පුත්තලම - වාන පාර නිවසකින් පසුගිය 9 වැනිදා 04 ක පිරිමි දරුවෙකු (04) පැහැර ගත් බව කියන සිද්ධියට අදාල සිව් දෙදෙනෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පැහැර ගැනීමට ලක්වී තිබුනේ පුත්තලම - වාන පාර පදිංචිව සිටින මොහොමඩ් හෆීස් (අවු:04) නම්වූ කුඩා පිරිමි දරුවෙකි.
දරුවා පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලියින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෛකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් පුද්ගලයෙකු ඉන්දීය ජාතිකියෙකි.
පුත්තලම - මන්නාරම මාර්ගයේ ත්‍රී රෝද රථයකින් දරුවාව රැගෙන යමින් සිටිය දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් දරුවා වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථානයක රඳවා සිට ඇති බවත් පොලීසිය කියයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනා හා ඉන්දීය ජාතිකයා ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ත්‍රීරෝද රථ රියදුර රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම ලෙසත් පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහාතා නියෝග කලේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කියවද්දී ජීවිතෙත් එපාකරවන තරම්. පව් අසරණ දරුපැටියා! මොන හිතකින්ද දෙවියනේ මේතරම් මිනිසුන්ගේ නපුරුකම් පහළවුණේ..? ඉන්දියානුවොත් අපේ අයට තාක්ෂණයෙන් අත්උදව් දෙනවා වගේ (නි)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
යුනිෆෝර්ම් එක ඇන්දට පිය සෙනෙහස හංගන්න බැරි බව. කරුණාකර කරපු ක්‍රියාව අගය කරන්න. ළමයව හොයා ගත්ත එකට.(හේ)
කොලු පැටියා මේසය උඩ තියලා නේද? රාජකාරි මේසය නේද? එක අතකට එතුමාට හොඳ නම් අපිට මොකද? (නි)
පාලම හැදුවොත් පොලිසියට නම් දිගටම වැඩ තියේවි. අතුරුදන් වුණු අය සොයන්න (බ)
පුත්තලම පොලිසියේ නිලධාරීන්ට මගේ ප්‍රණාමය! (නි)
ඉන්දියන්කාරයෝ මෙහෙ මොකද කරන්නේ? ඉන්දියවෙ නම් ඔය වැඩේ හරි සුලබයි. ඉන්දියාවේ ළමයි පමණක් නොවේ වැඩිහිටි පුද්ගලයන් පවා පැහැරගෙන යනවා. වකුගඩු ජාවාරම ජයට කෙරෙන ලෝකේ එකම රට (නි)
අපේ රටේ මිනිසුන්ට ජාති බේද නැහැ. මේ ඔක්කොම දේවල් වෙන්නේ අපේ රටේ ඉන්න පාලකයෝ සහ විදෙස් රටවල ඉන්න මිනිසුන්ගේ වැරදි වගේම, අපේ රටේ ඉන්න මිනිසුන්ගේ එකමුතුව අවබෝධ කරගන්නේ නැති නිසා (නි)
මේ ළමය ලැබුන එක ගැන සතුටුයි. නමුත් පුටුවක තියන්නේ නැතුව මේසය උඩ තියාගෙන ඉන්න එක නරකයි. ළමයින්ට කොච්චර ආදරේ වුණත් ගුරුවරු කවදාවත් ළමයින් මේසය උඩට ගන්නේ නැත්තේ, රැකියාවේ ගරුත්වය අතින් ආදර්ශමත් වියයුතු නිසා. මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් ආයෙත් නම් කවදාවත් කාටවත් මේසය උඩ ඉඳගන්න දෙන්න එපා. (නි)
පොලිසීයේ කීර්ති නාමය දැන් දැන් ඉස්මතු වෙනවා. දිගටම මේ විදිහට තියාගන්න උත්සාහ කරන්න පොලිස්පතිතුමනි. දරුවාට තෙරුවන් සරණයි ! (නි)
ඉන්දීය ජාතිකයන් දැන්මම වැඩ පටන් අරගෙන වගෙයි (නි)
ලංකාවේ අය මදිවාට දැන් ඉන්දියාවෙනුත් ඇවිල්ලා වැඩ පටන් අරගෙන වගෙයි (නි)
කවදා හරි ලොකුවුණාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් මම ඕඅයිසී මහත්තයාගේ මේසේ උඩත් හිටියා කියලා (නි)
අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් විශිෂ්ට කාර්යයක් (නි)
පුත්තලම, විල්පත්තුව, ත්‍රීමලේ අනවසර පකිස්තාන් ඉන්දියන් සහ බංගලාදේශකාරයෝ පිරිලා. ඉක්මනින් මේකට පිළිතුරක් සොයන්න (නි)
එට්කා ආවොත් ලංකාවේ කොල්ලන්ගේ වකුගඩු ටිකත් ඉවරයි වගේ (නි)