ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධනත්වයෙන් අද (03) පස්වරුවේ පැවැත්විණි.
“කෑමක් බීමක් නැතිව, ආරක්ෂාවක් නැතිව පැය 10ක් 12 ක් සේවය කරන පොලිසියේ පහළම ශ්‍රේණියේ රාළහාමිට පොලිසියට වසර 150 ක් පිරෙන අද දවසේ රටේ ජනාධිපති විදිහට මම මගේ පෞද්ගලික ගෞරවය පුදකරනවා“ යැයි ජනපති උත්සවය අමතමින් කීවේය
ආචාර්ය පෙළපාලියකින් හා විවිධ සංස්කෘතික අංග වලින් උත්සවය සමන්විත විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය වගේම රටේත් පහළම ශ්‍රේණිය ගැන හිතුවොත් හොඳයි නේද? (නි)
"ජනාධිපති විදිහට මම මගේ පෞද්ගලික ගෞරවය පුදකරනවා\". මෙහි පොඩි අවුලක් තියෙනවා වගේ පේනවා. \"ජනාධිපති ලෙස ගෞරවය පුද කරනවා\" කිව්වා නම් ඇති වගේ..(රේ)
ජනාධිපති තුමා ග්‍රාම සේවක විදිහට වැඩ කරනකොට පොලිසියට බැඳෙන අයට කොච්චර චරිත සහතික දීල ඇතිද? මගේ මස්සිනාත් එම රස්සාව කලා(රේ)
ගෞරවය පුද කිරීම හොදයි. එත් ඒ අය කරන සේවය අගයල හොද ජිවන තත්වයක් සමග බලපෑම්වලින් තොර සේවයක් කලොත් ඒ අයටත් රටටත් යහපතක් වේවි.(රේ)
ජනාධිපති තුමනි රාළහාමිලාගේ ගෞරවය ඔබට හිමිවෙන බව ස්රථියි. ඉහල නිලධාරීන් නියමිත වසර 4- හෝ 5 තුල ඊලග තනතුරට යනවා ඒත් රාලහාමිලා සහ සාජන්ලා අවුරුදු 25 ක් එකම තනතුරේ. මේව ගැනත් බලන්න.(රේ)
දූෂිත දේශපාලකයන් නැති රටක සුන්දර පොලීසියක්.....! (නි)
උපාධිධාරී පොලිස් කොස්තාපල්වරුන් 20 -30 පමණ ඉන්නවා කියා අපිට දැනගන්න තිබෙනවා. එසේ සිටී නම් ඒ අයට උසස්වීම් දෙන එකයි ලොකුම ගෞරවය (නි)
රැකියාවක් උසස් හෝ පහත් කර සැළකීමේ පුරුද්ද තවමත් ලංකාවේ සමහරු අතර තිබෙන බව අදහස් කියවනවිට තේරෙනවා. උසස් යැයි සැළකෙන තැනවල සිට සාපරාධී ක්‍රියා කළත් ඒවා එවන් අයට වැදගත් (නි)
උපාධිධාරී කොස්තාපල්වරුන්ට හොඳ ඉංග්‍රීසි සහ දෙමළ දැනුමක් ලබාගතහොත් උසස්වීම් එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත (නි)
ඔබතුමාගේ ඔය නිහතමානී ගතියට තමයි මම කැමති (නි)
ජනතා මුදලින් යැපෙන පොලිසියේ යුතුකම ජනතාව අාරක්ෂා කිරිම මිස ඔවුන්ට තලාපෙලා හිරිහැර කිරිම නොව ධර්මය නොදැන අතරමං නිලධාරින් යහ මගට ගෙන අා යුතුයි. (බ)
රථවාහන අංශයේ අය නම් හොඳට පාරට වෙලා හොයනවා. මේ සැරේ නිවාඩුවට ගිය වෙලාවෙත් තුන් හතර පාරක් පගා ගෙවන්න වුණා. නැත්තන් ලයිසන් එක ගන්නවනේ (බ)
ඔබතුමා ලෙසින්ම අනෙක් අයත් හිතනවා නම් මොනතරම් හොඳද? (නි)
දැන් කාලේ ඉතින් හැමෝම අාචාර සමාචාර දක්වන්නේ ඉහළම ශ්‍රේණි වලටනේ (නි)
ඔබතුමාගේ කතාව ගැන සතුටුයි (නි)
පොලිස් නිලධාරියා වෘත්තීය අතින් ඉහළ නිලධාරියෙක් බවට පත්කිරීම තුළින් හොඳ කීර්ති නාමයක් නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලිකත්වයටත් ලබාදීම අද කාලයට උචිත යැයි මා සිතමි. (නි)
ටෙරන්ස්, ඊටකලින් අර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පත්‍රයක ලංකාව ගැන තිබෙන ටිකත් කියෙව්වා නම්? (නි)