රුපියල් පහලොස් ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි තුනක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දියා ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ වයද අවුරුදු 21 කි. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 122 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
අත් අඩංගුවට ගත් රන් කැබලි වල බර ග්‍රෑම් 300 කි.
මේ පිළිබද රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිර ද සිල්වා මහතාගේ මෙහෙවීමෙන් රේගු අධිකාරී විජේකුලසුරිය, සහකාර රේගු අධිකාරීවරුන් වන අරුණ හේවාවිතාරණ, සහ එම්.ඩී.එස් අවන්ත යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවටිනා කොල්ලෙක්ගෙ වටිනා පස්සක්. (නදී)
අපි පස්ස පැත්ත බලන්න ස්කෑන් යන්ත්‍රයක් ගේමු (නදී)
මේ මිනිස්සු ශරීරයේ අවයව පවා මෙලෙස නීතිවිරෝධී කටයුතු වලට යොදාගන්නා හැටි? (නි)
මේ මිනිස්සු කොච්චර කිවුවත් හැදෙන්නේ නැති හැටි (නි)