
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහි වී ජනපතිට සහය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කොළඹ මලලසේකර මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ අද (22) රාත්‍රී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොහොට්ටු නායකයින් සහභාගී වී ඇත.
එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් ගොස් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් එම තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටය.ඒ පියවර සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 75කට ආසන්න පිරිසකගේ සහයද අදාල පොහොට්ටු ප්‍රබලයන්ට ලැබී ඇති බවද කියති.
දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කරගෙන අදාල දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
රහසේ හම්බවෙන තරමට ඇගපතට සුවදායකයි.
මෙයාලා කියන මිනිහාට මිනිස්සු ඡන්දේ දායිද?
ජීවිතයේ දිනවන්න බැරි චරිතයක්ව දිනවන්න උත්සසාහ කරලා, අවසානයේ ඔහුත් සමග මෙයාලා සේරම දේශපාලන අනාතයෝ බවට පත් වෙනවා. රනිල් ඒ ජා ප නායකත්වයට පත් වුනෙත් ගාමිණි දිසානායකගේ ඝාතනයෙන් පසුව. ඒ වගේම ජනාධිපති දුරයට පත් වුනේත් ගෞටාබය දුරය හැර දාල රටින් පැනල ගිය නිසා.
ඔය කොච්චර කොලත් එච්චරයි, පුවත් මවලා පෙන්නුවට වැඩක් නැහැ .
හැංගි හැංගී වෙස් මුහුණු බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියලා කතාවට කියනවා. ඒ නිසා පොහොට්ටුවෝ රහස් සාකච්ඡා කරලා තීන්දු ගත්තට ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ සමාජ හා දේශපාලන සංධානය තුලයි. එතකොට අපි බලාගමු.
මොනවා වුනත්, අරගලකාර ජවිපෙ සහ පෙරටු ත්‍රස්තවාදීන් ගෙන් ඔවුන්ගේ ජීවිත බේරා දුන්නේ රනිල් මහතා නිසා ඊට කළ ගුණ සලකන්න හිතනවා වෙන්නත් පුළුවන්.
පොහොට්ටුව හිතාගෙන ඉන්නවා නම් එයාලාට ඕන විදියට, කියන විදියට මිනිස්සු ඡන්දෙ දේවි කියලා.. එදාට තේරේවි තමුන්ට පාර්ලිමේන්තුව ට යන්න තිබුණු චාන්ස් එකක් නැති කරගෙන කියලා...
ඒ පාර රැවුලයි, කැඳයි දෙකම බේරගන්න ඇහැ වහලා ගේමක් දෙන්න යන්නේ...!
කවුරු ආවත් මේ පාර NPP විතරයි
හොරු රැලක් සහය දුන්නට වැඩක් නැ. ජනතාව අයෙත් රවට්ටන්න බෑ. පොහොට්ටුවත් UNP එකත් සජබෙත් දැන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි
තවම හරිහමන් එකෙක් පොහොට්ටුවෙන් හොයා ගන්ඩ බැරුව ඇති.ඉන්නේ ඔක්කොම පට්ට හොර දූෂිතයෝ ?