කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වන අද දිනය (19 වැනිදා) නිමාවන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටුවන ලද නව තරග වාර්තා සංඛ්‍යාව 18 කි. පළමු දිනයේ නව වාර්තා 9 ක් පිහිටුවන ලද අතර දෙවැනි දිනයේ තවත් නව වාර්තා 9 ක් පිහිටුවන ලදී.
මේ වන විට වාර්තාවී තිබෙන පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා ගණන 5 ක් වන අතර ඉන් 2 ක් වාර්තාවී තිබෙන්නේ අද දිනයේය.
පාසල් කී‍්‍රඩකයන් 1612 ක් සහ කී‍්‍රඩිකාවන් 978 ක් සහභාගීවන මෙම තරගාවලිය ලබන සිකුරාදා (21 වැනිදා) දක්වා පැවැත්වේ.
දෙවැනි දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා
15 න් පහළ (බාලිකා) මීටර් 100 (සමනළ ආර)
හිරුනි ද සිල්වා (උසස් බාලිකා විදුහල) - වි. 1 : 11 . 60
15 න් පහළ (බාලක) මීටර් 100 (පසුපස ආර)
ඉමේෂ් චතුරංග (ඞී. එස්. සේනානායක විදුහල) - වි. 01 : 04 . 82
19 න් පහළ (බාලක) මීටර් 100 (පසුපස ආර)
ශෙහාන් කෞෂල්‍ය (කොළඹ රාජකීය විදුහල) - වි. 01 : 03 . 06
15 න් පහළ (බාලිකා) මීටර් 100 (නිදහස් ආර)
කිමිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි 01 : 03 . 89
17 න් පහළ (බාලිකා) මීටර් 100 (නිදහස් ආර)
මිචිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි 01 : 03 . 34
අමන්දා ජයසේකර - වි 01 : 03 . 55*
19 න් පහළ (බාලිකා) මීටර් 100 (නිදහස් ආර)
ඉශානි එරන්දිකා (සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල) - වි 01 : 03 . 59
19 න් පහළ (බාලක) මීටර් 100 (නිදහස් ආර)
කනිත මුණසිංහ (කොළඹ රාජකීය විදුහල) - තත් 55 . 68
15 න් පහළ (බාලිකා) මීටර් 200 (කේවල මිශ‍්‍ර)
හිරුනි ද සිල්වා (උසස් බාලිකා විදුහල) - වි. 02 : 42 . 15
19 න් පහළ (බාලක) මීටර් 200 ( කේවල මිශ‍්‍ර)
ශෙහාන් ද සිල්වා (මහනුවර ති‍්‍රත්ව විදුහල) - වි. 02 : 24 . 30
මලිංක ජයසේකර (කොළඹ ආන්නද විදුහල) - වි. 02 : 25 . 88*
* පැරණි වාර්තා අභිබවායාම්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd