ලන්ඩනයේ තම පන්සලේදී එවකට බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි වැරදිකරු වූ පහළගම සෝමරතන හිමියනට ලන්ඩන් අධිකරණය අද හත් වසරක සිර දඩුවමක් නියම කළේය. ළමයින් සම්බන්ධ කිසිම කටයුත්තකට සහභාගී විය නොහැකිවන පරිදි ඒ හිමියන්ගේ නම අසාදු ලේඛණයකට ද ඇතුලත් කරනු ඇතැයි අධිකරණය කියා සිටියේය. එම චෝදනා වලට තමන් නිවැරදිකරු බව සෝමරතන හිමියන් කියා සිටි නිසා නඩුව විභාග විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරැණු නොදන මේ වගේ කතා කියන්න එපා සුනිල් මහාචාර්යතුමා..
නෙල්සන්, විදුල, ඔබේ අදහස් හරි. ඒත් ලන්ඩනයේ වෙසෙන අපේ බෞද්ධ පින්වතුන්, මේ ගැන සොයා බලා නීතියේ පිහිට පතන්න.බුදුසසුන බබලවන්න.දායක වෙන්න. උන්වහන්සේ නිවැරදි නම් ඒ උතුම් සද්ධර්මයේ බලය සියලු කුමන්ත්‍රණ පරාජය කරවී. '' ලන්ඩනයේ සිටින බෞද්ධයනි එකමුතු වෙන්න බුදුසසුන බේරගන්න'' ග්‍රීසියේ අපටත් කල හැකි යමක් ඇත්නම් අපිද ඔබලා සමගයි.
මේක ඇත්තටම බොරු චෝදනාවක් , මම එංගලන්තේ ජීවත් වෙන්නේ, මේ හාමුදුරුවෝ වැරදී නෑ, මේක තරහට කරපු කැත වැඩක් , මේ සිදුවෙම වෙලා අවුරුදු 20 වෙනවලු දැන්, ඉතින් කොහොමද ඕක ඔප්පු කරන්නේ, මේ ගෑණු කෙනා එයාගේ තාත්තා මැරෙනකන් හිටියලු නඩු දන්නා,නැත්නම් එයාගේ පියාට ලැජ්ජාවක් කියල, මේවා ඇත්තටම කුමන්ත්‍රණ , මොකද මේ රටේ මේවගේ දේවල් වලට නීතිය ගොඩක් තදට තියනවා.එක දැනගෙන මේ හාමුදුරුවන්ට කරපු වැඩක්,,
මේක තනිකරම විදේශ කුමන්ත්‍රණයක් කියන අදහසේ මමත් ඉන්නේ. චන්දි,ඉන්ද්‍රජිත්,නතාෂා සෙව්වන්දි,ශලනි තාරකා,විනූ උදානි සිරිවර්ධන හා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දරණ අදහසම මමත් දරමි. සමාජයේ ඇස් ඇරවීම සඳහා නිවැරදි මතයක් ස්වාධීනව දැක්වීම පිළිබඳවද මම මහාචාර්යතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.අපගේ බෞද්ධ ජනතාව විජාතික උවදුරුවලින් ගලවා ගැනීමට ක්‍රියාකරන මෙබඳු හිමිවරුන් බේරා ගැනීම සඳහා බෞද්ධ ජනතාව වශයෙන් අප අවදියෙන් ක්‍රියාකළ යුතු යැයි මම සියළු සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
ලන්ඩන් වල පංසලක රාහුල කෙනෙක් දැන් සිවුරු ඇරල ලංකාවේ නිලියක් බදින්න යන්නේ කියලා ආරංචියක් තියනවා.
පාඨක ඔබලාගේ අන්ධභාවය ගැන දුක්වෙමි. මෙය විදේශ බලවේගයක් නොව සාසනය පිරිසිදුකිරීමේ ක්‍රියාවලියක් පමණි මේ ගැහැණු දරුවා දැනට වෛද්‍යවරියකි. ඔහු නිවරදිකරුනම් අපි එකතුවී එයට ඉහල උසාවියේ ඇපාලක් දමන්නෙමු. ලන්ඩනයේ සිටින අනෙකුත් චීවරධාරීන් මෙය පදමකට ගෙන බුද්ධාගම ආරක්ෂා කිරීමට වැඩකරනු ඇතියි සිතමි
මේකේ මුලින්ම අදහස් දාල තිබුන මෝඩ මිනිස්සු ගැන දුකකුත් තරහකුත් ආවා, මොකද මෙයාල මේක මෙහෙම වෙන්න පුලුවන්ද කියල හිතන්න තිබුන නේද,,, මේ හාමුදුරුවෝ එහෙම නේ,, මේවා තරහට කරන දේවල්. .. අවරුදු 20 කලින් කරපු ඒවා ඔප්පු කරන්න පුලුවන්ද එහෙම,,,කිසිම සාක්කියක් මෙතන නැහැ ..
වැරදිකරු නම් උපරිම දඩුවම් දිය යුතුමයි
චතුර මහතා හා ආචාර්ය සුජිත් නිශාන්ත මහතා යන දෙපළට මම බෙහෙවින් ස්තූති වන්න වෙනවා මේ හිමියන්ගේ නිවැරදිබව පැහැදිලි කිරීමට ගත්තු උත්සාහය පිළිබඳව ඒ පින් බලයෙන් ඔබ දෙදෙනා මතු ආත්ම භවයක මෙතේ බුදුන් වෙතින් මඟඵල අවබෝධ කරගැනීමට තරම් භාග්‍යවන්ත වෙනු ඇතිබවද මට පැහැදිලි වුනා.මෙහි අදහස් දක්වා ඇති පව්කාරයෝ නම් අනිවාර්යෙන්ම මැරිලා ගිහින් අවීචි මහා නරකාදියේ ඉපදෙනවාමයි
ඉන්ද්‍රජිත් හොද බුද්ධිමතෙක්.ඒකයි භක්තියක් නැත්තේ.ඔහු කියන්නේ රට,ජාතිය,ආගම,අම්මා,තාත්තා,පින්,පවු, මේ ඔක්කොම මනස්ගාත කියලා.හරිම අගෙයි
එක අතින් අත්පුඩි ගහන්න බෑ.හාමුදුරුවො නිර්දෝෂයි
සුජීත් නිශාන්ත ඇතුලු මධෟස්ථ මත පල කලාවූ සියලූ දෙනාට පිං. මේ ස්වාමින් වහන්සේ ගැන මම කිසි දෙයක් දන්නේ නෑ. වැරදී නම් උන් වහන්සේ ඒ අකුසල් රැගෙන යයි.නිවැරිදිනම් එංගලන්තයේ ජීවත් වන අපේ අය ඇපීල් කලයුතුයි.බුදු සසුන රැක ගන්න වෙර වීරිය දරන සංඝරත්නය අරක්ෂා කර ගැනීම අපේ වගකීමක්.ස්වාමින් වහන්සේලාට නිගරුවන සේ කථා කිරීම අපට අයිති දෙයක් නොවේ.ඒ කියන්නේ සැරියුත් මුගලන් ආනන්ද අනුරුද්ද රහතන් වහන්සේලාටයි අපි දොස් කියන්නේ.ඒ නිසා ස්වාමින්වහන්සේලා සම්බන්ධව කථා කරන විට පරිස්සම් වෙන්න.පව එසේ මෙසේ නොවේ.බුදුන් වහන්සේ වරක හිමීනමක් ඇසු පැනයකට පිලිතුරක් හැටියට වදාලේ බුදු සසුන ඇතිතාක් රහතුන් හිස් නොවන බවයි.ඒ නිසා හිමිනමකගේ ශීලය කෙතරම්ද යන්න ඹබට මට කියන්න බෑ.
ආඩම්බරේ බෑ අප්පා...
හාමුදුරුවන්ට ගිය කලක්.
හොද දඩුවමක් කාට උනත් නිතිය ක්‍රියාත්මක විය යුතුයි ....
අනේ අලගොඩුවෝ තමුන්ගේ ඔලුවේ ...................ද ?
සාසනේ ඉන්න බැරිනම් ඇයි සසුනට ගියේ ????
මේ හිමි නම අහිංසකයි...
අනේ නොදන්න නිසයි අහන්නෙ,එන්ගලන්ෙත වගේ රටක නඩු අහන්නේත් එක එක අයට ඕන ව්දිහටද.ඒහෙත් නීතීයක් කියලා ෙදයක් නැද්ද.
සාදු! සාදු!! සාදු!!!
මෙම හාමුදුරු නමගේ නිර්දෝෂිභාවය මම නොදනිමි.නමුත් හැම දෙයටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ නම් වූ කෝකටත් තෙල මෙතැනටත් පාවිව්චි කිරීම මෝඩ වැඩකි.එන්ගලන්තයේ වෙසෙන අපි එරටට විදේශීකයෝ වන්නෙමු.එහෙව් එකේ මේ සිද්ධිය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වන්නේ කෙසේද?ඒ කියන්නේ එන්ගලන්තයේ සිටින විදේශිකයන් වන අපට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවද?මොන විහිලුවක්ද මේ.විකාර කතා නවතා කල යුත්තේ මෙම හාමුදුරුනම නිර්දෝෂීනම් නැවත ඇපීල් කිරීමක් කොට නිතීයෙන් කල යුතු දෙය කිරීමය.නැතුව හැම ජහජරා වැඩක්ම කොට එයින් ගැලවීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණ නම් වූ යල්පැන ගිය කෝකටත් තෙල පාවිච්චි කිරීම නොවේ.
අර ජෝන් කොතලාවල මහත්තය කිව්වා වගේ තට්ටෙට තාර ගාන්න ඕනේ
සියළු දෙනා වෙතයි,ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්ය තුමාව නිකරුනේ විවේචනය කරන්න එපා.එතුමාට සියළු සුදුසුකම් තිබෙන බව අපි දන්නවා.එතුමා ජීව දත්තවල සඳහන් කර ඇත්තේ ටිකයි.ඊට වඩා පශ්චාත් උපාධි හා උපාධී එතුමා ලබා තිබෙනවා.ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 4 කටත් වඩා විවිධ මට්ටම්වල උපාධි හා පශ්චාත් උපාධි එතුමා උපයාගෙන තිබෙනවා.ඒ පිළිබඳ අපි සෑහීමටකට පත්වූ නිසා තමයි එතුමා වෙත එම උපාධි නාමය ප්‍රදානය කර තිබෙන්නේ.
මාගේ හිත මිතුරනි අපි දැන්වත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්ය තුමාට සංවිධානාත්මක පහරදීම නවත්වා දමමු.අපි කරන වැඩේ හොඳ නැහැ.අනික අපට පස්සේ මේක නිසා නැති කරදර ඇති වෙන්න පුළුවන්. මෙහි සරසවි ඇදුරෙක් නමින් මම යි කමෙන්ට් දැම්මේ.මට සමාවෙන් මහාචාර්යතුමනි.අපි මීට පස්සේ එහෙම වැරදි වැඩ කරන්නේ නැහැ.
සාදු ! සාදු ! සාදු.............!
හොද දඩුවම කට උනත් නිතිය නිවැරදි විය යුතුයි .
ඇත්තටම දැන් බුද්ධ ධර්මයක් නැති තරම්.පන්සල් වැඩි හරියක ඉන්නෙ කහ පාට රෙදි ඇඳ ගත් හිස් මිනිස්සු.ජොබ් එකක් හැටියට මහණ වෙලා වගේ.
නිවන් දකින්නට පින් මදි වෙනැති ඒකයි තවමත් සංසාරේ........
සිවුරක් දැම්ම කියල ජම්ම පුරැදු අත හැරෙන්නෙ නෑනෙ...
මේක විදෙශ අන්‍යාගමික කුමන්ත්‍රණයක්/බලවේගයක්
ඇයි මෙහම අයට තාම "හිමි" කියන්නේ?
නෙල්සන් ඔබ හරි, බටහිර රටවල්වල ආසියානුවන්ට තුන්වෙනි පන්තයෙ විදිහට තමයි සලකන්නෙ...
හිමි අහිමි.
වසර 15කට පෙර වූ ලිංගික අතවරයක් ඔප්පු කරන්නේ කොහොමද?
අනේ අපොයි ලංකාවෙදිනම් කමක් නැහැ. එංගලන්තෙත් ගිහිං...
ලංකාවනම් කමක් නෑ.රට කෑව..
ඊට පස්සේ මෙයා ඉන්නේ ඒ පන්සලේද ගෙදර යනවද ?
ඔය අවුරැදු 7 ගෙවුණට පස්සෙ මේ හාමුදුරැවො ඉන්නෙ පන්සලේද ගෙදර යවනවාද?
එවන් දෙයක් වුවා නම් එයට දඩුවම් ලැබිය යුතු වේ.එහෙත් බටහිර ජාතින් පෙර දිග ලෝකයේ මුතු ඇටය විනාශ කිරීමේ කටයුත්ත පෘතුගීසින් ගේ සිට ඔබාමා දක්වා වූ අය මෙන්ම ඉදිරියට බිහිවන අයද කරන බව හදවතක් ඇති මිනිසුන් ලෙස සිහි තබා ගැනීම මැනවි.
වසර හතක් ප්‍රමාණවත් නෑ.
ඔන්න නීතිය තියෙන රටක්. අපේ රටේ ඔහොම උනානම් මෙය හොද ලොයෙර්සලා අල්ලලා න්නිදහස් වෙනවා, ඒ රට අපේ රටට වඩා දියුණු, හේතුව එකඊ.
ඔන්න නීතිය තියෙන රටක්. අපේ රටේ ඔහොම උනානම් මෙය හොද ලොයෙර්සලා අල්ලලා න්නිදහස් වෙනවා, ඒ රට අපේ රටට වඩා දියුණු, හේතුව එකඊ.
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ
ජයන්ත. බෞද්ධ දර්ශනය අනෙක් ආගම වලට වඩා වෙනස්. විවේචනය කරන්න පුළුවන්. අදහගෙන ඉන්න කියල නෑ. ඒක නිසාමයි සමහර කණ්ඩායම් බුද්ධාගමට පහර ගහන්නෙත්. මෙම ප්‍රශ්නයේ විවිධ පැති ගැන අදහස් දැක්වීම ඉතා හොදයි. අපි හොදින්ම දන්නා හාමුදුරුවරු ඉන්නවා ගෑනු තියාගෙන ගෙවල්වලටත් ගිහිල්ලා ඉන්න, සාස්තර කිය කියා ඉන්න. ඔයා වගේ අන්ධ භක්තිකයොත් ඕන තරම් ඉන්නවා. දියුණු රටවල අදහස් ප්‍රකාශයට අවස්ථාව තියෙනවා. ඒක නිසා තමා බුද්ධාගම ඒ රටවල පැතිරී යන්නේ.
හරි සිද්ධිය නොදැන මුකුත් කියන්න බෑ...වරදක් කරානම් දඩුවම් ලැබිය යුතුයි....
හාමුදුරුවන්ට ගිය කලක්.හොද දඩුවම .
මේ වගේ දේ වෙනකොට අපේ රටේ නම තමයි කැත වෙන්නේ....
අපේ රටේ ඉඳන් සීලේ රකින හැටි අපි දන්නවානේ... බොහෝ පන්සල් වල අවුරුද්දකට එක නමක්වත් ගැහැණු හුටපටයක් නිසා පැනලා යනවා. මෙහෙ කරන්නේ දෙපාර්ශ්වයේම කැමැත්තෙන් නිසා පොලිසියත් මැදිහත්වෙන්නේ නැහැ... ආචාර්ය උන්නැහේ හරියට සුද්දෝ කුමන්ත්‍රණ කරන තැන බලාහිටියාවගේ කතාකරන්නේ. ඔයාල සෙට් එකට ඉතින් වැස්ස සුළඟ පෑවිල්ල පවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නේ..
කොච්චර බොරුද ?
අපේ සමහර අයගෙ නොමනා හැසිරීම් නිසා සිල් බිදෙනවා..
මෙහෙත් ඉන්නව ඔය වගේ අය....
අනේ මෙහෙමත් හාමුදුරුවන්...සිවුරු හැරියනම් හොඳයි...
" සාදු සාදු සල්ගාදූ "
එක අතින් අප්පුඩි ගහන්න බෑ.. අනුබල දුන් මිසදුටුවන්ටත් දඩුවම් දිය යුතුයි..
බුද්ධාගම අතුගා දමන්න එකතුවුණු අන්‍යාගමික පිරිසකගෙ උත්සාහයෙ ප්‍රතිඵලයක්...
මේ නිකාය නායක හාමුදුරුවනේ.. මේකෙ ඇත්ත නැත්ත සොයා බලා.. සෝමරතන හිමි වැරදිනම් සිවුර ඉවත් කරනු මැනවි...
සුජිත් නිශන්ත මහතානණි, මම ඔබේ ජීව විස්තරය අන්තර් ජාලයෙන් කියවූයෙමි. එහි සඳහන් ආකාරයට ඔබ තවමත් ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගනිමින් සිටී. ආචාර්ය උපාධිය ලබා ගැනීමට පෙර ආචාර්ය යන නාමය භාවිත කිරීම නුසුදුසු දෙයකි.මේ බව ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලවල අය දුටුවොත් එය සම්මුඛ පරීකෂණවලදී ඔබට අවාසි වනු ඇත.
ඇත්තටම දැන් බුද්ධ ධර්මයක් නැති තරම්.පන්සල් වැඩි හරියක ඉන්නෙ කහ පාට රෙදි ඇඳ ගත් හිස් මිනිස්සු.ජොබ් එකක් හැටියට මහණ වෙලා වගේ. ඔන්න නීතිය තියෙන රටක්. අපේ රටේ ඔහොම උනානම් මෙය හොද ලොයෙර්සලා අල්ලලා නිදහස් වෙනවා, ඒ රට අපේ රටට වඩා දියුණු, හේතුව එකඊ.
නෙල්සන්,ජානක පෙරේරා,විදුල,ජයන්ත,චතුර, වත්සලා මනෝහාරී හා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහචාර්යතුමා යන අයට ගොඩාක් පින්. මොකද මම පුද්ගලිකව දන්නවා මේ ස්වාමීන්වහන්සේ ඉතාම සිල්වත් හාමුදුරුවෝ නමක් බව.විදේශ රටවල වාසය කරන වෙනත් පූජ්‍ය පක්ෂයේ අයතුළ දක්නට නොලැබෙන උදාරතර ගුණ සමුදායක් වරක් අපි ලන්ඩනයේ කළ සංචාරයකදී දැකගැනීමට ලැබුණා.ඒ වගේම ලන්ඩනයේ ස්වාමීන් වහන්සේ විසින් දියත්කර ඇති විවිධ ආගමික වැඩසටහන් හරහා විශාල පිරිසක් බුදුදහම වැළඳගෙන හොඳ බෞද්ධයෝ වෙලා තියෙනවා. මේක ඉවසා ගන්න බැරිවුන අන්‍යාගම්කාර කුමන්ත්‍රණකාරී සුළු පිරිසක් එකතුවෙලා තමයි හාමුදුරුවන්ට නිරපරාදේ මේ විනේ කැටලා තියෙන්නේ කියලයි අපිට ආරංචි.තානාපති කාර්යාල හරහා උන්වහන්සේහට ලබාදී ඇති ඒකපාක්ෂික නඩු තීන්දුවට එරෙහිව ප්‍රබල හඩක් නැඟිය හැකි නම් එය උන්වහන්සේහට ඉතා සාපරාධී ලෙස නඟා ඇති දඬුවමට ප්‍රබල අභියෝගයක් වියහැකි බව අපගේ අවංක අදහසයි.මේ පිළිබඳ එකමුතුව හඩක් නැඟීමට එක්වන මෙන් ශාසන ගෞරවයෙන් සියළු දෙනාගෙන්ම අතිශය ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
සාසනය නැතිකරන උපාසක දෝණිල..
අවුරුදු 7කට ප්‍රථමයෙන් මෙම හිමියන් හිටිය තැන කාටහරි කියන්න පුලුවන්ද?
අනේ හැම තැනකම ඉන්නව සංචාරක වීසා අරගෙන ඇවිල්ල මේක තමයි කරන්නෙ..
මෙහි සලකා බැලිය යුතු විවිධ අංශ ඇත.එකක් ලන්ඩනයේ පන්සලක් කරගෙන ජීවත්වූ හිමි නමක් අසත්‍ය චෝදනා කර ඒ ආගමික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙලක් යටින් ක්‍රියාත්මක වේදැයි ජාත්‍යන්තර රහස් පොලීසිය යොදවා සොයා බැලිය යුතුය. ජාත්‍යන්තර ආගමික සංවිධානයකය මුදල් යහමින් විසි කර මෙබඳු දැරියක් සල්ලිවලින් මිලදී ගෙන මෙසේ බොරු කට උත්තර ඒ දැරිය ලබා ලබාදී නිරපරාදයේ හිමිනමකට චෝදනාකර සිරගත කරවා විදේශීය ආගමික වැඩසටහන් නතර කරදැමීමට හැකියාව තිබෙන බවද අප විසින් සැලකිලිමත් විය යුතුය.අද සිදු කෙරෙන ඉතාම සූක්ෂම කුමන්ත්‍රණකාරී යටි කූට්ටු වැඩ ගැන මම නම් ඉතාම සෙවිල්ලෙන් ඉන්නේ.මේ වගේ ප්‍රචාරයක් ගෙන ගිය විට එයට පහසුවෙන් රැවටෙන මෝඩ මිනිස්සු පහසුවෙන්ම ගොනාට ඇන්දවිය හැකිබව මෙබඳු ජාත්‍යන්තර සංවිධාන දනිති.බුද්ධ කාලේදී බුදුන්වහන්සේටත් සුන්දරී පරිබ්‍රාජිකාව මරාදමා ජේතවනාරාමයේ පරමල් ගොඩක් යට සඟවා තැබුවා කියා බුදුන්වහන්සේටත් අසත්‍ය චෝදනාවකට මුහුණදීමට සිදුවූවා දන්නේ නැතිද?ඒ කාලේදීත් මොඩ පුහුදුන් මිනිස්සුත් මේ වගේම කිසිම සොයා බැලීමක් නොමැතිව බුදුන්ට ගර්භා කළා.අවසානයේදී බුදුහිමියන්ට ජේතවනාරාමයෙන් එළියට බහින්න බැරි වාතාවරණයක් ඇතිවුනා.ආනන්ද හිමියන් වෙන තැනකට යමු ස්වාමීනි කියත තත්වයකට පත්වුනා.පිණ්ඩපාතේ වඩිද්දී පුහුදුන් මිනිස්සු ගල් ගහන්න පරුෂ වචනයෙන් බැණවැදී තර්ජනය කරන්න පටන් ගත්තා. මොනද මිනිස්සු හිතුවේ සුන්දරී පරිව්‍රාජිකාව සැබවින් බුදුන්වහන්සේ විසින් මරා දැම්මි කියා විශ්වාස කරපු නිසයි.ඒ ගැහැණිය මරා දමන්න කලින් මුදල් දී බුදුන්වහන්සේගේ කුටිය දෙසට මිනිසුන්ට පේන්න රාත්‍රි කාලේ යාමට හා පසුවදා උදෑසන මිනිසුන්ට පෙනෙන්න ඒමට සලස්වා තිබුණා. කවුරුහරි ඇසුව විට බුදුන්වහන්සේ තමාට රෑට කුටියට කතා කරන බවත් මුළු රෑ තිස්සේ බුදුන් සමඟ නිදිවැද පසුවදා පාන්දර තමා ආපසු යන බවත් මේ ගැහැණිය මිනිසුන්ට කිව්වා.ඊට පසුවයි ගැහැණිය තීර්ථකයින් විසින් මරා ජෙතවනාරාමයේ පරමල් ගොඩක් යට වළදමා තිබී රජුට හමුවුනේ.ඉතින් කවුරු වුනත් පුහුදුන් අය සැක කරනවානේ.ඉතින් ඒ වගේ සිදුවීමක් මෙහිදී සිදුවී ඇතිබව මට සිතේ
මෙහි සඳහන් පූජ්‍ය සෝමරතන හිමියන් නිර්දෝෂී බව මට සිතේ. මන්ද බොහෝවිට බොරු චෝදනා කිරීම මඟින් උන්වහන්ස් දැනට ලන්ඩනයේ පවත්වාගෙන යන පන්සල බෙහෙවින් ජනප්‍රියව පවතින නිසා ඊට විරුද්ධ කම් කරන වෙනත් ආගම්වල අය මෙසේ උන්වහන්සේට චෝදනා කිරීම මඟින් සිය පටු අරමුණු සාර්ථක කරගෙන ඇතිබවක් පෙනී යයි.
මේක විදේශ කුමන්තුණයක් !!.
විනූ කියන දේ ඇත්ත..මමත් හිතනවා මේ සාදු අහිංසක කෙනෙක් කියලා. මොකද වරක් දර්ශන රූප ගත කිරීමකදී අප එහි ගිය අවස්ථාවකදී අපි දැක්කා ඒ සාදු මිනිස්සු අතර කොයි තරම් ජනප්‍රිය කෙනෙක්ද කියලා. ඒ වගේම විශාල අන්‍යාගමිකයින් පිරිසක් උන්වහන්සේ නිසා බුද්ධාගම වැළඳ ගෙන තිබෙනවා.ඉතින් ඒ වගේ පරිසරයකදී මේ වගේ බොරු චෝදනා වෙනත් ආගමිකයින් සංවිධානාත්මක සිදුකිරීම සාමාන්‍ය දෙයක්. එක් වරම උන්වහන්සේව සිරගත නොකොට මෙහි සඳහන් සිදුවීම සත්‍යයක් නොවන බව සැක හැර දැනගෙන උන්වහන්සේව නිදහස් කරන මෙන් ඉල්ලමි.
මෙහි හාමුදුරුවන්ට විරුද්ධව අදහස් දක්වා ඇති කාමුක සල්ලාල පිරිමි බරපතල අකුසල කර්මයක් සිදුකර ගෙන ඇතිබව පෙනේ.උන්වහන්සේ සිල්වත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි..උන්වහන්සේට සාපරාධීව අපහාස නොකරන මෙන් ලක්වැසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලමි.
ආචාර්ය සුජිත් නිශාන්ත මහතාගේ අදහස් හා මා එකඟ වෙනවා. බුදු දහම හෙළා දකින, අන්‍යාගමික හෝ වෙනත් කණ්ඩායම්වල සූක්‍ෂ්ම වැඩපිළිවෙළ ගැන අපට සිතාගැනීමටවත් බැහැ. ඒ නිසා මේ ගැන නියම ලෙස කරුණු සොයා බැලීමකින් තොරව අපට හාමුදුරුවන්ට චෝදනා කරන්න බැහැ.
මමත් සුජිත් නිශාන්ත සමඟ එකඟ වෙනවා...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්ය තුමා 2012.06.04 පුන් පොහෝ දින බුදුමග පුවත්පතේ පළකරතිබූ “ආනාගාමී උතුමා..“ නැමැති ශාස්ත්‍රීය ලිපිය මම ඉතාම අභිරුචියෙන් කියැවූයෙමි. එතුමා තව තවත් මෙබදු ශාස්ත්‍රීය ලිපි ලියනු දැකීමට ප්‍රිය කරමි.ඒ වගේම මෙවැනි ශාසන භාර ධාරි මහතෙර නමකට සිදුවූ අකටයුත්තේදී නිර්භයව තමන්ගේ අදහස් අදීනව හා ස්වාධීනව ප්‍රකාශ කර ඒ ස්වාමීන්වහන්සේ බේරා ගැනීමට ක්‍රියාකිරීම පිලිබද මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්ය තුමා 2012.06.04 පුන් පොහෝ දින බුදුමග පුවත්පතේ පළකරතිබූ “ආනාගාමී උතුමා..“ නැමැති ශාස්ත්‍රීය ලිපිය මම ඉතාම අභිරුචියෙන් කියැවූයෙමි. එතුමා තව තවත් මෙබදු ශාස්ත්‍රීය ලිපි ලියනු දැකීමට ප්‍රිය කරමි.ඒ වගේම මෙවැනි ශාසන භාර ධාරි මහතෙර නමකට සිදුවූ අකටයුත්තේදී නිර්භයව තමන්ගේ අදහස් අදීනව හා ස්වාධීනව ප්‍රකාශ කර ඒ ස්වාමීන්වහන්සේ බේරා ගැනීමට ක්‍රියාකිරීම පිලිබද මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
මේ සුජිත් ආචාර්යතුමා පෘතග්ජන අපිටමහ කරදරයක් දැන්
සීනි ඉහිරුන තැනකට කුහුඹුවන් වටවෙන්නාක් මෙන්, දේශ වාත්සල්‍යය ගැන කතාවෙන ඕනෑම තැනකට මෙරට ලින් මැඩි දේශප්‍රේමීහු වටවෙති. මේ තිබෙන තත්වය යටතේ තමා 'දේශප්‍රේමියෙක්'බව කටක් හැර කීමත් ලැජ්ජාවකි. මොවුන්ගේ කමෙන්ට් ටික කියවනවිට දැනෙන දේ නම්, අසීමිත දේශ අභිමානය මොවුන්ගේ ඔලු වල පුරවා ඇත්තේ සාමාන්‍ය බුද්ධිය ඉවත් කිරීමෙන් බවයි.
සීනි ඉහිරුන තැනකට කුහුඹුවන් වටවෙන්නාක් මෙන්, දේශ වාත්සල්‍යය ගැන කතාවෙන ඕනෑම තැනකට මෙරට ලින් මැඩි දේශප්‍රේමීහු වටවෙති. මේ තිබෙන තත්වය යටතේ තමා 'දේශප්‍රේමියෙක්'බව කටක් හැර කීමත් ලැජ්ජාවකි. මොවුන්ගේ කමෙන්ට් ටික කියවනවිට දැනෙන දේ නම්, අසීමිත දේශ අභිමානය මොවුන්ගේ ඔලු වල පුරවා ඇත්තේ සාමාන්‍ය බුද්ධිය ඉවත් කිරීමෙන් බවයි.
ඉන්ද්‍රජිත් වැනි මිනිසුන් සිටින තුරු මේ රට බටහිර ගැති භාවයෙන් නොමිදේ. ඔවුන් තම මවට ආදරය කරන අය දැයි සිතා බැලිය යුතුව ඇත
සාධු කොහොමද අසාධු ලේඛනයට ඇතුලු කළේ?මේක වැරදි වැඩක්
අනුන් ගේ ඉතා සුලු වරද පහසුවෙන් දක්නේය.තමා ගේ මහත් වූ වරද වසා සඟවන්නේය .