
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබිණි.
සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇත.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ස්වාමියා වෙනුවෙන් මෙහෙම කැපවීම් කරන කෙනෙක් දැක්කාමයි.
පොදුජන පෙරමුණේ නායකයා රටම හොරාකාලා විනාශ කරපු කෙනෙක්. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කපටි කයිරාටික කම්වලින්, බල තණ්හාවෙන් නම් උත්තරීතර වෙලා ඉන්නේ...!
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ...?
හිරේ යන්න අකැමැති නිසා සහය දෙන්න කැමැති වෙයි...
ඔය කවුරු ගිවිසුම් ගැහුවත් රටවැසියන් තීරණය කරලා ඉවරයි. ඔබලාට ඡන්දෙ නොදෙන්න !!! නුඹලා හොරු, මිනීමරුවෝ...
ලැජ්ජා නැතිකම මහ මුදළි කමටත් වඩා ලොකුයි කියන්නේ ඔය නිසා තමයි. බැසිල් පළාත් පාලන ආයතන වලින් 90% සහ පළාත් සභා හා පාර්ලිමේන්තුවේ 70% ක් ඉල්ලද්දී මොකටද ඔය හොරු ළඟට යන්නේ සාගත ලොක්කා. ඇත්තටම ලැජ්ජාවක් කියලා එකක් නැද්ද?
එදා සිට දේශපානය කරන මේ සියලු දෙනා ම වීර්ය කරන්නේ රටේ ජනතාව සැපවත්ව තැබීමට යි. තරුණ කාලයේ සිට වල පයයි ගොඩ පයයි වෙනකම්මත් දේශපාලනය කළේ ඒ බව කියමින්.. ජනතාවට හොඳ ජීවන තත්වයක් සැපවත් ජීවිතයක් ළඟා කර දීමටයි ඒ අය වීර්යය කළේ. කවදාවත් හොරකමක්, වංචාවක් කරන්නේ නැතිව තමන්ගේ අතින් වියදම් කරගෙන ජනතාවට කැපවීම පුදුමයක්...! සමහර දේශපාලනයෙහි හිටිය අයත් එහෙම කර පරලෝකප්ප්‍රාප්ත වුණා.. තවම ඒ දෙපිරිසම රටේ සිටිනවා. දේශපාලනය කරවන අය සහ ජනතාව; පුදුමය නම් තවම ත් දේශපාලන නායකයෝ කොතරම් කැප වුනත් ජනතාව සුඛිත මුදත නැති වීම ය. ඒ වුණාට සක්‍රීයව වරප්‍රසාද ලබමින් දේශපාලනය හොබවන අය සැපතින් සරුව ධන භාග්‍ය සහිතව සිටිත්. ජනතාව “හෙට හොඳ වේවි.. හෙට හොඳ වේවි.. අපටත් හොඳ කලක් කවදා හරි ලැබේවි යයි සිතමින් දුකින් ශෝකයෙන් සිටිත්. ජනතාවට හොඳ වීමට නම් ප්‍රෝඩාතන්ත්‍රවාදය නැති වී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ දවසක රටේ ජනතාවටත් හොඳ කලක් යාවි.. ඒ බව ජනතාව දැන ගන්නවාට ප්‍රජාතත්ත්‍රවාදය කැමැති නැත. ප්‍රෝඩාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගැනීම පහසු නැත. හේතුව ජනතාව ආර්ථික දරිද්‍රතාවයෙහි ගිලී, දැනුමින් සන්නද්ධ වීමේ මඟ ඇහිරීමයි...
රටට වැඩිය තමුන්ගේ පැවැත්ම සහ බලය ගැන හිතන දුශිත දේසපාලුවෝ ගැන කවර කතාද ?