ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ පිහිටි පරීක්ෂණාගාරයකදී උපත ලද ගැට කිඹුල් පැටවුන් 18 දෙනකු ස්වභාවික පරිසරයට මුදා හැරීම මෙවර ශිෂ්‍යත්වයෙන් ශ්‍රී ලංකාවෙන් ම තුන්වැනියා වූ ෂෙනුක දුලංජන ආරියප්‍රේම සිසුවා අතින් සිදුකැරුණි.
ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වුවහොත් කිඹුල් පැටවකු ලබාදෙන ලෙස ඔහු මව්පියන්ගෙන් කලින් ඉල්ලීමක් කැර තිබිණි. ශ්‍රී ලංකාවේ කිඹුලන් දැඩි ආරක්ෂිත සත්ත්වයෙකි. ඇතිකිරීම, ඇල්ලීම හෝ වාසස්ථාන විනාශ කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ හේතුවෙන් ෂෙනුක ඉල්ලා ඇත්තේ ඉටු කළ නොහැකි ඉල්ලීමකි. මේ බව දැනගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිඹුල් පැටවුන් නිදහස් කිරීමේ අවස්ථාව ෂෙනුකට ලබාදුන්නේය.
පසුගිය අගෝස්තු මස 11 දා බේරුවල කළුවාමෝදර ගං ඉවුරේ තිබී හමුවූ කිඹුල් බිත්තර 32 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හියාරේ වනජීවී සංරක්ෂණ සංගමයට භාර දී තිබිණි. කිඹුලියක් ස්වභාවික පරිසරයේ කූඩුවක් තනා බිත්තර රක්නා ආකාරයෙන් මෙම බිත්තර වලට අවශ්‍ය පරිසර තත්ත්වයන් කෘතිමව ලබාදීමෙන් පසු ඉන් පැටවු 18 දෙනකු බිහිවූහ. පැටවු සියලුදෙනාම නිරෝගී සුවයෙන් සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය කොරහෙත් කිඹුල්ලු දකිනවා.මේ පැටවු ටික මේ පැටියට නොකියා බිත්තර ආරක්ෂා කරලා හියාරෙට ගෙනල්ලා උන්ව බෝකරපු අහිංසක හිත් ඇති නිලධාරීන්ට අවලාද නොකියා අහිංසක පොඩි එකාට බනින්නේ මොකද? (නි)
මට නම් හරි බයයි. ,මුන් ලොකු වුණහම කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද ???? (ස)
කිඹුලා අපේ පරිසරයට අත්‍යවශ්‍ය සතෙක්. මේ කිඹුල් පැටවූ ගංඟාවකට හෝ ලොකු ජලාසයකට මුදා හැරියා නම් හොඳයි. (ස)
මිනිස්සු වගේද? කිඹුලෝ හා හා දෙමුකෝ පුළුවන් උත්තර. (ස)
පාලකයන්ගේ කිඹුල් කදුළු දැකල මේ ඉල්ලීම කරන්න ඇති. (ස)
පුතේ! ඔයාට ජයෙන් ජය පතනවා. මට නම් හරි බයයි. දැන් රටේ හැමතැනම හරියට කිඹුල්ලු. (නි)
ගොඩක් හොඳ වැඩක් කරලා තියෙනවා. නමුත් මේ පැටවූ නිදහස් කරපු වයස ටිකක් අවදානම් වයසක්. මොකද ඔය වයසේදී අනික් විලොපිකයන්ගේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්. (දිල්)
මේ දරුවට කවදාහරි තමන් කළ දේ ගැන පසුතැවෙන්නවත් එවැනි දේ අහන්නවත් සිදු නොවේවා! (නි)
ඔයාගේ ඔය ප්‍රාර්ථනාව ඉටුවුණා වගේම අනෙක් ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා සුභ පතනවා. ඒ අහිංසක ඉල්ලීම ඉටු කළ දෙමාපියන්ටත් වන ජිවියේ නිහතමානි නිලධාරීන්ටත් ජයම වේවා! (නි)
කිබුල් ෆර්ම් එකක් ඇති කරලා මසුත් අරන් ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්නේ. කිබුල් ෆර්ම් බලන්න එන අයගෙන් ටිකට් සඳහා හොඳ මුදලකුත් අය කරන්න පුළුවන්නේ. (ස)
මේ සේවය අනුමත කරන්න බැහැ. ෂෙනුක දරුවාගේ දෙමාපියන් මීට වඩා ආදර්ශවත් දෙයක් ශෙනුකට ලබා දෙන්න තිබුනා. (නි)
මේකේ අදහස් දාපු වැඩි දෙනෙක් වන ජීවී සංරක්ෂණ භාරය කරමින් සිටින සද් ක්‍රියාවන් ගැන දැනුමක් නොමැති බව පෙනෙනවා. (ස)
අනේ පුතේ. උන් ලොකු වුණහම නම් අල්ලන්න යන්න එපා හොදේ (නි)
ඇති කළා වගේ නොවේ ,මුන් ලොකු වුණහම කොහේහරි ජලාශයකට මුදා හරින්න වෙනවා. (නි)
කිඹුලන්ව වන උද්‍යාන වල තියාගන්න, අැළ දොළ ගංගාවල මිනිහෙකුට ගැහැනියෙකුට ළමයෙකුට නාන්න පුළුවන් ද මේ කිඹුල්ලු නිසා? (නි)
එතකොට ලංකාවේ අනෙක් ළමුන්? (නි)
ළමයාගේ ඉල්ලීම සරල එකක්.මම නම් හිතන්නේ මේ ළමයා ඉල්ලලා තියෙන්නේ කිඹුලා බනිස් (වියන් රෝල්) එකක් (නි)
හරියට හරි මොහාන්, මේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනීම ගැන පුදුම හිතෙනවා. විකාර අදහස්නේ දාන්නේ. (නි)
හොද වැඩක් (නි)
මේ පුතාගේ ප්‍රසන්න සහ සංවර පෙනුමෙන්ම කියන්න පුළුවන් , එයා දියුණු මනසක් ඇති ළමයෙක් බව. දෙමව් පියන්ගෙන් ඉල්ලා සිටින්නේ, කිඹුල් සතුන්ගේන් නොව, මිනිස් කිම්බුලන්ගෙන් දරුවා ප්‍රවේශම් කර ගන්න. (නදී)
කිඹුලා කාපි නම් තමා වැඩේ.(නදී)
මිනිස්සුන්ට විතරක් මේ පරිසරය අයිති නැහැ. (නි)
ඔබ අනාගතයේදී පරිසර විද්‍යාඥයෙක් වේවා! (නි)
රූපා, ඔයාට අනාවැකි කියන්නත් පුලුවන්ද?පුදුම දක්ෂයෙක් නේ අනේ ඔයා. (ස)
මේවා අනුමත කරන්න බැරී දේවල් ළමන්ගේ ආසාවල් යථාර්තවාදී වෙන්න ඕනේ. කිඹුල බනිසක් නම් කමක් නැහැ .මේකෙන් කිඹුලෙක් ලොකු වෙලා ළමයෙක් කීවොත් මනුස්සයෙක් කීවොත් මොකද කරන්නේ. (ස)
ඔබගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා! (නි)
සුභ අනාගතයකට යන ගමනක ආරම්භය.ජය වේවා ! (නි)
පුතේ, මේ කිඹුල්ලු ලොකු වුණාට පස්සේ එහෙම උන්ව හුරතල් කරන්න යන්න එපා (නි)
"හපොයි මාළු"? (නි)
එදිරිසිංහ,මොකක්ද මේ වැඩේ තිබෙන වරද? දරුවාගේ ඉල්ලීමේ තිබෙන අපහසුතාව දරුවට පැහැදිලි කරලා, තරමක් හෝ ඊට ළං වූ අවස්ථාවක් දරුවට ලබා දීලා. නිකන්ම නිකන් තෑග්ගකට වඩා මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලබාදීම හොඳයි. (නි)
හැම ළමයෙක්ම කිඹුල්ලු මුදා හරින්න ගියොත් තමා වැඩේ. (ස)
චමත්, කුඩා දරුවන්ගේ ළමා මනස තේරුම් නොගැනීම සහ විහිළුවට ලක්කිරීම ගැන කණගාටුයි (නි)
ඉතා හොඳ ක්‍රියාවක්. වනජීවී නිලධාරීන් වගේම දෙමව්පියන්ද ඉතාමත් බුද්ධිමත් ලෙස දරුවාගේ අදහසට විකල්ප අවස්ථාවක් ලබා දී තිබෙනවා. කිඹුලන් අනතුරුදායක වන්නේ උන්ගේ වාසභූමි වෙත අපි ඇදී ගිය නිසයි. මේ සතුන් අපි සියලු දෙනාගේ සම්පත් බවත් ඒවා අපි රැක ගත යුතු බවත් මගේ හැගීමයි...!! (නි)
මේක අනුමත කරන්න බෑ. කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද මේකෙන්, අර අහිංසක අලි ටික පරිස්සම් කරන්න ක්‍රමයක් හදන්න. අඩුම ගානේ අලි නිසා සංචාරකයෝ එන, කිබුලෝ බලන්න එනවද. (ස)
මල්ලි, ඔයාට ජයෙන් ජය පතනවා. මට නම් හරි බයයි. දැන් රටේ හැමතැනම හරියට කිඹුල්ලු. (නි)
පරිසරයට කිඹුලන්ගෙන් විශාල යහපතක් සිදු වෙනවද? දකින අහන තරමක් තියෙන්නේ මිනිසුන්ව ගිල දැමු කිඹුලන් ගැනයි. (නි)