IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි



(සුජිත් හේවාජුලිගේ )

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව ලබන 29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා  ගත යුතුව ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැක්කේ එම එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බව එම පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවයි.

ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 ත්  අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (9)

පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි

Lakmal Sunday, 14 July 2024 11:08 PM

ජයග්‍රහණය කරයි මෙන්න කියලා...

:       1       5

chandima Sunday, 14 July 2024 11:23 PM

සති දෙකෙන් භීෂණයක් මවන්නම් කිව්වද? නැතිනම් මැතිවරණ කොමසාරිස්ට වැඩක් දෙන්නම් කියලා කිව්වද?

:       1       2

Rata Perata Monday, 15 July 2024 03:08 AM

රනිලුත් පරාදයි. පොහොට්ටුවත් ඉවරයි. ඔය ඔක්කොම හොරු.

:       3       23

ජගත් ලියනගේ Monday, 15 July 2024 09:23 AM

පොදු පෙරමුණේ අපේක්ෂකයා රනිල් තමයි .

:       0       19

fairoos Monday, 15 July 2024 11:26 AM

පොදුපෙරමුණට ඡන්දෙ දෙන්නේ ඉතින් බයියෝ විතරයි... රට නන්නත්තාර කරපු එක ජනතාවට අමතකයි කියලා හිතුවද?

:       1       8

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:38 AM

තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා...

:       2       10

anuranga Monday, 15 July 2024 12:08 PM

රට කෙරුවා ඇති, මේ කරපු වැඩ-එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි...

:       1       6

Roshan Tuesday, 16 July 2024 08:19 AM

මාලිමාවට ජයවේවා

:       0       1

VisalTuesday, 16 July 2024 08:46 PM

අනිවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site