( ප්‍රියානි මංගලිකා )
කොටවෙහෙර ප්‍රදේශයේ දී ග්‍රාම නිලධාරීනියකගෙන් සහ සුළු මවගෙන් පහර කෑමට ලක්ව රෝහල් ගතව සිටි බාල වයස් දැරිය අද (13) නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දැරිය රාගම ඉසුරු පියස ළමා නිවාසයේ රඳවා තබන ලෙස නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් නඳුන් ඉන්ද්‍රජිත් බංඩාර මහතා නියෝග කළේය.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් යටතේ දින 10ක් පමණ ප්‍රතිකාර ලැබු දැරිය ,වෛද්‍ය මණ්ඩලයේ නියමය අනුව පරිවාස නිලධාරීන් යටතේ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි .
දහතුන් වියැති දැරියට අමාණුශික ලෙස පහර දුන් බව කියන සැකකාරියන් දෙදෙනාද දැරියගේ පියාද මේවන විට නිකවැරටිය අධිකරනය මගින් රිමාන්ඩ් බාරයට පත්කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කල කොටවෙහෙර පොලීසිය නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම් දෙන්න......................... විශේෂයෙන් පියාට.
ඇයි ඉතින් මේ දැරිය ඇගේ මවට භාර නොදෙන්නේ ? පරිවාස නිලධාරියා කුඩම්මා කෙනෙක් ගෙනා පියා ට දැරිය භාර දුන්නේ කවර පදනමකින්ද කියලත් විමර්ශනය කල යුතුයි. මොකද එම නිලධාරියාගේ ඒ ක්‍රියාව නිසා තමයි දැරිය මෙතරම් අනාරක්ෂිත තත්වයකට පත් වුනේ .