කැස්සට දෙන පැණියක් සමඟ මානසික ලෙඩුනට දෙන වේදනා නාශකයක් මිශ්‍ර කැර මත් පැණියක් හදා අලෙවි කළ ආයුර්වේද වෛද්‍යවරයකු  බව කියන  මංජුල පද්ම කුමාර රත්නසිංහට රුපියල් ලක්ෂයක දඩයක් ද  වසර පහකට අත්හිටැවු තුන්මාසයක  සිර දඬුවමක් ද  මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා  විසින් නියෝග කැරිණි.

වැල්ලමිපිටියේ පදිංචි එම පුද්ගලයා කළ වරද හා ඊට දුන් දඬුවම ඇතුළත් අධිකරණ වාර්තාව ඔහුගේ වියදමින්  සිංහල,ඉංග්‍රීසි හා දෙමළ පුවත්පත්හි පළ කර එම වාර්තා පළ වු පුවත්පත් සැප්තැම්බර 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඔහුද එදින අධීකරණයේ පෙනී සිටිය යුතුය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ  පොලිස් පරීක්ෂක සීඒඑස් චම්මික මහතා සමග  විලවුන් හා ඖෂධ අධිකාරියේ  අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු විය.