෙමින් තිබෙනවා කියා දස අතින්ම පේනවා. (නි)
හසිත Saturday, 01 August 2015 08:59 AM
ඡන්දයට පෙර මෙසේ හැසිරෙනවා නම් ජයග්‍රහණය කලොත් කෙසේ හැසිරේවිද? නීතිය අතට අරන් මෙසේ හැසිරේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කල යුතුය (නදී)
මිගිද Sunday, 02 August 2015 02:08 AM
භීෂණය නැවත වැපිරෙමින් තිබෙනවා වගෙයි (නි)
බන්දුල Sunday, 02 August 2015 02:17 AM
භීෂණයක් තිබුනේ පසුගිය පාලනය යටතේ. දැන් එහෙම නැහැ (නි)
සරත් අතාවුද Saturday, 01 August 2015 09:20 AM
ඔයගොල්ල දන්නේ නැහැ ඔයාගේ අප්පච්චිලා 77 කරපුවා. ඕව ඔය ආපස්සට කැරකිල දැන් ඔය විඳවනවා (නදී)