(මුදිතා දයානන්ද)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද උදෑසන අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘ කරුණා අම්මාන්ගේ‘ පක්ෂයත් එක්වී සිටී. කලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, පසුව නීත්‍යානුකූල දේශපාලනය තෝරා ගත්තේය.
දෙමළ ජාතික නිදහස් පෙරමුණු පක්ෂයේ නායකයා වන්නේ විනයාගමූර්ති මුරලිදරන් මහතාය.
කොළඹ විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී අද පෙරවරුවේ පැවැති මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයෝ එක්ව සිටියහ. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙන්ම ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් - සලවර්නාදන් දුෂ්‍යන්තන් මහතාත් මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් - මුබාරක් අබ්දුල් මජීඩ් මහතාත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ පක්ෂ සහ එම පක්ෂ නියෝජිතයෝ පහත දැක්වේ.
- දෙමළ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් - විනයාගමූර්ති මුරලිදරන්
- මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් - හේමකුමාර නානායක්කාර
- ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් - එස්. සතාසිවම්
- ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් - සලවර්නාදන් දුෂ්‍යන්තන්
- මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් - මුබාරක් අබ්දුල් මජීඩ්
- ලිබරල් පක්ෂය වෙනුවෙන් - කමල් නිශ්ශංක
- නව සිහල උරුමය වෙනුවෙන් - සරත් මනමේන්ද්‍ර
- ප්රජාතන්ත්රවාදී ජාතික පක්ෂය වෙනුවෙන් - අරුණ ද සොයිසා
- එක්සත් ලංකා මහා සභාව පක්ෂය වෙනුවෙන් - ජයන්ත කුලසිංහ
- භූමි පුත්‍ර පක්ෂය වෙනුවෙන් - සරත් විජේරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණා හිටියෙත් ඒකෙමනේ... වෙනසකට තියෙන්නේ හේමකුමාර එකතුවීමනේ. පක්ෂ එකතුවුණා කියනවට වඩා හොඳයි, දහදෙනෙක් පොහොට්ටුවට එකතුවුණා කිව්වා නම්...
"කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම ඕනේ". "කටුවක් ගන්න කටුවක් ඕනේ". "දෙමල බලය බිඳින්න දෙමළෙක් ඕනේ". මෙය නොදන්නා මැට්ටෝ මොහුට විරුද්ධව ලියාවි. වැඩේට සුදුස්සා තේරීමට රාජපකෂලා දක්ෂයි. ඒ නිසයි සරත් ෆොන්සේකා හමුදාපති වුනේ...
ඔය පක්ෂ සේරම මොන්ටසෝරි පක්ෂවල්... මේ මොහොතේ කරුණා වෙන කවුරුත් එක්ක එකතු වුණත්, මේ පොහොට්ටුවම කියාවි ඔන්න රට බෙදන්න ගිවිසුම් ගහනවා බව කියාවි. මේ ගොල්ලෝ ගිවිසුම් ගහනකොට හොඳයි. අනුන් ගහන විට වැරදියි.
වෙරි ගුඩ්...
ඔහේ පලයන් කිව්වලු. මේ පක්ෂ ගැන කලින් අහලා තියෙන අය ඉන්නවා නම් කරුණාකර අත උස්සන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිලගන්නේ නැතුව හරි හමන් ගමනක් නැතුවා වගේ...
අපේ සමහර ස්වාමීන් වහන්සේලාට දැන් කරුණා අම්මාන් දේශප්‍රේමියෙක් වේවි... දළදා මාලිගාවට ගැහුවට කමක් නැහැ කියාවි.. දේශපාලනය වෙනුවෙන් අද සමහරු මොනමොනවා උකස් තියනවද කියලා මතක් වෙනකොට.. අනේ මගේ රටට මොකද වෙන්නේ කියලා හිතෙනවා..
පක්ෂ 10 යි. ඡන්ද 10 යි...
කේ.පී. ත් සපෝට් ඒ දවස්වල ඉඳලාම...
ගොන් බමුනගේ තියරිය මුස්ලිම් අයට අැප්ලයි වෙනවට බමුණා විරුද්ධයි. කබරයා තලගොයා කරගන්න පොහොට්ටු බුවාලා. ලැජ්ජයි...!!!
තවමත් ප්‍රභා නලවන TNA එකට ආණ්ඩුවට සපෝට් කරන්න හොඳ නම්, UNP කාරයින්ට එකේ අපුලකුත් නැත්තන්, රට බෙදන අරමුණින් ඉවත් වූ කරුණා අම්මාන් පොහොට්ටුවට සපෝට් කරන එකට කාටවත් අවුල් වෙන්න දෙයක් නැහැනේ...
සුළු ජාතියට හිටු කියා පහර දෙන බමුණාට හිතිලා තිබෙන හැටි බලන්නකෝ... සිංහ වෙස් ගත්තට මොකද බඩගින්න ආවම තණකොළත් බුදින රඟ... අපි නම් දෙයක් කීවොත් කීවාමයි...
අමිල හරියටම හරි පක්ෂ 10 ඡන්ද 10...
බමුණා කියනවා "දෙමළ බලය බිඳින්න දෙමළෙක් ඕනේ" කියලා.. ඉතින් කරුණාව කොටින්ගෙන් වෙන්කරලා කැලෙන් එළියට ගත්තේ රනිල්නේ..
Bamunuarachchi තියරිය නියමයි ..කරුණා මිනිමැරීම සාධාරණ වෙන්නේ කොහොමද? මහින්ද මහතාට හා ඔහුගේ පවුලෙ අයට එක්වුණාම... හෙට සහරාන් වැනි මුස්ලිම් අන්තවාදීන් මෙතනට ආවත් ඕකම කියයි... ඔහු මැරුවේත් අපේ පවුලේ අයත් ඇතුළුව සාමාන්‍ය ජනතාවයි... එයාට නඩු අහලා එහෙමද ආණ්ඩුවේ ඇමතිකමත් දීලා සැපදුන්නේ.. දෙමළ ජනතාවට ආදරයටවත්, රටට ආදරයටවත් නෙමේ... බලයට ආදරය... සරත් ෆොන්සේකා යුද්ධය වෙනුවෙන් හමුදාපතිතුමන් හරි ඔහු වගකීම හරියට කළා. තෑග්ග තමා ජොන්ස්ටන්ගේ කටඋත්තරයක් අරගෙන එයා හිරේට දාලා.. විශ්‍රාම වැටුප පවා අහිමිකළා..
"කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම ඕනේ". බමුණෝ කරුණා කවද්ද දෙමළ ඈයෝ මැරුවේ? බෝට්ටුව පෙරලුණාම...
මෙතන ඔක්කොම වහල්ලු වගේ කෑ ගහගන්නවා එක එකාට... එ්ත් සත්‍ය තමයි, මෛත්‍රී, රනිල්, මහින්ද, අනුර කුමාර, විග්නේශ්වරන්, හකීම් ඇතුළු ඔක්කොම එවුන් එකයි. ඒ ඔක්කොම බොහෝ සමාදානයෙන් එකඑකාගේ ගෙවල්වල උත්සවවලට ගිහිල්ලා සතුටින් ඉන්නවා. අපේ අය ඔවුන්ගේ වහල්ලු වෙලා ගහගන්නවා...
සේනාරත්න මහතා පළමුව මේ උත්තරය දෙන්න. ඔබ රටේ දේශපාලකයෙක් නම් ඔබේ පවුලේ අයට, සහෝදරයාට, පුතාට, දුවට, දේශපාලනයට එන්න බැරිද? ඔවුන් පත්කරන්නේ ඔබද නැතිනම් රටේ ජනතාවද? එහෙමනම් ඔබට ඇති රුදාව මොකක්ද ? මහින්ද ජනාධිපති උනාම ගෝඨාභය ආරක්ෂක ලේකම් උනා. ගෝඨාභය ආරක්ෂක ලේකම් නොවී X කියන පුද්ගලයා පත් උනානම් ඔබ තිබෙන වෙනස මොකක්ද? ඔබට තිබෙන වෙනස ගෝඨාභය ආරක්ෂක ලේකම් වීම පමණයි නේද? එක ඔබේ පුද්ගලික කැමැත්ත මිස රට වෙනුවෙන් හිතන වෙනසක් නොවේ නේද? ඒ රාජපක්ෂට බාර දුන්න වැඩේ කෙරුනාද නොකෙරුනාද කියලා කතා කොරන්නේ නැහැනේද? කතා කොරන්නකෝ ගෝඨාභයට කලින් සිටි ආරක්ෂක ලේකම් හා ගෝඨාභය පසුව සිටි ආරක්ෂක ලේකම් ගැන. පිළිතුරු දුන්නොත් තව ලියන්නම්.
යකඩ නොවෙයි හලෝ අලවංගුවක් බැස්සුවත් මොකෝ මට මොකෝ රටට වැඩක් වෙනවානම්.