(රංජන් කස්තුරි)
පිළිකා රෝගීන්ට ලබාදෙන මෝෆීන් නැමැති වේදනා නාශක ඖෂධය සති කිහිපයක සිට හිඟව පවතින බව මහරගම පිළිකා රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නේවාසික හා බාහිර පිළිකා රෝගීන්ට නිතර ගතයුතු ඖෂධයක් වන මෝෆීන් හිඟවීම නිසා එම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිළිකා රෝගීන්ට ලබා දෙන මෝෆීන් නැමැති වේදනා නාශකයේ වර්ග දෙකක් තිබෙන අතර අයි.ආර් නැමැති වර්ගයේ හිඟයක් තිබෙන හෙයින් එස්.ආර් නැමති වර්ගය රෝගීන්ට ලබා දීමට පිළිකා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කරන බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ සෙල්ලම ආයෙත් පටන් අරගෙන වගෙයි.
ඕක පරණත් නැහැ සේන, අලුතුත් නැහැ. හැමදාම තිබුණේ ඔය සෙල්ලමම තමයි. ඕවා ගැන පොඩි දේටත් වර්ජනය කරන ඊනියා සංගම් නැහැ. දැන් බලන්න ගලහ සිද්ධියේදී පොරවල් කතාවල්. ඔය වගේ රෝහල්වල ඉන්නේ එක :සුදුසුකම් ලත් " දොස්තර කෙනෙක් විතරයිලු. එයාට වැඩ වැඩිලු! දරුවා ගෙනාපු වෙලාවේ එයා අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කරමින් හිටියලු ! නෑදෑයෝ දොස්තරලට වඩා උගත්ද කියලා අහනවා. අවසර ඉල්ලුවම !!! ඔන්න කතාව මොනවා කරන්නද? මේ රටේ නායකයෙක්, විනයක්, නීතියක් නැහැ .. දොස්තරලටයි, කොන්දොස්තරලටයි, සංගම් කාරයින්ටයි ඕනෑ විදියටනේ රට දුවන්නේ !
දැන් හෝ ගාලා සෞඛ්‍ය ඇමැතිගේ ලැප්ටොප් එකට මැසේජ් යනවා ඇති...