තරිඳු ජයවර්ධන
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට ලිංගික බලපෑම් කළැයි සැකපිට ලුණුගල පොලිසියේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකු වන පොලිස් පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා මේ වන විට මඩොල්සිම පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී අද අධිකරණයට භාර විය.
මෙම පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස පසුගිය මාර්තු 15 වැනි දා ලුණුගල පොලිස් ස්ථානාධිපතිවරයා සහකාර පොලිස් අධිකාරීවරයාට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් සහකාර පොලිස් අධිකාරීවරයා ඒ ගැන විර්මශන ආරම්භ කර තිබුණේ ඊට මාස දෙකකට පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd