IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ‍්‍රී ලංකාවට

ජර්මනියේදී පැවැති ලෝක කණ්ඩායම් මේසපන්දු තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (1 වැනිදා) සමත්විය. ශ‍්‍රී ලංකා මේසපන්දු ක‍්‍රීඩා ඉතිහාසයේ ලෝක තරගාවලියකදී මෙරට කණ්ඩායමක් අවසන් පුර්ව වටය දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික මේසපන්දු තරගාවලියකදී දැක් වු ඉහළම දස්කම ද මෙය වේ. පස්වැනි කාණ්ඩයේ අවසන් තරගයේදී මොන්ගෝලියාව හමුවේ තියුණු තරගයකින් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරග 3/2 ක් ලෙස පරාජය ලැබුහ. ටෝගෝ රාජ්‍යය පරදවා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ‍්‍රී ලංකා පිල එහිදී ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ පිල තරග 3/2 කින් පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ. ජාතික මේසපන්දු ශූරයා වන රොහාන් සිරිසේන, නිර්මල ජයසිංහ, දිනේෂ් දේශප‍්‍රිය ශ‍්‍රී ලංකා පිරිමි පිල නියෝජනය කළහ. මෙම දස්කමත් සමග ශ‍්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම ලෝක මේසපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ රටවල් 120 ක් අතරින් 98 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ශ‍්‍රී ලංකා කාන්තා පිල මෙම තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසෙමින් රටවල් 92 කින් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 67 වැනි ස්ථානය හිමි කර ගත්තේය. ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන සහ උමායා තාරුකී ශ‍්‍රී ලංකා කාන්තා පිලට ක‍්‍රීඩා කළහ. ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම



අදහස් (0)

පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ‍්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site