(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.
සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්ිචි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ) යන මහත්ම මහත්මීහූ පත්වූ බවත් විනය මණ්ඩලයටට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් කාර්යවසම් මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී අද (27) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම් කළ බව ද ඒ මහතා කීය.
එම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් පත්කළ බවත් පක්‍ෂයේ අභ්‍යන්තර ගැටමක් ඇතිවුවහොත් ඒවා විසදීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බවත් ඒ මහතා සඳහන් කළේය.
එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාට නැවතත් ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස විධායක කමිටුවේ දැඩි ඉල්ලීමක් තිබුණ ද එම තනතුර තරුණයෙක්ට දීම වඩාත් ඵලදායි යැයි පැවසීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා ඒකමතිකව ජාතික සංවිධායක ධුරයට පත්කළ බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු අය කිහිප දෙනෙක් නේ විනය කමිටුවට පත් කර තිබෙන්නේ .පොහොට්ටුවේ විනාශය ඇත ලඟයි
බේරුම්කාරයෙක් හැටියට පත්කල කෙනාට නේද කෝප්ප කමිටුවේ ප්‍රශ්නයක් ඇතිවුණා කියන්නෙ ඒකවත් බේරා ගන්න බැරි මිනිහෙක් කොහොමද පක්ෂයේ බේරුම්කාරයෙක් වෙන්නෙ කියලා හිතන්න අමාරුයි බාං
හැදියාවක් විනයක් නැති අවස්ථාවාදී කල්ලියකට විනය කමිටුවක් මොකටද ?
ඔය රට බංකොලොත් කරන්න වගකිවයුතු සෙට් එක ඉවත් කරන්න
විනයක් තියන පක්ෂයක්ද හොරුන්ගේ පොහොට්ටුව
අපෝ අහන්න එපා... වෙන නම් ගොඩක් තියෙනවා... ඔයාලාට ඕන දෙයක් කරගන්න... අපි මේ සැරේ ඡන්දෙ දෙන්නේ NPP එකට...
තවපාරක් 69 ලක්ෂය UNP එකට පාවාදීලා ඔක්කොම ගෙදර යන්න...
දේශීය වෛද්‍ය ඇමැති සිසිර ජයකොඩි න්‍යායාත්මක හා සායනික පුහුණුව රහිත පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙනවා.. ඔහුව විනය කමිටුවට කැඳවන්න. කැඳවන්නේ කොහොමද ඔක්කෝම හොරුනේ...!