යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ මැදවච්චිය පූනෑව අසලට එකවරම වල් අලි 20 ක පමණ රංචුවක් පැමිණි බව වැසියෝ කියති.
පූනෑව නාවික හමුදා කඳවුරට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් එක් වරම මතුවූ අලි රංචුව ඒ-9 මාර්ගය හරහා මාරු වීමට උත්සහයක දැරුවද අලි රංචුව කුලප්පු වී ඒ මේ අත දුවන්නට වූ අතර නැවත පැමිණි කැලෑව දෙසට ඇතුළු වුවද මෙම රංචුව රාත්‍රියේ හෝ පාර මාරුවන බව ප්‍රදේශවාසීහු කියා සිටියහ.
මෙහි ඇති අවදානම් තත්ත්වය වන්නේ පූනෑව පාසලේ ප්‍රාතමික පාසල් නව ගොඩනැගිල්ල වල් අලි රංචුව පැමිණි ස්ථානයට මීටර් 50ක්වත් නොමැති තරම් ආසන්නයේ අලිමංකඩ පිහිටා තිබීමයි.
ප්‍රෙද්ශ වාසීන් කියා සිටින්නේ මෙම ස්ථානය අලි මන්තලව්වක් බවටත් මීට පෙරද මෙම ස්ථානයෙන් අලි රංචු මාරු වී ඇති බවයි.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/011.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/021.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/051.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/061.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/081.jpg)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/091.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිමංකඩ = පාමංකඩ (ම)
හරි මනරම් දසුනක්. නමුත් අලි මෙහෙම ගම් වදින්නේ කකුල් දෙකේ මෝඩයෝ කරන දේවල් නිසා. අලින්ගේ වාසස්ථාන, ආහාර ලබාගන්නා ස්ථාන, ජලය ලබා ගන්න ස්ථාන විනාශ කිරීම නිසා අලින් මේවට ආදේශක සොයනවා. (ර)
හරි මනරම් දසුනක්. (ර)
මේ ලෝකය අයිති මිනිස්සුන්ට විතරක් නොවෙයි ...කියන එක අමතක කරපු දෙපාවාගේ මෝඩ වැඩනිසා...අලි මිනිස් ගැටුම ඇතිවෙලා තියෙන්නේ.(අ)
අනේ පව් ඒ සත්තු කන්න දෙයක් හොයාගෙන යනවා ඇත්තේ. (ර)
අනේ මේ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න. එයාලා හිමිහිට යයි (නි)