
(අංජුල මහික වීරරත්න)
පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවෙි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් බවද අමාත්‍යවරයා කීය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්ෂයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සෑම විටම පැවසූ බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය .
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වූහ.
COMMENTS
ඉතිං ඔච්චරටම අමාරුවෙන් හදපු පක්ෂය ගැනයි පාක්ෂිකයෝ ගැනයි අමාරුයි නම් කරන්න තිබ්බේ ඒ පක්ෂයේම ඉදලා සටන් කරලා සූදුසු කෙනෙක් දාන එකනේ. කියන්නේ රට පෙරට. ඒ වුණාට බඩ පෙරට.අවස්ථාවාදී කොයි පක්ෂයේ වුණත් මේ වගේ උන් පරදවන්න ඕනැ.
ඔව් ඒක සල්ලි කාරයෝ හදන්නත් කප්පං කාරයෝ හදන්නත් තියෙන එකක්, මේක දේශපාලන විකෘතියක්
අනේ බන් උඹලා වගේ දෙපැත්ත කන අයත් එක්ක මොන දේශපාලනයක්ද?
දුකටද කියන්නෙ බයටද කියන්නේ? නායකත්වය දෙන එක, නායකත්වයේ වගකීම ලේසි නැහැ නේද? පවුල් වලට දොස් කිව්වට පරම්පරාවේ ශක්තියත් නායකත්වයට බලපානවා නේද? අඩු තරමේ ලංකාවෙවත් ? අවුරුදු 2500 රාජ වංශේ බලපෑම වෙන්නත් පුළුවන්.
පක්ෂයේ නායකත්වයට පෙර,තනියම රනිල්ට සහයෝගය දෙන්න තීරණය කල හැල කිඹුලා ....යම්තමට O/L පාස් වෙලා ..මුන්ට අනාගතයේ 0 වයි ..
පොහොට්ටුව කියන්නේ රනිල්ට ගොට්ට අල්ලන්න හදපු පක්ෂයකුත් නෙමෙයි....මුන්ට ලැජ්ජාවක් නැති වුන්ට ඡන්ද දායකයන්ට ඇත්තම ගෞරවයක් තියනවා
අනේ ඔව් මහින්ද මහත්තියා පොහොට්ටුව හැදුවේ කප්පම්කාරයන්ට, මාල හොරුන්ට, හොරෙන් පස් කපන ගස් කපන වැලි හාරන එවුන්ට බල්ටි ගහන්නයි
අපේ පොහොට්ටුවට ජය වේවා
පොහොට්ටු පක්ෂයෙන් හැදුවේ මේ රටට කප්පම් කාරයෝ ,කුඩු කාරයෝ ,කොමිස් කාරයෝ ,ටැක්ස් හොරු ,කසිප්පු කාරයෝ ,බාර් කාරයෝ ,රත්තරන් හොරු , මාල කඩන හොරු සහ ලෝක හොරු පිරිසක්
පොහොට්ටුව කියන්නේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන් එකතුවෙලා හදාගත්තු ,දූෂිත දේසපාලුවෝ කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු පක්ෂය ක්?
දැන්වත් ගම්පහ ජනතාව මේ වගේ අපතයින් පාර්ලිමේන්තු එවලා කාලකණ්ණි වෙන්නේ නැතිව ඉන්න වගබලා ගන්න.
බොල කියන කියන පැත්තට හැරෙන්න අද ඉන්න ඡන්ද දායකය සුදානම් නැතිබව හිතට ගනින් , මල ඉලවු පොහොට්ටුව නැති වුනාට ඡන්දෙ දෙන්න ඕනේ තරම් විකල්ප තිබෙනවා
අන්න ඇත්තම කිව්වා. ඒක එහෙම හදපු පක්ෂයක් නෙවෙයි. ඒක කම්බ හොරැන්ට රට කන්න හදපු එකක්.
පොහොට්ටුව කියන්නේ රට නන්නත්තාර කරපු පක්ෂයනේ