
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතරින් වැඩිම අවධානය යොමුවී ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තවම හදිසියක් නැතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර තවත් හමුවක් පෙරේදා (9) පැවැත්වී ඇත.
එය ඔවුන් දෙදෙනා අතර පැවති හය වැනි සාකච්ඡාවයි.
එසේම ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩි යැයි පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම එහි නායකත්වයට පසුගිය සතියේ දී පෙන්වාදී ඇත. එය සත්‍යයක් බව බැසිල් රාජපක්ෂ මහතාද පිළිගෙන ඇතැයි දැනගන්නට ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික පෙරේරා ඊළඟ වතාවේ එනවා නම් මෙතෙක් කිසිවෙකු නොලැබූ වාර්තාගත මනාප සංඛ්‍යාවක් සමග ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි. මොකද ඔහුගේ ඩීපී එඩියුකේෂන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම එයට හේතුවක් වෙනවා. ඒ කාලේ වනවිට එම ව්‍යාපෘතියේ ප්‍රථිපල ලැබෙනවා. දැන්ම ඉදිරිපත් වුනොත් විෂ මිශ්‍ර කුණු ගොඩවල් ගෙනාවා කියලා ජනතාව අමතක නොකරාවි...!
ජනාධිපති වුණොත් කොහොම තියෙයිද? විස අපද්‍රව්‍ය නැව් පිටින් ගෙනෙයි ලංකාවට..., ඇහුවාම විදේශ විනිමය ගේනවා කියයි. කැසිනෝ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරලා ගනීවි. ඔය දෙක ඇරෙන්න රටට වෙන දෙයක් නම් හිතාගන්න අමාරුයි.
කවුරු ආවත් ජනතාවට ඇති එකම විකල්පය අනුර කුමාර...
කවුරු ආවත් හොම්බෙන් යන්න වෙන්නේ මේ සැරේ...!
පක්ෂ භේදයකින් තොරව බලද්දී ජනාධිපති තනතුර සඳහා දැනට ලංකාවේ සුදුසුකම් සහිත අය සිටින්නේ දෙදෙනෙක් පමණයි. දෙවැන්නා ධම්මික පෙරේරා වන අතර අනෙක් කෙනා රනිල් මැතිතුමා කියන්න පුළුවන් අනෙක් කිසිවෙකුට එතැනට එන්න බැහැ... ජනතාව මනාප දීලා ගත්තා වුණත් වැඩක් නැහැ. කොහොම හරි 2029 ජනාධිපතිවරණය සඳහා ධම්මික පෙරේරා ඉදිරිපත් වීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ... නාමල් නම් කිසිදාක ජනාධිපති තනතුර සඳහා සුදුස්සෙක් නොවෙයි...
විදේශ විනිම සංචිතේ බිලියන පහක් එකතුවෙලා තියෙනවලු. රුපියල් නෙවෙයි ඩොලර්වලින්. දින්නොත් ඔයාට දෙකහමාරයි. අපට දෙකහමාරයි. කැමැතිද අපේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට එන්න...?
වයිමාගේ පුතා සයිමා ආවත් පොහොට්ටු හැතිකරේ කම්මුතුයි, බොල කාරියවසමෝ මැදමූලන අගුපිලේ ධම්මිකට ඇපත් නෑ කියන්න...
සොරමුලේ නායකයා වෙන්න කිව්වද?
අපේ ගෙවල් ගාව බොහොම ධනවත්, උගත්, දේශපාලන තාත්තා කෙනෙක්ගේ පුතෙක් ඡන්දෙ ඉල්ලුවා. කිරිපිටි ආදී දේවල් ළග ගමක මිනිස්සුන්ට බෙදලා දුන්නා. මුලු ගමම වගේ එදා ඒ රැස්වීමට ගිහින් සියල්ල ගත්තා. ඡන්දෙ තිබුණා. කලින් දවසේ අල්ලපු ගමේ ඉදන් මේ ගමට කෑ ගගහා හුරේ දාගෙන පෙළ පාලියකුත් තිබුනා. ඡන්ද 76ක් වගේ තිබුනේ. එදා තමයි ඒ පුද්ගලයා තේරුම් ගත්තේ දේශපාලනය කියන්නේ කුමක්ද කියලා. ධම්මික කවුද කියලා කොටස් වෙළඳපළ ගැන දන්න ඕනෑම කෙනෙක් දන්නවා. රැළි හදන හැටි, රැළි නමන හැටි එතුමා හොඳටම දන්නවා. අයථා අයුරින් ධනවත් වීම වැළකීම නීතියේ මූලික සංකල්පයක්. ඒක නීතියක් නෙමෙයි. නීතියේ ඔප්පු කිරීමකින් තොරව පිළිගන්නා මූලික සංකල්පයක්. එතැනම මේ කපටි පුද්ගලයා අවලංගු වෙලා අවසන්. එනිසා, සභාවට විහිලු සපයන්නේ නැතිව, අවංක, අව්‍යාජ, එඩිතර, බුද්ධිමත්, උගත්, සමාජය පිළිගත්, නම්‍යශීලී උතුම් මනුෂ්‍යයෙකු ජනපති අපේක්ෂකත්යට පත් කරන්න. දිනන්න නම් මේ සැරේ ලැබෙන එකක් නෑ. සමහරවිට තව අවුරුදු විස්සකින් විතර ඒ කෙනා දිනාවි..
මට කණගාටු මෙයාට රතුපස්වල ප්‍රදේශයෙනුත් ඡන්ද ප්‍රමාණයක් නියත වශයෙන්ම ලැබීමට ඇති හැකියාව ගැනයි. ප්‍රභාකරන් සිංහලයාව නිවැරැදි ලෙස තක්සේරු කළා. ඕනෑම දෙයක් මතක තිබෙන්නේ සුමාන 2යි. මුස්ලිම් සහ දෙමළ මිනිස්සු තමාට හානි කළ එකාට පුද සත්කාර කරන්නේ නැහැ.
ශ්‍රී ලංකාව කුණුගොඩවල්වලින් සහ කැසිනෝවලින් ස්වයංපෝෂිතවේවි
තක්කඩි වැඩකරලා ව්‍යාපාරික ලෝකයේ උඩට ආපු පුද්ගලයෙක්, බයියන්ටම හොඳට ගැලපෙනවා...!
ධම්මික නිකන් මෝඩයෙක් වෙන්න යන්නේ... යන ට්‍රේන් එකට බෙල්ල තියන්න යන්නේ. මොකද පරාදවෙනවා කියලා දන්නවානේ... බැසිල් නම් ධම්මිකගෙන් හොඳට ගරාගනී...
මේ මනුස්සයා නිසා අපට වැසිකිළියට පිඟන් ගඩොල් ටිකක්වත් අල්ලගන්න බෑ. ජනාධිපති වුණොත් අපට ජීවත් වෙන්න ලැබෙන එකක් නෑ. හැම තැනින්ම සූරාකන්න පටන් ගනීවි.
කැසිනෝ වලින් පටන් අරන් අන්තිමට එංගලන්තයේ ඉස්පිරිතාලවල විසිකරන මිනිස් කොටස් සහිත කුණු ලංකාවට ගෙනාව, රතුපස්වල කරපු පරිසර විනාශයෙන් අවසානයේදී තරුණ ජීවිත ගාණක් බිලි ගත්තා.. මේ අයට ඡන්දෙ දීලා ජාතිජාතිත් සහගහන පවක් කරගන්න අපි නම් කැමැති නැහැ...
රටටම හූනියමක් !!! වරෙල්ලා ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල්වලට, කකුල් කඩනවා දැනගනිව්.
නායකයෝ තෝර තෝර බොරුවට කාලය නාස්ති කරන්න එපා. ජනතාව රටේ නායකයා තෝරලා ඉවරයි...
ඉස්සර ඇමට එල්ලුවේ කාරල්ලෝ හාල්මැස්සෝ.. එවගෙන් බැරිවෙද්දි කුම්බලාවෝ... මේ සැරේ මොරෙක් ඇමැට දාලා අල්ලන්න යන්නේ වගේ.. ඇමට මොකා දැම්මාත් බිලිපිත්ත අතේ තියෙන්නේ රනිල් රාජපක්ෂ අතේ
ගානක් හරියට පොරොන්දු වෙලා නේද වැඩේට බැස්සේ
අනුර කුමාරට පොහොට්ටු හැරගිය නාගරික ඡන්දය සීමිත ප්‍රමාණයක් තියෙනවා. ගම්වල නැහැ.. වතුජනතාව අනුරයියාට නැහැ. රනිල්ට පාවෙන ඡන්ද වැඩ... පොහොට්ටුව එජාප දමිළ මුස්ලිම් රනිල්ට...!
මේ කව්රුවත් දන්නේ නැහැ. DP Education කියන්නේ TAX වලින් බේරෙන්න ගහන ගේමක්.එයා මේ රටටවත් මිනිස්සුන්ටවත් ආදරේට කරන වැඩක් නෙමෙයි. එහෙම රටට ආදරයක් තියෙන කෙනෙක්නම් එංගලන්තේ කුණු ලංකාවට ගෙනල්ලා හම්බන්තොට වලදානවද..? යමක් තේරුම් ගන්න..
අනාථ උන බයියන්ගේ එකම බලාපොරොත්තුව ..රාජපක්ෂලාට ගොට්ට අල්ලල බේබිලව ඩුබායි යවල සැප දුන්න කුණු ධම්මික ..මේ තක්කඩියට වඩා හිටපු ගෝඨාත් බැසිලුත් හොඳයි කියන්න පුළුවන් තරම් කම්බ හොරෙක් මේ හාදයා.කොහොම කෙරුවත් මේ පාර උඩින්ම පරදින්න නියමිතයි.ඒක සල්ලි වලින් වෙනස් කරන්න බෑ කියල දැන්වත් තේරුම් ගන්න.
ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් හෝ වූ පමණින් රටක නායකත්වයට හෝ එවැනි අපේක්ෂකත්වයකට හෝ සුදුස නැහැ. පක්ෂ දේශපාලනයේ යෙදී පන්නරයක් තිබිය යුතුයි. නැතිනම් හිටපු ජනපති ගෝඨාභයට අත් වූ ඉරණම වැනි ඉරණමකට මුහුණ දෙන්න වේව්..
මොළහතාගේ හෙන්චයියෙක් රතුපස්වල වතුර ඉල්ලපු අයට බැසිල් ලවා වෙඩි තියන්ඩ හේතු උනෙත් මෙයා. .කව්රු ආවත් චන්දේ දෙන නොදෙන එක තියෙන්නේ ජනතාවගේ අතේ.