(සුජිත් හේවාජුලිගේ )
අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.
එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 21 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අදාල පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණකාධිපතිවරයා දැනුම්දී ඇත.
විගණකාධිපතිවරයා මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමිනි.
ජීවානුහරණය නොකළ සහ මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායනික වර්ගයක් නොමැති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබු බව විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.
මේ පොහොර රටට ඇතුළුවූයේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම් සහිත බෝග වර්ග වලට දැඩි බලපෑමක් එල්ල වීමට හැකිව තිබිණැයි සඳහන් කරන විගණන වාර්තාව 2021- 22 කාලසීමාවේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා නොදීමෙන් පාඩුවක් කර ඇතැයිද ප්‍රකාශ කරයි.
නොසැපයූ පොහොර වෙනුවෙන් එලෙස ගෙවූ මුළු මුදලම පාඩුවී ඇතැයිද විගණකාධිපතිවරයා සඳහන් කරයි.
තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්,ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත.
චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරුණු ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබූ බවත් එම නිර්දේශිත පොහොර තොගයෙන් සියයට හැටක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින්ද සියයට හතළිහක් සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින්ද මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 අගෝස්තු මස 5 වැනි දින FO /61/2021 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.
එම සංදේශය සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවද එහි සඳහන් වේ.
මෙම අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණේ 2021 සැප්තැම්බර් මස 23 වැනිදාය. ජීවානුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් මතභේදාත්මක තත්වයක් නිර්මාණයවූ අතර පොහොර තොගය රට තුළට ගෙන ඒමට මේ අනුව අවසර නොදෙන ලදී.
මෙම මතභේදාත්මක තත්වය විසඳීමට නීතිපතිවරයා පවා පසුව මැදිහත්විය.
මාස ගනණාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබූ මෙම චීන නෞකාව අදාල මුදල ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හොර තක්කඩි නිලධාරිත් එක්කම හොර ඇමතියත් (ශෂින්ද්‍ර රාජපක්ෂ) හවුල් ඌටත් ගෙවන්න සෙට්කරන්න ඕන.
අගය කල යුතු තීරණයක්, පොලිසිය සහ රජය මෙය ක්‍රියාත්මක කරනකම් පුරවැසියන් බලාගෙන ඉන්නවා. responsibility සහ accountability ස්ථාපනය කල යුතුමයි මෙම අර්බුදයෙන් මිදීමට නම්
මෙම අසූචි නැවට ගෙවන ලද මුදලිනුත් කොමිස් ගත්ත ඇමතිවරැ දෙදෙනාට එරෙහිව වහාම නඩු දමන්න.
මේ් රටේ් සියලුම උසස් නිලධාරීන් බබාලා. නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලාගෙන, රටේ මිනිස්සුන්ගෙන් පඩි කකාා පිටරටවල කොමිස් කකා තමන්ගෙ දරු මල්ලනව රජ කරන්න අනුනගේ පානෙන් එළිය බලන රජ්‍ය ආයතන බහිරවයෝ.. තමන්ට වැඩක් නැත්නම් ඇමති , ජනාධිපති කොච්චර ජනබලයෙන් ආවත් මේ බහිරවයොන්ට දොලපිදේනි නැත්නම් මෙයාලා වෘතීය සමිති හයර් කරගෙන පාරෙ..
කවදාවත් ක්‍රියාත්මක නොවෙන නිර්දේශ දෙක්ක්.. ඔය නිලධාරීන්ගෙන් සත පනහක්වත් අයකලොත් මේක ලංකාව නෙවෙයි. මේ තීන්දුව තුලින් චීන සමාගමට අපකීර්තියක් උනා කියල උන්ට තව වන්දියක් ගෙවන්න වෙයි... නිලධාරීන්ට උසස්වීම් හෝ තානපතිකම් වගේ වෙනත් ඉහල රැකියා ලැබෙයි.. ඒ පෝරවල බැක්ටීරියා තියනව කියල කියපු අයට සහ ඔය වාර්ථාව හදපු අය හිරේ යයි.. ඔන්න ඕකයි මේ පුන්‍ය භුමියෙ සිද්ධවෙන යතාර්ථය...
නෑ නෑ ඒ කෝටි ගණන අපි වෙනුවෙන් ශශීන්ද්‍ර ගෙවනවා කියලා කිව්වා !
ඔය මුදල කවදාවත් ඔය නිලධාරීන්ට ගෙවන්න වෙන්නේ නෑ. මොකද අපිත් මෙච්චරකල් හිටියේ ලංකාවෙනේ. හෙට අනිද්දා ඔය නිලධාරීන් නිදොස් කොට නිදහස්. පොහොරවල බැක්ටීරියා තියෙනවා කියපු අය හිරේ යයි. අපි නොදන්න ශ්‍රී ලංකාව...
එතකොට හිටපු ජනාධිපති සහ වියත් මගේ සෙට්එකට මොකද වෙන්නේ? නිලධාරින් විතරක්ද මේකට හවුල්...?
රජය වෙනුවෙන් වන ඕනෑම වියදමක් ගෙවීමට කවදත් ජනතාව සූදානම්...!
ඕක ජනතාව ගෙවලා ඉවරයි... දැන් මොනවා කරන්නද? ඩොලර් වලින් ගෙවපුවා රුපියල් වලින් අය කරලා මොනවා කරන්නද?
කවදාවත් ක්‍රියාත්මක නොවෙන නිර්දේශ දෙකක්... ඔය නිලධාරින්ගෙන් සත පනහක්වත් අයකළොත් මේක ලංකාව නෙවෙයි...!