IMG-LOGO

පෙළ පොත් මුද්‍රණයට ඉන්දියාවේ සහය

(විමුක්ති එස් රුද්‍රිගු)


ශ්‍රී ලංකාවේ මිලියන 4 ක පාසල් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය පෙළ පොත් වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාව සහාය ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ මාර්තු මස ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ, කර්මාන්ත අමුද්‍රව්‍ය අනයනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ණය පහසුකමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ පුද්ගලික ආනයනකරුවන් පෙළ පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි, අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.

එසේ ලබා ගත් අමුද්‍රව්‍ය සහ කඩදාසි ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය පෙළපොත් වලින් සියයට 45 ක් මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .

පසුගියද මුද්‍රණය කළ පෙළපොත් පාසල්වලට බෙදා දීම සඳහා පිටත් කර හැරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පවසා ඇත්තේ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා සහාය ලබා දීම ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් බවත් සිසුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට මෙම ආයෝජනය උපකාරී වනු ඇති බවත්ය.එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

පෙළ පොත් මුද්‍රණයට ඉන්දියාවේ සහය

fairoos Sunday, 12 March 2023 12:51 PM

රට මේ වගේ හිඟාකන තත්වයට පත්කරපු කාටවත් හොඳක් සිදුවෙන්නේ නැහැ.

:       1       5

Lalla Monday, 13 March 2023 07:08 AM

මේක විහිලුවක්.. ඉන්දියාව පාසල් පොත් නොමිලේ දෙන්නේ නෑ.අපිට නොමිලේ දෙන්න සල්ලි දෙනව. නිකම්ම දෙන දේ ඉතා මිල අධිකයි කියන පඬි වදනක් තියෙනව නොවේද? අපි මේ ණය මොන විදිහටද ගෙවන්නේ... රටේ කොටසක්, උතුරු මුහුදේ මාලු අස්වැන්න...... ලමයින්ට පාසල් පොත් දීම දෙමාපියන්ට අයිති දෙයක්. බෝ කිරීම විතරද දෙමාපියෝ කරන්නේ... ලමයි අහඹු ඵලයක් විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 896 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site