කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මුදාහරිනු ලැබ ඇත. පුන්ස්ලන්ත වෙරළාරක්ෂක නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව කම්පම් හෝ වෙනත් කිසිදු කොන්දේසියකින් තොරව මෙම නෞකාව මුදාහැර තිබේ.
නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කරමින් තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවන්ගාඩ් ලොක්ක දැන් මොකද කියන්නේ? එයා නැති උනාට නැව නිදහස් කළානේ කිසිම කොන්දේසියක් නැතිවම.
ශ්‍රීලංකා ආණ්ඩුව මේ කරන ලද වීර ක්‍රියාවට අපේ ප්‍රණාමය
මේක අපේ රජයට කදිම පාඩමක් , හැම දේටම ඔලුව නවන්න එපා , අසාධාරණ ඒවාට තදින් ඉන්න .
අද උදෙන්ම අහන්න ලැබුණු සතුටුදායක ආරංචියක්.අපේ අය නිදහස් කරගන්න ඉදිරිපත්වූ සියලුම දෙනාට පින් සිදුවේවා!
මෝඩ රැල අපිට බයේ නෙවේ නැව නිදහස් කළේ. මොලයක් නැහැ.
ඇත්තටම ඇවන්ගාර්ඩ් අවශ්‍ය නැහැ . නැවක් මුහුදු කොල්ලකරුවන් අතට පත් වුණාම අපේ ආණ්ඩුවට කියන්න විතරයි තියෙන්නේ.
මට මතක් වෙනවා අර රිසානා ළදැරිය මරා දමා තිබියදීත් අරගොල්ලෝ කිව්වා අපි බේරා ගන්නවා කියලා
ජනාධිපති තුමාගේ උපදෙස් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිලිපැද්දට අපේ දොස්තරලා පිළිපදින්නේ නැහැ නේ.
මහින්ද මැතිතුමා නිසයි නිදහස් කළේ
නැව මුදා හැරියේ මේ නව කුලියට අරගෙන තියෙන්නේ සෝමාලියා ව්‍යාපාරිකයෙක් නිසා කියල තමයි කියන්නේ
අය්යෝ හුඟ දෙනෙක් මෙතන මෝඩ කොමෙන්ට් තමයි දාල තියෙන්නේ. ඇත්ත කතාව තමයි, කොල්ල කාරයෝ පස්සේ තමයි දැන ගත්ත සෝමාලියාවේ එක්කෙනෙක් තමයි මේ නැව කුලියට අරන් තියෙන්නේ කියන එක. තමන්ගේ මිනිහෙක්ගේම එක මංකොල්ල කන්න හරි නැති නිසා තමයි මුදා හැරියේ.
සමහරක් ආණ්ඩුව මැදිහත් වෙලා නැව මුදාගත් එකටත් කැමති නැහැනේ.රජ පරම්පරාවේ අය මගේ හිතේ.
ඇවන්ගාඩ් මතකද දැන් ඉල්ලන් කනවදෝ දැන් සනීපද ඔබට දැන් සතුටුද
මංකොල්ලකාරයෝ නැව කුලියට අරන් තියෙන්නේ තමන්ගේම රටේ මිනිහෙක් බව දැනගෙන නැව නිදහස් කළාම එ්ක කළේ ලංකාවේ ජනාධිපතිටයි අගමැතිටයි බයේ කියල හිතන මෝඩයෝද අප්පා අපේ රටේ ඉන්නේ! මේ තියන කොමෙන්ට් කියෙවුවම හිතාගන්න පුළුවන් අපේ රටට යන කල දවස ගැන පුදුම වෙන්න දෙයක් නැති බව!
මා සිතන්නේ නේ නැහැ මේ නැව ලංකා ආණ්ඩුව මැදිහත්වීමෙන් පමණක් මුදා ගත්ත කියා.
මේ නැව අයිති සෝමාලියානු ව්යාරිකයෙකුට බව දැනගේනයි මේ නැව නිදහස් කලේ... විදෙස් මාද්‍ය මේක වාර්තා කලා.. අයියෝ අපේ කට්ටිය කුලප්පු වුන තරම්...
අපේ නාවුක හමුදාපති තුමා හොස්ස මිරිකන්න යන්න සුදානම් උනා විතරයි මුන් නැව නිදහස් කලානේ?
හර්ෂ ද සිල්වා වස් ඇප් කරලා බේරාගත්තා කියන්නේ...හික් හික්
සමහරක් කට්ටිය කොමෙන්ට් කරලා තියෙන්නේ හරියට කට්ටිය නැවේ අයිතිකාරයෝ වගේ, කොහොමද උනත් රජය සහ අනිකුත් ජාත්‍යන්තර ආයතන මැදිහත් වෙලා ඉතාම සුළු කලය ඇතුලත අපේ ලාංකීය සහෝදයන ගලවා ගැනීම ගැන අපෙගේ ස්තුතිය.
ඇත්තටම සතුටුයි මේ ආරංචිය අහන්න ලැබිම ගැන. නමුත් මේ වාද කරන හැටි දැක්කාම දුකයි. බාගෙට කියවලා වගේ කට්ටිය. අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කලේ මෙම නැව සෝමාලියානු ප්‍රබල ව්‍යාපාරිකයෙක්ට තෙල් ගෙනිච්චා කියලා මිසක් සෝමාලියාවට අයිති නැවක් කියලා නෙවෙයි. ලාංකිකයින් හැටියට අපි සතුටු වෙන්න ඔනා අපේ අය බේරුන එකට. අපේ අයට වාද කරන්න ඔනානම් ඔනා දෙයක්. අනේ හපොයි