IMG-LOGO

පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සකස් කර දීමට අසමත් වීම නිසා බව ජනාධිපති අනුර දිසානායක මහතා අනුරාධපුරයේ දී පැවසීය.

ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මෙවැනි ගැටලු මගහරවා ගැනීමට බවද ජනාධිපතිවරයා කීය.

"අපේ රටේ කෘමිනාශක සහ වල්නාශක මාෆියාවක් තිබෙනවා. මෙම සමාගම් විශාල ලාභයක් ලබනවා. ඒ නිසා සිපෙට්කෝ ආයතනය යළි කෘමි නාශක සහ වල් නාශක වෙළෙඳපොළට තරඟකාරී ලෙස මැදිහත් වෙනවා. දැනුත් කෘමිනාශක කිහිපයක් සහ වල්නාශක කිහිපයක් වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශක වල මිල සියයට පනහකින්වත් අඩු කිරීමට අපි සැලසුම් හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

ජාතික ජන බලවේගයේ පලාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා අනුරාධපුරයේ පැවැති ජන රැළියේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි

යෝගා Saturday, 26 April 2025 04:36 PM

ඒ කියන්නේ කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත ෆේල්. රාජ්‍ය සේවකයින්ට බැනලා වැඩක් නෑ, ඒ අයට මග පෙන්වන ඇමැතිට වැඩ බැරි නම්. වල්නාශක මිල අඩුකරන කතාව නම් අමු කෙප්පයක්...!

:       17       28

අයෝගාSaturday, 26 April 2025 05:52 PM

ඇමැති නෙවෙයි, ඔහෙලාගේ කාලේ පත්වීම් දුන්නු ඇමැති හෙංචයි රාජ්‍ය සේවකයින් කකුලෙන් අදිනවා...

:       15       15

suran Saturday, 26 April 2025 04:53 PM

තවත් මේ පචෝරිස්ගේ ගල් පැලෙන බොරු වලට රැවටෙන අය ඉන්නවා නම් බත් කන අය වෙන්න බැහැ .

:       20       27

Kotaa Sunday, 27 April 2025 12:07 AM

ඉතා කෙටි කාලයකින් මේකත් අපි ලබාදෙනවා.

:       0       0

prasanna Sunday, 27 April 2025 11:23 AM

ඕකටත් මොනවා හරි පචයක් කියාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 695 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site