
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යාම උත්සන්න වීමට බලපා ඇතැයි කියති.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියහ.
මේ සම්බන්ධයෙන් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට ඒ අයට නිදහස ඇති බවයි.
කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස යැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.
COMMENTS
පරණ ගොනා වික්කා මහත්තයෝ. ඡන්දෙ ඉවර වෙනකල් ඒ පැත්තට ගිහින් සපෝර්ට් එකක් දීලා වරෙල්ලා කියලා කට්ටිය යවනවා. ඔය ඔක්කොමලා එකවල්ලේ පොල් කියලා අපි පහුගිය දවස්වල දැක්කනේ...? දැන් ඔය පරණ පොත්වලට රැවටිලා ඉවරයි..
පොහොට්ටුවේ ඉන්නේ හොර දූෂිතයෝ ..දෙදරල මදි.දේශපාලනයෙන් අතුගා දැමිය යුතුමයි .
රනිල් සූක්ෂම විදියට පොහොට්ටුව විනාශ කලා. දැන් පොහොට්ටුව , අලියා දෙගොල්ලම ආණ්ඩුව කරලා ඉවරයි ...
පොහොට්ටුව තමයි මේ රට මේ තත්වයට පත්කරේ
පොහොට්ටුවට ඔහොම වෙලා මදි. මොකද පොහොට්ටුවට ඡන්දය දුන්නේ එජාපයෙන් වැඩකරවා ගන්න නෙවෙයි. ඡන්ද දායකයින් ඔක්කොම අතරමං කළා. ඔයකියන තරම් රනිල් හොඳ නම් පොහොට්ටුවට ඡන්දය නොදී 2019 දිම රනිල්ට ඡන්දෙ දීලා රනිල් ජනාධිපති කරන්න තිබුණා..
මේ ඡන්දෙට බෙදිලා ඡන්දෙන් පස්සේ එකතුවෙමු කියලා බෙදන්නේ. කලබල වෙන්න එපා. පිල් දෙකක් නැතුව ඔට්ටු සෙල්ලම් කරන්න බැහැනේ...!