කිලෝ තුනකට ආසන්න රන් කැබැලි 29ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මත්තලට ආ කටුගස්තොට හා කොළඹ දෙදෙනෙක් රන් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.රන්තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 145 කි.
හොර රන් තොගයක් මත්තලින් අල්ලාගත් මුල්ම අවස්ථාව මෙයයි.
මත්තල රේගු අධ්‍යක්ෂ කේ එම් ස්ටීවන් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම මෙම වැටලීමට හවුල් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් මළපහ වෙන, මළපහ රත්තරන් වෙන අබුද්දස්ස කාලයක්! (නි)
ඕකනේ කිව්වේ මත්තල ආශ්චර්යය තියෙනවා කියලා. (නි)
මේ අහු වුන කීවෙනි අයද? මෙහෙම දිගින් දිගටම ලංකාවේ මිනිස්සුන්ගේ පස්ස පැත්තෙන් රත්රන් මතු වුනොත් ජාත්‍යන්තරයෙන් කියාවි ලංකාවේ උදවියට මීට පස්සේ ගුවන් ගමන් යනකොට ඉනෙන් පහලට ඇඳුම් අදින්න එපා කියලා.(අ)
මම කලින් හිතාගෙන හිටියේ ශරීරයේ වටිනාම තැන මොළය හෝ හදවත කියලා (දිල්)
මෝඩ මිනිස්සු අහුවෙනවා කියලා දැන දැනත් එනවනේ.(හේ)
ඩුබායි වලදී මේ දෙන්නාගේ මළපහ රත්තරන් වෙලා වගේ. නැත්නම් මත්තලට එද්දී ගුවනේදී වුණ දෙයක්ද? කිලෝ 3 ක් ගුද මාර්ගය තුළ සඟවන්නට හැකිද? (නි)
දැන් මේක පුරුද්දකට ගිහින්නේ.(හේ)