
(ගයාන් සූරියආරච්චි)
පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කියයි.
ඉහළ කීර්තිනාමයක් හිමිකරගෙන ඇති ඖෂධීය තේ නිෂ්පාදිත සමාගමක් හා ඒකව මෙම පෝෂක ඖෂධ වෙළෙදපොළට නිකුත් කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවත් සමරකෝන් මහතා පැවැසීය.
ස්වාභාවික ඖෂධවලින් ප්‍රති පිළිකාකාරක සෙවීම සදහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල නියැළීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවීමට හැකිවී තිබේ.
පිළිකාවලින් පෙලෙන සහ ඉදිරියේදී පිළිකා ඇතිවීමට අවදානමක් ඇති පිරිස් සදහා භාවිතයට ගත හැකි වන පරිදි මෙම පෝෂක ඖෂධය නිපදවා තිබේ.
ඒ පිළිබදව අදහස් දැක්වූ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා
බෝ නොවන රෝග අතරින් ලෝකයේ දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වර්තාවන රෝගය ලෙස පිළිකා රෝගය සැලකෙනවා. එක දිනකදී ලොවපුරා සිටින පිළිකා රෝගීන් 25,000 ට අධික සංඛ්‍යාවක් මරණයට පත්වෙනවා.
අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රති පිළිකාකාරක සෙවීමේ පර්යේෂණවල නිතරව සිටිනවා. ඒ අනුව ස්වාභාවික ආහාරවර්ග අලලා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පෝෂක ඖෂධ සොයාගැනීමට අපට හැකිවුණා. එමෙන්ම එම ඖෂධ උපයෝගීකරගෙන සිදුකළ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව මෙම පෝෂක ඖෂධ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙළෙදපොළට රැගෙන ඒමට අපට හැකිවුණා.
මෙම පෝෂක ඖෂධ මගින් පිළිකා රෝගීන්ගේ ජිවන මට්ටම ඉහළින් පවත්වා ගැනීමට සහ පිළිකා සෛලවල සිදුවන සීග්‍ර වර්ධනය යම් පමණින් හෝ අඩාල කිරීමට හැකියාව තියෙනවා. “ යැයි සමරකෝන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මිනිස්සු .හැම තැනම ස්ට්‍රයික් කරවලා රට අගාදයට දමන ,එකට විනොදවෙන්න ගොඩක් අපතයෝ දඟලද්දී රටට ජනතාවට වැදගත් දෙයක් කරන වෙහෙසෙන නිහඬ මිනිහෙක්
එලියට දාලම ඉවර වෙලා නමත් එක්කම කිව්වා නම් හොඳ නැද්ද ?
විද්වතුන්ට ස්තුතියි... මෙම ප්‍රවෘත්තිය තවතවත් මහජනයා අතරට ගෙනයන්න.
චීන තානාපති නිලධාරීනුත් ගෙන්නලා කොරෝනාවලටත් වෙට්ටු දාන්න බෙහෙත් කලවම් කරලා දෙන හැටි චීනෙටත් කියලා දීලා පම්පෝරි කෙනෙක් නේද මෙයා? දැන් ලංකාවේ මිනිස්සු දවසට බර ගණනක් මැරෙනකොට මෙයාගේ කලවම් බේත් ඇත්තෙත්ත නෑ මෙයත් නෑ. ඔය වෙට්ටුවලට නොදැනුවත් මිනිස්සු අහුවුණාට යමක් කමක් දන්නා පිටරටවල මිනිස්සු නම් ආයේ අහුවෙන එකක් නෑ..
මෙම නව නිපැයුම මගින් අහිංසක රෝගීන්ට යහපතක්ම වේවා...... ඔබගේ සියලු පැතුම් සාර්ථක වේවා...
මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් කල උතුම් මෙහෙයකි. ඔබ තුමාට තෙරුවන් සරණයි.
ඉතා වැදගත් උත්සාහයක්. සාර්ථක වේවා. තවද වෙළෙද පොලේ ඇති පිලිකා ඇතිකරන තෙල් වර්ග සහ කෑම වර්ග සියල්ල හදුනාගෙන ජනතාව දැනුවත් කිරීම කලයුතුය.
ප්‍රති ඔක්සිකාරක හෙවත් ඇන්ටි ඔක්සිඩන්ට් කෑමයි මේවා. ලංකාවේ කැලෑවේ තිබෙන අධික ඇබුල් රසැති පලතුරු සහ තද පැහැයෙන් යුතු ඇබුල් රසැති සියල්ලේ මේ ද්‍රව්‍ය අඩංගුයි. මේවා වැඩිපුර නිතර ආහාරයට ගන්න අධික මිලක් ගෙවලා මේගොල්ලෝ වෙලදපොලට දාන කෑම කන්නේ නැතුව.
මෙය සාර්ථක වේවා කියලා පතනවා.
හොඳ උත්සාහය ක්. ඔබට අපේ ප්‍රණාමය පුද කරමු . නමුත් ඔබගේ සොයා ගැනීම මහජනතාව වෙනුවෙන් මිස සමාගම් පොහොසත් කරන්න යොදා ගන්න එපා කියල ත් ඉල්ලනව.
මේක තවත් ජාවාරමක මුල වගේ කියලා හිතෙන්නේ මට විතරද ?
බටහිර විද්‍යාව අනුව තමන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල ක්ෂේත්‍රයේ වෙනත් අය ලවා විමර්ශනය කිරීම සිරිතක්... නමුත් අපේ හෙළ කුලසිරිතට අනුව එහෙම නැහැ වගේ..
පුරාජේරු කතා නොකිය ඉස්සෙල්ලා කරලාම පෙන්වන්න. වතුරෙන් දුවපු වාහන, කොවිඩ්වලට හදපු පැණි සහ මංජුසාවල් සහ මුහුද යට තෙල් ටොන් ගණන් තියෙනවැයි කියන මිනිස්සු ඉන්න රටේ මෙයාගේ බෙහෙතත් ඒ වගෙයි. මේවා නං ප්‍රසිද්ධ වෙන්න කියන හැකර කතාවල්. එපමණයි... චින්තක මහතාගේ සටහන කියවන්න....
ඕක කොත්තුවලට දාන්න බැරිද? අපි කන්නේ ඒවා...!
රාජකීය වෛද්‍ය තනතුරේ ඇබෑර්තුව පුරවලා නැහැ නේද?
බටහිර වෙදකමේ රහස් වට්ටෝරු නෑ. එත් අපේ අයගේ ඔලු හඳුන්න බැ .දවසකට 25,000 මැරෙනවා නම් ඔක ඉක්මනින් ලොකෙටම දෙන්න.
මේ ගැන තොරතුරු ටිකක් එවන්න...