IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පිළිකා නිසා වසරකට 19000ක් මිය යති

(අංජුල මහික වීරරත්න)

ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.

ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ.

මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් මෙහි දී අනාවරණය විය.

තව ද  කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජිවිත අහිමි වන බව ද මෙහි දී අනාවරණය විය.  



අදහස් (4)

පිළිකා නිසා වසරකට 19000ක් මිය යති

Nihal Tuesday, 01 April 2025 08:25 PM

එයින් විශාල ප්‍රමාණයක් කඩවලින් අජිනමොටෝ දාපු ආහාර ගත්තු ජනතාව සහ ටිපිටප් සහ පැණි බීම බීපු දරු දැරියන්.

:       0       4

Athula Wednesday, 02 April 2025 03:58 PM

නිහාල් හරි ඒ අතරේ ප්ලාස්ටික් ඇසුරුම් හා පොලිතින් යොදාගැනීම සිදුවෙනවා බයිට් වර්ග ආහාරයට ගැනිම වැඩිවෙලා තියෙනවා ඔය අතරේ ක්ෂනික නූඩ්ල්ස් වැනි ආහාරත් කුකුල්මස් වැනිදේත් හේතුවෙන්න පුළුවන්

:       0       0

උපාසක Tuesday, 01 April 2025 11:21 PM

සියළු සත්වයෝ සුවපත් වෙත්වා. නීරෝගී වෙත්වා.

:       0       1

de silva Wednesday, 02 April 2025 07:31 AM

බෙහෙත් නැතිකම සහ දොස්තරලා හිගය නිසා පිලිකා වලින් පමණක් නොව වෙනත් රෝගවලිනුත් විශාල සංඛ්‍යාවක් අකාලයේ මිය යනවා , පසුගිය රජයවල් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න හදනකොට ඒවාට විරුධව පාරට බැහැපු මිනිස්සු දැන් පාලකයෝ වෙලා , පහුගිය සහ දැනට සිටින පාලකයෝ මුදල් වියදම් කරනකොට ප්‍රමුකතාවය දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි නඩත්තු කරන්න මිසක් , අසරණ රෝගීන්ගේ ජිවිත බේරා ගන්න නොවේ , හැමදාම කෝප් කමිටුවේදී අනාවරණය වෙනවා දේශපාලකයෝ සහ නිලධාරී එකතුවෙලා බෙහෙත් වලින් ගසා කාපු ආකාරය , මිනීමරුවෝ සෙට් එක ටයි පටි පැළදගෙන කොර්ට් දමාගෙන කමිටුවේදී බබ්බු වගේ හැසිරෙන ආකාරය දැක්කම විශාල කේන්තියක් හිතට එන අය දමන්න ලයික් එකක්‌

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 493 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 231 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි
2025 මැයි මස 06 309 0

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර


තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට
2025 මැයි මස 06 718 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී


ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි
2025 මැයි මස 06 710 0

පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 795 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 206 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1247 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site