(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ගෑන්ඩ්පාස් ස්ටේට් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගැනීමට පොලිස් නිලධාරීන්ට පිහියක් අමෝරා ආ සැකකරු රැගෙන යාමට උත්සාහ කළ පුද්ගයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයා බව පොලිසිය කියයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක ජීවන්ත නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් කීප දෙනෙකු ලද තොරතුරක් අනුව එම නිවස වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සැකකරු පොලිස් නිලධාරීන්ට ප්‍රතිවිරෝධය පාමින් රාජකාරියට බාධා කර කර පලායාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී සැකකරුගේ සහෝදරයා වන සැකකරු පිහියක් රැගෙන එම ස්ථානයට පැමිණ උප පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජනය කර අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන යාමට උත්සාහ දැරූ බව පොලිසිය සඳහන් කරයි.