මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.
‘අපි මේ ප්‍රකාශය ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඩුවමක් ලැබිය හැකියි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට මරණිය තරජන සිදුකිරීම වැනි තව කරුණු අනුව ඔහුට උපරිම දඩුවමක් ලබා දෙන්න පුළුවන්.‘
පළාත් අමාත්‍ය ඩි වී උපුල් එම ප්‍රකාශය කළ අවස්ථාවේ පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද වේදිකාවේ සිටි බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“මහින්ද රාජපක්ෂ අගමැති වුනොත් මං පිටරටකට ගිය අතරේදි ලංකාවේ මිනිස්සුනුත් මරලා, එනකොට මාවත් මරලා දාල එයා ජනාධිපති වේවි. මං එවැනි දේකට ඉඩ තියන්නේ නෑ. මං එච්චර මෝඩත් නෑ. දැනටත් මං අත තද කරගෙන ඉන්නේ. මං අත බුරුල් කළොත් රාජපක්ෂලාට වෙන දේ බලාගන්න පුළුවන්. මගේ අත බුරුල් කරන තැනට වැඩ කරන්න එපා“ යි ජනාධිපතිවරයා පවසා තිබේ. (බ)
ලංකාවේ නීතිය ක්‍රියාත්මකවීමක් ගැන නම් අපිට බලාපොරොත්තු තියාගන්න බැහැ (නි)
මට නම් ලැජ්ජයි. (නි)
මේ අරාබි ජාතිකයා කියන්නේ මහා බැංකු අධිපති ගැන වෙන්න ඇති. ඔච්චරක් කරුණු දන්නා එකේ ඇවිත් සාක්කි දෙන්න පුළුවන් නේ. මේ අයට සාක්කි නැතිව ඉන්නේ. I ඔබතුමිය අර උතුරේ මහා ඇමතිගේ ප්‍රකාශය දැක්කේ නැද්ද ? (ම)
දැන් තියෙන්නේ ලංකාවේ වෛරස් දේශපාලනය හා එකිනෙකට පලිගන්න වියරු වැඩුන යහපතක නැති යහපාලනය (ම)
රටක් වශයෙන් ගත්තම ,එක මිනිහෙකුට මේ තරම් ඇඹරෙන පොලිසියක් ලෝකයේ කොහෙවත් නැතිව ඇති. (ම)
ඔව් ඉතින් හරියටම නීතිය මොකද්ද කියලා දන්නා කෙනෙක් වේදිකාවේ ඉඳලා නැහැනේ, මේ මනුස්සයාට කට පරිස්සම් කරගන්න කියන්න. (නි)
ඇත්තටම මහින්දට විරුද්දව අදහස් දාන උදවිය දැකලා තියෙනවා , ඒ වගේම වාද කරලාත් තියෙනවා , නමුත් මේ වාගේ වෛරක් කාරයෙක් දැක්කේ නැහැ , මේ සබාවේ කොයිතරම් මහින්දට බනිනවාද , නමුත් මෙයා නම් පෞද්ගලික තරහක් තමා පිරි මහන්න හදන්නේ. අනෙක් කරුණ නම් කවදාවත් මෙතුමිය රනිල් හෝ මෛත්‍රී හොදයි කියලා නැහැ ලේසියෙන්. මේ නම් ෂුවර් එකටම ඩයස්පෝරාවෙන් වැටුප් ලබන්නෙක් තමා. මෙයා ශ්‍රී ලාංකික නම් වෙන්න බැහැ, මිස්ටර් ප්‍රබාකරන්ට වත් අපේ උදවිය මෙතරම් වෛරෙන් මුද්‍රිත මාද්‍ය වල කතා කරලා නැහැ. කමක් නැහැ ඕනෙම නමකින් අදහස් දාන්න මෙතන ඉඩ දීලා තියෙනවානේ ඕනෙම ජාතිකයෙකුට. ඔහොම යමු ඔහොම යමු (නදී)
මේ වගේ කතාවලට අත්පුඩි ගහන අයත් අපේ රටේ ඉන්නවා. (නදී)
මහින්ද ආවොත් කොහොමත් ඔයටික තමයි කරන්නේ. උපුල් කියන එක ඇත්ත.(නදී)
දැනට රට පාවා දෙන ද්‍රෝහියෝ ප්‍රසිද්දියේ නිදහසේ ඉන්නෙත් ලංකාවේ විතරයි (නදී)
වැඩේ කියන්නේ අහවලාත් වේදිකාවේ හිටපු එකයි. ඒත් පුදුම වෙන්න දෙයක් නැහැ, එයාලට හුරුපුරුදු දේවල්නේ ඕවා. (නි)
මම හිතන්නේ අරලිය ගහ මන්දිරේ කුමන්ත්‍රණේ වෙනකොට මෙයා එතන ඉඳල..යන්න මහත්තයෝ යන්න (බ)
ඒකට හරි නම් ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණේ ඕක කියපු වෙලාවේමයි (නි)
ගල් ගහලා මරන්න ඉස්සෙල්ල ඔක්කොටම ජම්පරයයි නොම්මරයයි හම්බවෙයි ළඟදීම .......එතකොට ගල් තල තල තමයි වෙන්නේ .(ම)
ඩුබායි වල ඉන්න සමහරු කුලප්පු වෙලා. මම හිතන්නේ අරලිය ගහ මන්දිරේ කුමන්ත්‍රණය වෙනකොට මෙයා එතන ඉඳලා.යන්න මහත්තයෝ යන්න කුණු ඕපාදුප වෙබ් වල පච ගෙනවිත් මෙතන වපුරන්නේ නැතුව.මේ තීරුවේ ඔහේ ගහන මඩ මේ දේශපාලකයෝ කියන මේ කතා වලට වඩා ගොඩක් හිරිකිතයි.කලින් තමුන් නාලා පිරිසිදුවෙලා එන්න,අනෙක් මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න. (නි)
මේ වගේ නොහොබිනා කතාවට ප්‍රසිද්ධ ඔක්කොම එකට තියලා වාද බයිලා තරඟයක් පැවැත්වුවා නම් ඊළඟ මැතිවරණයෙන් උඩින්ම අසවලා දිනාවි. (නි)
යහපාල මහත්තයා අවුරුදු 7ක් හිරේ ගියාම පාර්ලිමේන්තු ගිහින් වැඩක්යැ. මහින්ද දේශපාලනයට ගෙනාවේ මේවගේ පාදඩයෝ විතරයි. චණ්ඩි මල්ලි උපුල් සජින් වාස් මේ ඔක්කොටම රටට විනකරන අය (බ)
වසර 7 කට ඕනේ නෑ මාස 6 කට විතර යැව්වොත් ඇති ඔය ලෙඩේ සනීප වෙන්න (බ)
මේ අපේ රටේ දේශපාලකයන් කියලා ලෝකයට හඳුන්වා දෙන්න පුලුවන්ද? ලැජ්ජාවේ බැහැ. මහා ලොකුවට නීතිය හදාරපු කට්ටියත් අහළින් පහළින් ඉන්නවා නේද? (නි)
මේ දෙකවත් පාස් නැති මෝඩ ඇමතියා ගෙ කයිය අහගෙන හිටපු හොරට පාස් හොර ලෝයර් හිතන් ඇති මේක හරි ලොකු කතාවක් කියල. (බ)
අපේ රටේ සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ කතා කරනකොට අහළ පහළ ඉන්න බහ තෝරන පොඩි ළමයින්ගේ කන් වල ඇබ ගහන්න වෙලා තිබෙන්නේ. ඒගොල්ලන් එච්චර ලස්සනට හෙළ බස හසුරවනවා. (නි)
ඔය රන්ජන් රාමනායක බුරන ඒවටත් පොලිසිය ක්‍රියාමාර්ගයක් ගන්නකෝ (බ)
මේ වගේ කට්ටියව ඊළඟ ඡන්දෙන් ගෙදර යවන්න ඕනෑ. (නි)
අනිවාර්යයෙන්ම බරපතල වැඩ සහිතව හිරේ යැවිය යුතුයි (නි)
අපි නම් අහලා තියෙන්නේ මෙහෙම කතා කියනකොටම කට පොඩිවෙන්න දෙකක් ගහපුවම නතරවෙනවා කියලා. (නි)
නාමල් ඉදිරියේ මෙයාලා චණ්ඩි වෙලා. මේ වගේ අය බලය තියෙද්දී කරපුවා තාමත් විකාරයෙන් දොඩවනවා. මේ වගේ අයට ආයේ පාරක් රජ කරන්න ඉඩ නොතබන්නට ජනතාව වගබලා ගතයුතුයි. (නි)
පොඩි මිනිහට විතරයි නීතිය, ඇමතිලට නැහැ. ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මම විඩියෝ එක බැලුවා. පළාත් සභා ඇමති උපුල් විසින් වෙනත් තැනක පොලිස් නිලධාරීන්ට ගල් ගසන්නේ ඔහු කියා කීවේදැයි මම නම් නොදන්නෙමි. හදිසි නොවී කියපු දේ පිළිබඳව නිවැරදිව තේරුම්ගෙන බැලුවොත් නේද හොඳ? (නි)
එංගලන්තේ වගේ රටක ඇමති කෙනෙක් සාමාන්‍ය පොලිස් නිලධාරියකුට කතා කරන්නේ සර් කියලා. කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මරනවා තියා සැරෙන් කතා කරන්නවත් බැහැ. නඩුවෙන් අවුරුදු 5-6 කට හිරේ දාන්න පුළුවන්. ඒ නිසා පොදු ස්ථානවල හැමෝම විනයකින් හැසිරෙනවා. නීතියට තියන බයට.මට එංගලන්තය ලොකු නැහැ.නමුත් එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා පොලිසිය කොන්ද කෙළින් තියාගෙන වැඩකරයි කියලා. ඔය කියන චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කර මේ වගේ උදවිය දේශපාලනයෙන් ඉවත් කළයුතුය. එවිට අනිත් අයවත් හැදේවි (නි)
මේවා කියනකොට හුරේ දාන මෝඩයොත් ඉන්නවානේ. පොලිසිය තමන්ගේ ජීවිත අවදානම නොතකා මේ හොයන්නේ අපෙන් හොරකම් කළ සල්ලි කියලා තේරෙන්නේ නැහැ (නි)
පොලිස්පතිතුමනි, කරුණාකර මේ අශීලාචාර ප්‍රකාශය කළ ඒ දේශපාලකයව අත්අඩංගුවට ගන්න. එය රටටම දෙන ලොකු ආදර්ශයක් (නි)
මම බලාගෙන ඉන්නවා...කරන්න කළයුතු දේ (නි)
මේ අයගෙන් අපේ රට මුදාගත යුතුයි. පේනවා නේද ඒ වගේම අය වේදිකාවේ ඉඳගෙනම මේ කතාවලට හුරේ දමන හැටි? ලැජ්ජයි!! (නි)
විහිලු කතා. ගණන් ගන්න එපා (නි)
දැන්මම මෙහෙම නම්... (නි)
මේ "කතාව" සාමයට කැමති සියලු දෙනා විසින්ම පිළිකුලෙන් හෙළාදැකිය යුතුවෙනවා! මෙවැනි තර්ජනාත්මක හැකර කතා අවසන් කිරීමට රජයත් පොලිසියත් ඉතා ඉක්මන් පියවර ගතයුතු වෙනවා. (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. (නි)
ඔය වගේ අය තමයි මහින්ද ඉන්න කාලේ ඉන්න තරමක් හිටියේ (නි)
අමල්, ඔබ හරියටම හරි. (නි)
මහින්ද අමීන් කියන වැඩේ කළොත් ඔය කාටත් සනීපවේවි. බොහොම හොඳ අදහසක්? (නි)
අපිවත් ගිනි අරගෙන ඉන්නේ (නි)
කතාව වැරදියි. දඬුවම් දීමට නීති තියනවා නම් හරියට ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ ආණ්ඩුවත් කටින් මිසක් නියම විදිහට නීතිය කාටත් සාධාරණව ගෙනියන්නේ නැහැ වගෙයි. (නි)
අවුරුදු ගානක් තිස්සේ පරිහානියට පත්වුණු රටක ඇහෙන කතා මේ. දියුණු රටක මේවා අහන්න ලැබෙන්නේ නැහැ. නීතියට අනුව මේ හැමෝටම දඬුවම් කරන්න ඕනෑ. රටක විනය හදන්න තව අවුරුදු ගානක් යයි. (නි)
පිවිතුරු යහපාල වගේ , පාදඩ දේශපාලකයන්ට වචනෙන් හරි උදවුකරන්නන් යවන්න තියෙන්නේ අවුරුදු හතර පහකට කල්දේරම් බත් කන්න. එක අතකට පොලීසියත් වැරදියි. මොවුන්ට උඩ පැනලා සැලියුට් ගහලා පොලිස් රස්සාව පහත් කළෙත් පොලිසියේම නිලධාරියෝ තමයි. ඉතින් මේ අය උඩ යන එකත් අහන්නත් දෙයක්ද? (නි)
මදැයි ලකුණු ගන්න හිතාගෙන සිංහ පාට් දැම්මා? (නි)
රන්ජිත්, තවත් මේ පාදඩ දේශපාලනයට වන්දිබට්ටකම් නොකර ඉන්න. රන්ජන්, මේ වගේ කතා ඔයාලට පිළිකුල් නැද්ද? (නි)
වැදගත් දේශපාලනය කසිප්පු විකුණනවා වගේ ලෙහෙසි නැහැ.දැන් ජනතාව උගත්. (නි)
පැමිණිලක් නැතුවම? (නි)
ලංකාවේ සමහර පොලිසිය කියන දේවල්, කරන දේවල්, ගන්න පගා, බොරු දඩ අනුව ගල් නෙමෙයි ගහන්න ඕනෑ කියලා තමයි සමහර වෙලාවට මිනිස්සු නම් කියන්නේ (නි)
තවත් මොනවද බලාගෙන ඉන්නේ? නීතිය තියෙනවනේ. දැන්වත් ඉක්මනට ක්‍රියාත්මක කරලා මොවුන්ව නීතිය ඉදිරියට යවන්න . (නි)
ඕක මේ අද ඊයේ එළියට ආ චණ්ඩි සංදර්ශනයක් නෙමෙයිනේ. ඒ කාලෙත් කොන්ද පණ ඇතුව හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් අද මෙහෙම නිවට තත්වයට වැටෙන්නේ නැහැ. (නි)
කෝ අර අනෙක් සළුවඩන නිලමේ සුමුදු හේවා? මෙතැන චණ්ඩින්ට හුරේ දාන්න එයා තමයි අඩු ! (නි)
මේ මැදමුලන චණ්ඩි ටික ඉස්සරහට දාලා තමයි දැන් ඡන්දෙට සූදානම් වෙන්නේ. ලජ්ජා නැතුව නීතිය ඉගෙනගත් කෙනෙකුත් මේ වේදිකාවේ ඉඳගෙන ඉන්නවානේ. එක අතකට ඉතින් එහෙම කිව්වට අපි දන්නවානේ අනෙක් හරිය. (නි)
මේවට ආවඩන අයත් ඉන්නවනේ? (නි)
පිවිතුරු යහපාල මේ මනුස්සයාගේ ගෙදරත් රෙදි අපුල්ලන්න දර පලන්න යනවා ඇති. (නි)
තවමත් මේ වගේ නුගතුන්ව නළවනවා කියන්නේ මේ රටේ නීතිගරුකව ජීවත්වෙන සාමාන්‍ය මිනිසුන්ට වෙන මදිපුංචිකමක්. ගමේ කෙසෙල් කැන හොරකම් කරපු මිනිහාව නම් කන් කෙටියෙන් ඇදගෙන යනවා (නි)
කිසිසේත් අනුමත කළනොහැකි කතාවක්. මෙහිදී මුල්‍ය පොලිස් ඒකකය නොවේ සියලුම පොලිස් ඒකක හා රාජ්‍ය ආයතන රජයේ යකඩ සපත්තුවට යට වී ඇත. එම නිසා නිලධාරීන්ට චෝදනා කිරීම ප්‍රඥාගෝචර නැත (නි)
දැන් මෙයාටත් කට උත්තරයක් ගන්න එන්න කියලා "ආරාධනා " කරාවි. ඊළඟට අරෙහෙන් මල් වට්ටියක් උස්සගෙන පළිගන්නවෝ කියලා විලාප තියාගෙන පන්සලට දුවාවි. මීටවැඩිය දෙයක් මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)
ප්‍රභූ පුතාගේ අත්උදව්වට ඉහළ ශ්‍රේණියක නිලධාරීන් යෙදවූ යුගයක් පහුකළ ලංකාවේ යකඩ සපත්තු ගැන කතාකරන අමතකවෙන ලෙඩේ හැදුන කට්ටිය ඉන්නවා වගේ.
එහෙම නම් ප්‍රඥාගෝචර වෙන්නේ තරඟයක් පැරදුනා කියල විනිසුරුවෙකුට තඩි බාන කොට බවලතුන් වගේ ඇඹරි ඇඹරි සිටිය කට්ටියගේ ගෙදර හාමිනේලාට චෝදනා කිරීමද ? (නදී)
එහෙම කොහොම හිරේ දාන්නද ? කතාව වැරදි වුනාට, මෙතන චේතනාව ප්‍රබල වෙන්නෙත් නැහැ, චේතනාව ඔප්පු කරන්නත් බැහැ, නිතිය දන්නා උදවිය දන්නවා. එහෙම නම් මතකද 2010 ජනාධිපතිවරනේදී අර පොන්සේකා මහතා කිව්වේ චන්දෙන් පසු කාවද කියන කොලොන්නාවේ ෙවලක තියලා හිටුවා පස් ගහනවා කියලා, අයි විමල් ටත් කිව්වේ. ඉතින් එතුමාට දඩුවම් කලාද ? අඩුම ගානේ ඒ ගැන කතා කලාද ? ඔන්න වෙනස මාරයි නේද ? වේදිකා වල කතා කරන ඒවාට නඩු දාන්න ගියොත් වෙන වැඩක් කරන්න උසාවි වලට බැරිවේවි. කොහොම නමුත් කියපු කතාව වැරදියි. (නදී)
ඊයේ යාපනේදී උතුරේ මහා ඇමති කියා තිබෙනවා ( අද ජාතික පුවත් පත් බලන්න ) , සැලසුම් සහගතව උතුරේ තරුණයන් විනාශ කරන්න මත් ද්‍රව්‍ය දේශපාලකයෝ විසින් බෙදා හරිනවා, මේ ඩයස්පෝරා - එජාප ආණ්ඩුව වෙනුවෙන් අවංකව සිටින බුද්දිමතුන් ගෙන් අහනවා එතකොට මේ චෝදනාවට මොකද කරන්නේ ? දැන් වඩා භයානක කොයි එකද ? මහා ඇමති කතා කරන්නේ යාපනේ නමුත් ජාත්‍යන්තරයට ඇහෙන්න. මොනතරම් බයානක ප්‍රකාශයක්ද ? (නදී)
කට වාචාල නුගත් දේශපාලන මැරයන් වේදිකා ගත වීම රජයේ වැරද්දක් කියල මෙතනත් රෙදි අපුල්ලන මහානාම වගේ උදවිය ගැන කතා කරලා වැඩක් නැහැ. (නදී)
හරියටම කිව්වා කියල ස්ථිරද? මේවා හරියට අර ලිද ලග කියන ඒවා වගේනේ. ඕවට ප්‍රචාරය දුන්නම කාටද ආඩම්බර. කෑ ගහන්නේ නැතිව රටට වැඩක් ඇති දෙයක් අපි කතා කරමුද ? (නදී)
බුවනෙක මහතා කියල තියෙන දේ හරියට තේරුම් ගත්තා නම් තමයි හොඳ. පැහැදිලි සිංහලෙන් ලියා තිබුනා කරපු කතාව වැරදියි කියා. ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒ ගැන නිලධාරීන්ට දොස් කියන එක වැරදියි කියලා. නිලදාරීන් හැමවිටම පවතින ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මේ ආණ්ඩුව නොවේ පහුගිය ආණ්ඩු සියල්ලම. බුවනෙක මහතා රෙදි අපුල්ලන කතා මම නම් දන්නේ නැහැ. ඔබතුමා අදහස් තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කළා නම් හොඳයි පාට කන්නාඩිය ගලවලා (නදී)
ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ අපහාස කරලා තර්ජනය කරලා, නීතියේ හිලක් හදා ගෙන බේරිලා යන්න පුළුවන් එකම රට ලංකාව. මහා ලොකුවට අවුරුදු දහස් ගානක ශිෂ්ටාචාරයක් ගැන පම්පෝරි ගහනවා. ඒ වුනාට දේශපාලකයන් සමහරකුගේ හැසිරීම් ගෝත්‍රික රටකටත් අන්තයි. සමාජයේ සභාවක ශිලාචාරව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන හැටි දන්නේ කියෙන් කි දෙනාද ? වැඩිය ඕන නැහැ. ඊයේ මේ පුවත් තිරයේ පිවිතුරු යහපාල කාන්තාවන් ගැන සඳහන් කර ලියපු අශීල කතාවම හොඳටම ඇති. මේ රටේ සමහර මිනිස්සුන්ගේ දේශපාලන ආකල්පය මොකක්ද කියල හිතා ගන්න. (නදී)
හොරු අල්ලනවා කියල ඡන්දෙ අරගෙන දැන් හොරුන් සමග වාසේ කරන කට්ටිටිය ගැන පොලිසිය ගිනි ගන්නේ නැද්ද ? (නදී)
යහපාල මහත්තයාගේ කමෙන්ට් එක තනිවෙලා. දැන් තේරෙනවා නේද කොච්චර අප්ප්‍රසන්න හැගීමක් පොදුවේ ජනතාවට ඇතිවෙලාද කියල. ඡන්දෙන් පස්සේ යතාර්ථය මේ කාටත් තේරේවි. (නදී)
වැදගත් වන්නේ යහපාලගේ තනිවීම හෝ ප්‍රබලවීම නොවේ. මේ රට ගැන කතාකිරීමයි වැදගත් වන්නේ. එහෙම නැතුව ඩයස්පෝරාව වෙනුවෙන් නිලනොවන මට්ටමේ දැන හෝ නොදැන අදහස් දැක්වීම නොවේ. කොහොම නමුත් ශිෂ්ට සම්පන්න සමාජය විසින් මේ ප්‍රකාශය හෙළා දකිනු ඇත. (නි)
ඔය පක්ෂය වැඩි හරියක් ඉන්නේ ඔය වගේ මෝඩ කතා කියන මෝඩ වැඩ කරන නුගත්තුනේ? ඒකනේ මුල්‍ය අපරාධ කොට්ටාශයටත් වැඩ වැඩි. අනික අර හඳට බුරන බල්ලෝ වගේ මුල්‍ය අපරාධ අංශයත් එක්ක තරහට තමයි ඔය ඔක්කොම කතා කියන්නේ. පක්ෂයත් රටත් විනාශ කරන මෝඩයෝ. (නදී)
මේවට කියන්න වචන නැහැ (නි)
දේශපාලකයෝ කියන කතා එතරම් ගණන් ගන්න ඕනෑ නැහැ. මොකද මොනවා කිව්වත් එයාලට ඕනෑ දේ විතරනේ කරන්නේ හැමෝම (නි)
ඕවා පුදුම වෙන්න දේවල් නෙමෙයි (නි)
ඇයි අජිත්, නියමිත විභාග නීතිරීති වලට පටහැනිව විභාග පාස්කළ සමහර කට්ටිය ඉන්නෙත් ඔය පක්ෂයේනේ. (නි)
අධ්‍යාපනයක් නැති අය දේශපාලනය කරන්න යොදා ගත්තහම මේ වගේ හිස් වචන තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් (නි)
ප්‍රසිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රශ්න කළේ. එතකොට ඇත්තටම අධිකරණයට ගල් ගැහුවේ, ඒවාට දඩුවම් මොනවද? පොලිසිය විවේචනය කරන්න බය කියල ව්‍යවස්ථාවේ කොහේ හරි තියෙනවද? (ම)
උපරිම දඩුවමක් ලබා දෙන්න (ම)
පාලිත මහත්තයෝ, මේ බැනලා තියෙන්නේ රජයේ නිලධාරින්ට.පිවිතුරු, මේ විදිහට එජාප මන්ත්‍රී කෙනෙක් කිවුවා නම් ඔයාගේ අදහස ඕකම වෙයිද? (නි)
මුන් මේ විදිහට තමයි රට පාලනය කලේ. මුන්ගේ හොර වැඩ ඔක්කොම දේශපාලන හයිය යොදාගෙන කරගෙන ගියා. මුන් දේශපාලනයෙන් තුරන් කළ යුතුයි.නැතිනම් කවදාකවත් රට හදන්න බෑ.(ම)
මෙයාලාට බලය දුන්නොත් කොහොම තියේද ? (ම)
දේශපාලන තිරිසනෙක්. (ස)
අශාන් මහතා අනිවාරයෙන්ම එජාප , ශ්‍රීලනිප , ජවිපෙ , ටී එන් ඒ කියා මට වෙනසක් නැත , තියෙන්නත් බැහැ , නමුත් මම විරුද්දයි ඩයස්පෝරාවට , හා ඩයස්පෝරාව වෙනුවෙන් පෙන් සිටින අයට. වැරදි දේ වැරදි කියන්නත හරි දේ හරියි කියන්නත් අපිට කොන්දක් තියෙන්න ඕනේ , මොකද ඔබතුමා වත් මම වත් මේ කාගෙන් වත් එයා ලා වෙනුවෙන් කතා කරන්න වැටුපක් හෝ වෙනස් වරප්‍රසාද ගන්නේ නැති නිසා . (ස)
ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඬුවමක් ලැබිය හැකිනම් ඔහුව නීතිය හමුවට යවන්න. එම දෙය නොකළහොත් නීතිය සැහැල්ලුවට ලක්වනවා පමණක් නොව... ඉදිරියටත් මෙය වගේ අවමාන කරන්න ඉඩත් අප ලබා දෙනවා. (ස) සමාජයට හොඳ දෙයක් කිරීමට නියම අවස්තාවක්. ඒ වගේම ඔහු නීතියක් කඩ කර නැත්නම් ඔහුව නිදහස් කරන්න. නාමයෙන් ඔහුව
බිමල් මහත්තයෝ..අපි කියන්නෙත් ඔය දේම තමයි..ඔප්පු කරන්න බැරි චෝදනා වෙබ් වලින් ගෙනත් ඇහින් දැක්ක වගේ කියා කියා මඩ වපුරා වපුරා මිනිස්සුන්ට අපහාස අවලාද කරන හැමෝම එක නීතියකට යටත් කරනවානම් අපිත් කට පියා ගන්නම්..නැත්නම් ඉතින් අපේ කටවල් වලින් ඒවාට උත්තර ලැබේවි අවශ්‍ය විදියට..අර නළුවෙක් එලි පිට මිනිස්සුන්ට අපහාස කරන විදියට මේවා මොන කතාද මහත්තයෝ. (ස)
මේවා ලේසියෙන් ඇත හැරිය යුතු දේවල් නොවේ. ඔය කතා කලේ උපුල් නොවෙයි. කට උපුල් ගේ උනාට හඬ "අරයගෙ". (ස)
උසාවියට ගල් ගැහුවම දෙන දඩුවම නීති පොතේ නැතුව ඇති. (ස)
සමිර ඔබ හරි. (ස)
හමුදාව කිලිනොච්චිය අල්ලන්න යනකොට දෙමළ සන්ධාන මන්ත්‍රී කෙනෙක් කිව්වාලු නේද මිනී පෙට්ටි 50,000 ලෑස්ති කරගන්න කියලා? කවුරු කිව්වත් ඔය වගේ කතා නම් බරපතලයි. (නි)
මේ වගේ දේශපාලුවන් ගෙදරම යවන්න ඕනෑ (නි)
මේ වගේ නරුම/නූගත් දේශපාලකයන් වහා අත්අඩංගුවට ගතයුතුය. (නි)
එහෙනම් ඉක්මනටම යාපනයේදී පොලිසියට ගල් ගහපු අයවත් වසර 7ට හිරේ දාන්න.මොකද සාක්කිත් තියනවනේ (නි)
මෙය ඇත්තක් නම් සුළුකොට තැකිය නොහැකි භයානක පෙරනිමිත්තක්.ඒ නිසා නීතියක් ඇත්නම් ඒ නිතිය පොදුවේ හැමෝටම බලපැවැත්වෙන විදිහට ක්‍රියාපටිපාටියේ යෙදෙව්වොත් මැනවි! (නි)
පාලිතට වල්ගය පෑගිලා.ඇඟට ජීර්ණය වෙලා තියෙන දේ හැම තැනටම ලියන්න එපා. (නි)
බිමල් මහත්තයෝ,අපි කියන්නෙත් ඔයදේම තමයි. හැමෝම එක නීතියකට යටත් කරනවා නම් අපිත් කට පියාගන්නම්. නැත්නම් ඉතින් අපේ කටවල් වලින් ඒවාට උත්තර ලැබේවි අවශ්‍ය විදියට. (නි)
අපි අහසින් පොළොවට ඍධියෙන් පහළවුණ අය නෙමෙයි.පාලන කාල කීපයක අත්දැකීම තියෙන අය.මීට වඩා දේවල් දේශපාලකයින්ගේ කටවල් වලින් අපි ඕනෑතරම් අහලා තියෙනවා.පහුගිය රජයේ වැඩිපුරම චෝදනා ලැබූ මැති ඇමතිවරු අද යහපාලනෙට හේත්තුවෙලා කඩේ යනකොට ඔවුන්ට විරුද්ධව කිසි ක්‍රියාමාර්ගයක් නැහැ.පක්ෂ වුණත් විපක්ෂ වුණත් යහපාලානේ එකම නීතියක් තියෙන්න ඕනෑ පොරොන්දු වුණ විදියට.එහෙම නොවෙනවා නම් තෝරාගත් පිරිසකට පමණක් පහර දෙන්න නිර්මාණය කළ මේ පොලිසියට සළකන්න වෙන විදියක් නැහැ. (නි)
ඔහුගේ ප්‍රකාශය තරයේ හෙළා දකිමි. නමුත් ඔහුට නීතියෙන් දඬුවම් කිරීමට ඇති ඉඩකඩ ගැන සැකසහිතයි. ඒ ඒ දේශපාලන පක්ෂ මඟින් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන අයට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුය. නැත්නම්, ආචාර ධර්ම පද්ධති හඳුන්වා දුන්නාට වැඩක් නැත. (නි)
ඔය වගේ කතා අපි දේශපාලනේදී ඇහුවේ අද ඊයේ නෙමෙයි. කොහොම උනත් පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන පිම්ම පැන ගන්න කට්ටිය නොමිලේම කැම්පේන් එක කරලා දෙන්න වගේ හදන්නේ. අනේ හොදයි. (ර)
නීතිය කියාත‍්මක කරන අයට තර්ජනය කරන පුද‍්ගලයින‍්ට වහාම දැඩි කියාමාර්ග ගත යුතුයි. (ර)
මම නම් කවදාවත් දැකලා නැහැ ලංකාවේ කිසිම දේශපාලකයෙක් සංවරව ජනතාව ඉදිරියේ තම මව්බස කතාකරනවා. කතාකරන්නෙම අනෙකා විවේචනය කරමින් පළිගැනීමේ වාග් ප්‍රහාරයක්. ඒ වචන කතාකරන හැටි බලා ඉන්න ඕනෑම කෙනෙකුට හදවතට ඇතුළු වෙන්නේ වෛරය ක්‍රෝධය, පළිගැනීම , අනෙකාව, පාගාගෙන තමන් නැගීසිටීමේ වෑයම. ඒවායේ ප්‍රතිවිපාක අද සමාජයේ සියලුම දරුවන්ගේ මනස් විකෘති කරලා (නි)
මේ කියන විදිහට ජනපතිවරණයට කලින් දවසේ අරලියගහ මන්දිරයේදී වුණා කියන කුමන්ත්‍රණයත් බොරුමයි කියලා අහක දාන්න බැහැ වගේ. ඔක්කොම එකම දිස්ත්‍රික්කයේ කට්ටියනේ? නීති විශාරදත් ළඟ තියාගෙනනේ මේ කතා කරන්නේ. (නි)
ප්‍රසිද්ධියේ ජනාධිපති තුමාටත් අසභ්‍ය විදියට බැනලාලු.මේවා ඔක්කොම මේ මිනිස්සුන්ගේ කටට අදාළ දේවල් විතරයි . තිරය පිටුපස සිට රුකඩ නටවන්නේ කවුද කියල අපිට තේරෙනවා. එතකොට මේ මිනිස්සු නරකයි . එයා සුදනා. (ම)
මේ ලංකාවේ කොහේද නීතියක්? (නි)
ඔය පිටවෙන්නේ හිටපු අයගේ ගිනිපුපුරු.හැකි ඉක්මනින් පිළිතුරු දෙන්න.ප්‍රමාදවීම පසුතැවීමට හේතුවනු ඇත. (නි)
ජනපතිවරණයට කලින් දවසේ අරලිය ගහ මන්දිරයේදී උණා කියන හමුදා කුමන්ත්‍රණය ගැන සියලු සාක්ෂි තිබියදී (දුරකථන සංවාද,නීතිපති,දෙවැනි නීතිපති,පොලිස්පති,...)පවා නීතියෙන් දැඩි දඩුවම් නොකරන්නේ ඇයි? (නදී)
මම නිකම්ද කියන්නේ"නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියල,නැතිනම් හිතන්නේ පන බයේ දුවන ගැරඩියෙක් " කියලයි.කැමති විදිහකට හිතා ගන්න. (නදී)
දැනට ලෝකයේ සිටින "දරුණුම ගනයේ හොරෙක්, මංකොල්ල කාරයෙක්" කිසිම ප්‍රස්නයක් නැතිව නිදැල්ලේ ඉන්නේ ලංකාවේ පමණයි. (නදී)
ලිබියාවේ ගඩාෆිට වගේ පැය 24 රෙන් පිළිතුරු නොදීම ගැන ජනාධිපති මෛත්‍රීට සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලන්න සිද්ද වෙන දවසක් එනවා. ඒ දවස වැඩි අෑතක නැහැ. (නදී)