දෙමාසයක සිට ගමට වල් අලින් වදිතියි කියමින් මාතලේ මඩවල උල්පත කැටවල ගම්වැසියෝ අද එහි පැවති දිවි නැගුම වැඩසටහනක හා පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතාට විරෝධය පෑහ.
පාරේ වාඩිවී ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා පත්තුකරමින් ගැමියන් කියා සිටියේ අලි ප්‍රශ්නයට වහා විසඳුමක් දෙන ලෙසයි.
පළාත් සභාවට අලුතින් තේරී පත් වූ දිසානායක මහතා පැවසුවේ සතියකින් විසඳුමක් දෙන බවයි.
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් ඇමැති වල් අලි ප්‍රශ්නයට මැදිවේ
සත්‍යයා Saturday, 12 October 2013 06:04 AM
ජනාධිපති මහින්ද රාජපක්ෂත් බලයට පත්වෙලා සතියකින් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කිව්වා. මට පේන විධිහට ඔය දේශපාලන කාරයින්ගේ සති බ්‍රහස්පති වැනි දැවැන්ත ග්‍රහයෙකුගේ සතියක් (පොලවේ සති 416ක් ) වෙන්න ඕනේ. ඔහොම යන් !(නදී)
උපාලි Friday, 11 October 2013 02:23 PM
ඔය තියෙන්නේ විසඳුම ඒ ගොල්ලොම හොයාගෙන. "පාරේ වාඩි වී ටයර් පුළුස්සමින් රතිඤ්ඤා පත්තුකලා" නම් අලි හතර මායිමට එන්නේ නැහැ. (ත)
උපුල් Friday, 11 October 2013 03:01 PM
මොකද මේ හැම එකටම විසඳුම් දෙන්න මිනිස්සු පාරට බහිනකන් ඉන්නේ? එතකොට රුපවාහිනියට මුණ දාගන්න ලැබෙන නිසාද? (ස)
ආලෝක Friday, 11 October 2013 09:21 PM
අලි ගම් වලට එන හේතුව හොයන්න? කැලේ වෙඩි දාල ගල් කඩනවා, ගංජා වවන්න හෝටල් හදන්න වැලි ගන්න ගස් කපන්න දේශපාලකයොයි හොරුයි රිංගලා. ඒකයි අලි එලියට ඇවිත් තියන්නේ, උන් මොලේ තියෙන සත්තු. අපේ විනාසකාරින්ට තේරෙන්නේ නැහැ. සුමානෙකින් කරන්න හදන්නේ පැටවූ අල්ලගන්න බලන එකයි.. උන්ට වෙඩි ගහල කුලප්පු කරන එකයි. විසදුම් සැලැස්මක් ඕනේ. අලිමන්තර ගැන ලිපියක් ලංකාදීපෙම තියෙනවා. ඒවා මිනිසුන්ට දෙන්න. ජීවිතයි අලියි දෙකම බේරන්න ඕනේ බෞද්ධ රටක් නම් දේවානම් පියතිස්ස රජ කාලේ ඉඳන් කළා වගේ. මේ පවට ගෙවන දවසට තේරෙයි අද බලේ රස විදින උතුමානන්ලට.(නදී)
දිසා Friday, 11 October 2013 03:31 PM
පාරේ නිදියමු,රතිඤ්ඤා පත්තු කරමු. ටයර් පුච්චමු හොරු එළවමු (දිල්)
සමීර Saturday, 12 October 2013 10:07 AM
ජයවේවා ලක්දෙරණට මේ අලි ලොකුවෙලද අනේ මිනිසුනේ දැන්වත් මොලේ ඇති වැඩ කරන්න උත්සහකරන්න (දිල්)
කමල් Friday, 11 October 2013 03:50 PM
මේ අලි සතියකින් වල් කම අත්හැරලා හීලෑ අලි වෙයිද? (ස)