මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ 21 වැනිදා සවස 6ට පමණ වෙඩි පුහුණුවක නිරතව සිටි සෙබළකුගේ අවියකින් නිකුත් වූ ටී56 උණ්ඩයක් වැදී මාදුරුඔය ධීවර ගම්මානයේ දැරියක් (12) තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
උණ්ඩය දැියගේ උදරය පසාරු කරගෙන ගොස් ඇති අතර සැත්කමකින් එම උණ්ඩය ඉවත් කැරිණි.
සෙබළු 60 දෙනෙක් පමණ මෙම වෙඩි පුහුණුවීම්වල නිරතව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ළමයකුගේ උදරයක් ඉලක්කය වුණ එක හරිම භායානකයි තව අඩියක් දෙකක් ඉහළට වැදුනානම් ??? (ම)
මේවගේ පුහුණුවීම් වලදී ලෝකේ ..සෑම රටක්ම තෝරාගන්නේ ජනතාවට හානියක් නොවන ,ජනතාව නොගැවසෙන ස්ථානයක් .. ඒ වගේ පුහුණු වීම් වලදී ජනතාවට දැනුම් දෙනවා ඒ ඒරියා එකේ ගැවසීමෙන් වලකින ලෙසට ..?අපේ රටවල අඩු ගානේ ..අනතුරු වෙන්න ඇති ස්ථානයකවත් ඒ සම්බන්ධව මහජනයාට දැනගන්න සලස්වන්නේ නැහැනේ..ඒ ඉතින් ලෝකේ උතුම් රට නිසාවෙනි ...? (බ)
පුහුණුවට භාවිතා කරන්නේ පුස් උණ්ඩ නොවේද? (නි)
උතුරේ වුණා නම් ඒකම ඇති විග්නේශ්වරන්ලාට අපේ හමුදාවට එරෙහිව පියවර ගන්න (නි)
පුස් උන්ඩ වලින් වෙඩි තියලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වෙන්න බැහැ වෙදගේ.(හේ)
රටේ අඩුපාඩු ගොඩක් තියෙනවා තමා රූපවති. අපි හිතලා බලමුද අපි විවේචනය කරන්න ගතකරපු කාලය සහ රට වෙනුවෙන් වැඩක් කරන්න ගත කරපු කාල වලින් වැඩි මොකක්ද කියලා. අපේ දුප්පත්කමට හේතුව එතන තියෙනවා (නි)
අනේ මන්ද. ජීව උණ්ඩ වලින් පුහුණු වෙනවා. සමහර විට ඉලක්කෙට වෙඩි තියනවා වෙන්න ඇති . එත් පොඩි ළමයෙක් කොහෙන්ද එතන (හේ)
දරුවාට ඉක්මන් සුවය පතමි. (බ)
වටේටම බෝඩ් ගහලා විතරක් නෙවේ කට්ටියව දැනුවත් කරලයි ඔය වගේ පුහුණු පවත්වන්නේ සිවිල් මිනිස්සුන්ට ඇතුල් වෙන්න තහනම් තැන වලට යන්න එපා කියන්නේ එකයි. දැන් කට්ටිය කියයිද දන්නේ නෑ හමුදා පුහුණුවීම් නවත්තන්න කියලා.(හේ)